“ඔන්න තාත්තෙ අදත් අම්මට කේන්ති යන ලෙඩේ හැදිලා කියලා චූටි පුතා මං ළඟට
දුවගෙන එද්දි අපේක්ෂා ලොකු පුතාගේ පිට මැද්දට තඩිබාන සද්දෙ මට ඇහුණා. ඊට
පස්සෙත් එයා මොන මොනවදෝ කියලා පුතාට බණිද්දි පුතා අඬාගෙන ඇවිත් මගේ ඇඟේ
එල්ලුනා.
ඇත්තටම අපේක්ෂා එහෙම හිටපු කෙනෙක් නෙමේ. ඒ විදිහට තරහ ගන්නවත්, දරුවන්ට
අනවශ්‍ය විදිහට දඬුවම් කරන්නටත් එයා පෙළඹුණ කෙනෙක් නෙමේ. ඒත් දැන් මාස හතරක
පහක වෙලේ ඉඳලා හොඳට ඉන්න එයා එක්වරම අසීමාන්තික විදිහට තරහ අරගෙන කරන ඒ
වගේ දේවල් ගැන මම ලොකු අවධානයක හිටියේ. පස්සෙ තමයි මට තේරෙන්න පටන් ගත්තේ
අපේක්ෂාගෙ මේ කෝපකාරි හැසිරීම් එක්ක එයාගෙ මාසික ඔසප්වීමේ මොකක් හරි
සම්බන්ධයක් ඇති කියලා. මොකද අපේක්ෂා ඒ විදිහෙ ප්රකෝපකාරී හැසිරීම් එක්ක
කායික අපහසුතාද පෙන්වමින් අසහනකාරී හැසිරීමක් පළ කළේ මාසික ඔසප්වීම
ආසන්නයේදී.ඒ ආකාරයට ඇගේ ආවේගශීලී බව මාසික ඔසප්වීම පවතින දින කිහිපය පුරාම පැවැත එය නතර වූ සැණින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වන ආකාරයක් මම මේ සිව්මස පුරා නිරීක්ෂණය කළා. මෙම තත්ත්වයට කුමක් හෝ මානසික විපර්යාසයක් බලපානවාදෝයි මා තුළ වූ සැකය නිර්ණය කර ගැනීම සඳහායි මම ඇයව මනෝ වෛද්‍ය වරයෙකු වෙත රැගෙන ගියේ.
ඕනෑම කාන්තාවක් තුළ පැවැතිය හැකි මෙම මානසික රෝගී තත්ත්වය පූර්ව ආර්ථව සින්ඩේරාම් (Pre - menstrual syndrome) නමින් හැඳින්වේ. මෙය මානසික රෝගී තත්ත්වයක් වුවද ඊට කායික බලපෑමක්ද පවතී. ඒ අනුව මෙම තත්ත්වයේදී හට ගන්නා මානසික ගැටලු කායික ගැටලු හා සම්බන්ධ බව පැහැදිලිය. මල්වර වීමේ පටන් ආර්ථවහරණය තෙක් ඕනෑම කාල පරාසයක සිටින ඕනෑම කාන්තාවක් මෙම තත්ත්වයට පත්විය හැකිය. එහෙත් මෙම තත්ත්වයට ගොදුරු වන වැඩි පිරිස වයස අවුරුදු තිහට ආසන්නව සිටින කාන්තාවන් බව පර්යේෂණ තුළින් හඳුනාගෙන තිබේ. ආර්ථවය පවතින කාන්තාවන්ගෙන් 30 - 80 අතර ප්‍රමාණයක් මෙම පූර්ව ආර්ථව සින්ඩේරාම් තත්ත්වයෙන් පෙළුණද අපේක්ෂාමෙන් ඉන් බරපතළ ආකාරයෙන් පෙළෙන පිරිස ඇත්තේ 2 - 3 අතර ප්රමාණයකි.
මෙම තත්ත්වයට නිශ්චිත හේතුවක් මතෛක් හඳුනාගෙන නැති වුවත් ආර්ථවයට ආසන්න වීමත් සමග ඇතිවන හෝමෝන වෙනස්කම් මෙම තත්ත්වයට හේතු වෙතැයි සැක පළ කොට තිබේ. ආර්ථවයට ආසන්නවීමත් සමග ඊස්ට්‍රජන් හෝමෝනයේ ඉහළ යෑමත් ප්රොජෙටරෝන් සාන්ද්‍රණය පහළ බැසීමත් නිසා සිරුර තුළ හට ගන්නා හෝමෝන අසමතුලිත බව මෙන්ම ජානමය බලපෑමත් මෙම රෝගී තත්ත්වයට බොහෝ විට හේතු විය හැකියැයි සලකනු ලබයි.
මෙම තත්ත්වයන් සමග මාසික ඔසප්වීම ආසන්නයේදීත් ඔසප් වීම පවතින කාලය තුළත් අධික උදර වේදනාව පැවැතිය හැකිය. ආර්ථවය ආසන්නයේදී ප්රොස්ටර්ග්ලැන්ඩින් (Prostagiandin) හෝමෝනය වැඩිපුර නිපදවීම නිසා ගර්භාෂය හැකිලීම මෙම උදර වේදනාවට හේතු වේ. ඒත් සමග ඔක්කාරය, ක්ලාන්තගතිය, බඩ බුරුලට පිටවීම හෝ මලබද්ධය, හිසරදය, පියයුරු වේදනාව, බඩ පුරවා දැමීම, වළලුකර ඉදිමීමද හට ගන්නා අවස්ථා තිබේ.
ඊට අමතරව මානසික බලපෑමක් ආකාරයට විශාද රෝග ලක්ෂණද පිළිබිඹු කළ හැකිය. ඒ අනුව හේතුවක් නැතිව හට ගන්නා දුක, ඔසප් වීම වදයක් ආකාරයට දැනීම, සතුටු දෙයක් දෙස වුවද අසුබවාදීව බැලීම, අන් අය නුරුස්සන බව හා ඔවුන් සමග කතා කරන්නට ඇති අකමැත්ත, නිතර දහඩිය දැමීම. අධික නින්ද, අධික ආහාර රුචිය, හෘද ස්පන්දනය වැඩිවීම, මුව වියළීම වැනි අසාමාන්‍ය තත්ත්වයන්ද පැවැතිය හැකිය. එහෙත් මේ සියලු කායික මානසික අසාමාන්‍ය තාවයන් මාසික ඔසප්වීම නතර වීමත් සමග පහවී යෑම ස්වභාවයයි.
මෙම රෝගී තත්ත්වයන්ගෙන් සහනයක් ලබා දීමට වේදනා නාශක සහ වෙනත් ඖෂධ ප්රතිකාරද ලබාදීම සිදු කරයි. මෙම තත්ත්වයෙන් පෙළෙන අය තේ, කෝපි, චොකලට් වැනි ආහාර පානවලින් හැකි පමණ දුරස්වීම එම පීඩාවන් අඩුකරන්නට හේතු වන බව පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ. පූර්ව ආර්ථව සින්ඩේරාම් තත්ත්වයේ දරුණු ලක්ෂණ පෙන්නුම් කරන කාන්තාවන් හා එම තත්ත්වය දිගටම පවතින කාන්තාවන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමෙන් සම්පූර්ණ සුවයක් අත්පත් කරගත හැකි බව අවධාරණය කළ යුතුය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ රෝග වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
උත්පලා සුභාෂිනී ජයසේකර
සමහර කාන්තාවන්ට ඔසප් දිනවලට අධික ලෙස තරහ යන්නේ ඇයි?
Reviewed by CHAA MEDIA
on
January 22, 2019
Rating:
No comments: