Seo Services

දැල්ලන් අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය:-
දැල්ලන් ග්‍රෑම් 350
රතුලූනු ග්‍රෑම් 200
අමු මිරිස් කරල් 10ක්
අබ ඇට තේ හැඳි 2
ගම්මිරිස් ඇට තේ  හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
කුඩා කුරුඳු‍පොතු කැබැල්ලක්
කොත්තමල්ලි
ඇට තේ හැඳි 1
විනාකිරි මේස හැඳි 3
තෙල් අවශ්‍ය තරමට
ලුණු රසට අනුව

සාදන ආකාරය:-

දැල්ලන් හොඳින් සෝදා දිගටි තීරුවලට කපා ගන්න. ඒවා ඉතා ප්‍රවේශමෙන් රත් වූ තෙලට දමා මූඩිය වසා බැද ගෙන තෙල් බේරෙන්නට තබන්න. රතුලූනු සුද්ද කර ගෙඩි පිටින්ම තෙලට දමා උණු ගස්වා ගන්න. අමුමිරිස්ද වෙන් නොවන සේ දෙකට පලා තෙ‍ලේ උණු ගන්වා ගන්න, අබ, ගම්මිරිස්, මිරිස්. කුරුඳු‍පොතු, කොත්තතමල්ලි විනාකිරෙන් අඹරා ගන්න. දැන් මේ අඹරාගත් මිශ්‍රණය, මැටි ඇතිලියකට දමන්න. ලුණුද එකතු කර ගන්න. බැදගත් සියල්ල දමා හොඳින් මිශ්‍ර කර කෑමට ගන්න.


දැල්ලන් අච්චාරුව දැල්ලන් අච්චාරුව Reviewed by CHAA MEDIA on January 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.