Seo Services

ස්නායු ආබා­ධ­ය­කින් එක්තැන් වී සිටින හේෂානී දැරි­යට සර­ණක් වෙමුද

ලුණම සමූහ සනත් ගමගේ
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
පෙර පාසල් දිවිය පම­ණක් ගත කළ හේෂානි අප්සරා දැරිය ස්නායු රෝග­ය­කට ගොදුරු වීම නිසා අත් පා අප්‍රා­ණි­කව වී ඇඳට වී සිටි­න්නීය.හබ­න්තොට ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­සයේ මාන­ජ්ජාව ග්‍රාම නිල­ධාරී වසමේ ඉතා දුෂ්කර වූ කටුක ජීවි­ත­යක් ගත කර­මින් වඩු වැඩ කර­මින් සිය පවුල් ජීවි­තය ගෙන ගිය හේෂා­නීගේ පියාද දැනට මාස අටක පමණ කාල­යක සිට අත පය පණ නැතිව ඔත්පල වී සිටි,
පවුලේ සියලු බරත්, දිය­ණි­යගේ සහ ස්වාමි­පු­රු­ෂ­යාගේ ඇප උප­ස්ථා­නත් බෙහෙත් හේත් සඳහා විය­ද­මත්, වැඩි­ම­හල් දිය­ණි­යගේ අධ්‍යා­පන කට­යු­තුත් සියල්ල සිදු කිරීමේ වග­කීම පැවරී තිබෙන්නේ එච්.එම් නිරෝෂා වන මව­ටය. ඇයගේ දුක්බර වේදනා කථාව මෙසේ කීවාය.
අපේ පවුලේ දිය­ණි­යන් දෙදෙ­නෙක් සිටි­නවා. මගේ ස්වාමි­පු­රුෂා වඩු වැඩ කළේ. අපි හොඳින් සිටියා. වැඩි මහල් දිය­ණිය 10 වන වසරේ ඉග­න­ගන්නේ. බාල දිය­ණිය පෙර පාසල් ගියා. හොඳට පෙර පාසල් අධ්‍යා­ප­නය ලැබුවා. විවිධ ප්‍රසං­ග­යට පවා සිටියා. ඊට පස්සේ දරුවා පාස­ලට ඇතු­ළත් කරන්න තිබෙන අව­ස්ථාවේ දි දරු­වාගේ අත­පය පණ නැති වී ගියා. දරු­වාගේ ස්නායු ආබා­ධ­යක් ඇති වී තිබෙන බව වෛද්‍ය­වරු කීවා. දරුවා දැන් එක­තැන් වෙලා ඉන්නේ. දැන් වයස අවු­රුදු 11 ක් වෙනවා. මේ අතර තමයි මගේ ස්වාමි­පු­රු­ෂ­යා­ගේත් අත­පය පන නැති වී එක් තැන් වුනේ. දරු­වාට කිරි­පිටි දෙන්න ඕන.පැම්පස් දාන්න ඕන . ස්වාමි­පු­රු­ෂා­යට බෙහෙත් හා එදි­නෙදා කෑම විය­දම් වගේම වැඩි මහල් දිය­ණි­යගේ අධ්‍යා­පන කට­යුතු සඳහා මාස­ය­කට විශාල විය­ද­මක් දැරී­මට සිදු වනවා.
රජ­යෙන් සමා­ජ­සේවා යටතේ රුපි­යල් 3000 ක් දරු­වාට දෙනවා. එච්ච­රයි ලැබෙන්නේ සමෘ­ද්ධිය ඉල්ලුො. ගමේ අයත් ඉල්ලීම් කළා. සමෘ­ද්ධිය වත් අපට ලබා දුන්නේ නැහැ. ගමේ පන්සලේ හාමු­දු­රුවො අපිට පිහි­ට­වෙ­නවා. ඒ වගේම තවත් අය අපට උදව් කර­නවා. ඒ අයගේ උදව් මත තමයි අපි දැනට ජීවත් වෙන්නේ. ඊට අම­ත­රව දැන් ගෙදර ඉතා සුළු­වෙන් බිම් මල් වගා­වක් කර ගෙන තමයි කීයක් හරි හොයා­ගෙන මේ පවුල ජිවත් කර­වන්න උත්සාහ ගන්නේ. පින් කැමැති කෙනෙක් ඉන්න­වා­නම් මම කියන්නේ මගේ දරු­වාගේ ස්නායු දුර්ව­ල­තාව නැති කර­ගන්න හැකි බෙහෙත් හේත් තිය­න­වා­නම් ඒ සඳහා ප්‍රති­කාර ගන්න අව­ස්ථා­වක් ලබා දෙන්න. මගේ වැඩි­ම­හල් දිය­ණි­යගේ අධ්‍යා­පන කට­යුතු සඳ­හාත් අම­තර පන්ති සඳ­හාත් විශාල විය­ද­මක් යනවා. ඇයගේ අධ්‍යා­ප­න­යත් අත­ර­මඟ නතර නොවී ඉදි­රි­යට ගෙන­යන්න අව­ශ්‍යයි . ඉන්න ගෙයි වහල කැඩිල වැසි දාට තෙමෙ­නවා.ලෙඩවී සිටින දරුවා වැස්ස දවස් වලට එහේට මෙහේට ගෙනි­ය­නවා. නිවස හැම තැනම තෙමෙ­නවා. අපිට උදව් කරන්න පුළු­වන් පිංවත් අය සිටී­නම් මගේ දරු­වන් වෙනු­වෙන් අපිට උදව් කරන්න.
 උපුටා ගැනීම - දිනමිණ වෙබ් අඩවියෙන්
ස්නායු ආබා­ධ­ය­කින් එක්තැන් වී සිටින හේෂානී දැරි­යට සර­ණක් වෙමුද ස්නායු ආබා­ධ­ය­කින් එක්තැන් වී සිටින හේෂානී දැරි­යට සර­ණක් වෙමුද Reviewed by CHAA MEDIA on January 18, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.