Seo Services

අක්‌මාවේ මේද තැන්පත් වීම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අක්‌මාව කියන්නේ බහුකාර්ය අවයවයක්‌. අපේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියයක්‌ වන අක්‌මාව සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1.5ක පමණ බරින් යුක්‌තයි. අක්‌මාව ඝන පටකවලින් සැදී ඇති අතර දකුණු සහ වම් යනුවෙන් කණ්‌ඩිකා දෙකකින් යුක්‌තයි. උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචීරයට යටින් පිහිටි අක්‌මාව මෘදු රෝස හෝ දුඹුරු පැහැයෙන් යුක්‌ත ත්‍රිකෝණාකාර අවයවයකි.

 අපේ සිරුරේ විෂ හරණය කිරීම, සිරුරට අවශ්‍ය හෝමෝන නිපදවීම, ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවීම වගේම සිරුරට අවශය හෝර්මෝන නිපදවීම, ග්ලයිකොජන් නමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සහ එම රසායන ද්‍රව්‍යය වරින් වර ග්ලූකෝස්‌ බවට පත්කරමින් රුධිරයට මුදා හැරීම අක්‌මාව මගින් සිදු කරනු ලබයි. මේ අන්දමින් විවිධ කාර්යයන් මගින් අපේ මිනිස්‌ සිරුරේ ක්‍රියාකාරිත්වයට උපකාරි වන අක්‌මාව යම් විදිහකට රෝගී වුණොත් එයින් අපිට ඇති වන බලපෑම ඉතාම අහිතකරයි.

 අපේ ශරීරයේ විsවිධ ස්‌ථානයන්හි මේද ගබඩා වී තිබෙන්න පුලුවනි. ඒත් අක්‌මාව මේද ගබඩා විය යුතු තැනක්‌ නොවෙයි.

 "µeටි ලිවර් ZZ එහෙම නැත්නම් අක්‌මාවේ තෙල් ...මේ රෝග තත්ත්වයට හේතුව වෙන්නේ අක්‌මාවේ තෙල් තැන්පත් වීමයි. අක්‌මාවේ සාමාන්‍යයෙන් 5% ට ක්‌ පමණ ප්‍රතිශතයක්‌ මේදය තිබෙන්න පුලුවනි. මිනිස්‌ අක්‌මාවේ තිබෙන (නමචෙෙeර) සෛල මගින් රුධිරයේ අඩංගු නොවිය යුතු ආගන්තුක දේහ භක්‌ෂණය කරනවා. නමුත් 5 % වඩා වැඩි ප්‍රමාණයකින් මේද තැන්පත් වීම නිසා (නමචෙෙeර) සෛල වලට තමන්ගේ කාර්යය කිරීමට අපහසු වෙනවා. මේ තත්ත්වය නිසා අක්‌මාවේ ක්‍රියාකාරකම්වලට බාධාවක්‌ ඇති වෙන අතර සැලකිලිමත් නොවුණොත් සිරෝසිස්‌ රෝග තත්ත්වය දක්‌වාම රෝගය වර්ධනය වෙන්න පුලුවනි.

 අක්‌මාවේ තෙල් තැන්පත් වෙන්නේ ඇයි.....?

 අක්‌මාවේ තෙල් තැන්පත් වීමට බලපාන හේතු කීපයක්‌ තිබෙනවා.

 පාලනය නොකළ දියවැඩියාව

 තරබාරුව

 රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය වැඩි වීම.

 අපි ආහාරයට ගන්නා වැඩිපුර සීනි, සහ කාබෝහයිඩේ්‍රට්‌ පරිවෘත්තිය ක්‍රියාවලියෙන් පසුව අතිරික්‌ත සීනි සහ කාබෝහයිඩ්ඩේ්‍රට්‌ මේදය ලෙසින් අක්‌මාවේ තැන්පත් වෙනවා.

 මද්‍යසාර භාවිතය

 ඉහත දැක්‌වෙන හේතුවලට අමතරව අක්‌මාවේ මේදය තැන්පත් වීමට බලපාන තවත් කරුණු කීපයක්‌ තිබෙනවා....

 පෝලික්‌ ඇසිඩ් විටමින් බී 12ල seරසබැ, විටමින් E සහ ටකහජැසබැ- වැනි පෝෂණ අඩු වීම නිසා තෙල් ඉවත් කරන කාර්යය නිසි පරිදි සිදු නොවීම.

 ණආsයසදරනදර වැනි ප්‍රොaටීනය බහුල අන්දමින් අඩු වීමත් අක්‌මාවේ මේද තැන්පත් වීමට හේතුවක්‌.

 කෙටි කාලයක්‌ තුළ ඉතා සීඝ්‍රයෙන් සහ ආයාසයෙන් විවිධ ඖෂධ, සැත්කම් ආදියෙන් ශරීරයේ බර අඩු කර ගැනීම.

 අක්‌මාවට ඇතුළු වෙන විවිධ විෂ

 දිගුකාලයක්‌ හාමත්ව සිටීම

 පෙරදිග සහ අපරදිග ඖෂධවල අතුරු ආබාධයක්‌ විදිහටත් අක්‌මාවේ (µeටි ලිවර් ) මේද තැන්පත් වීමේ රෝග තත්ත්වය ඇති වෙන්න පුලුවනි.

 මද්‍යසාර නොවන µeටි ලිවර් තත්ත්වය ඇති වෙන්නේ කොහොමද...?

 මද්‍යසාර නොවන මේදය තැන්පත් වීම හෙවත් භදබ Aකජයදකසජ Faඑඑහ ඛසඩැර තත්ත්වයේදී බොහෝ රෝගීන් තුළ රෝග ලක්‌ෂණ පෙන්නුම් කිරීමක්‌ නැහැ. එහෙත් ක්‍රමයෙන් අක්‌මා සෛල වලින් 5% ක්‌ ඉක්‌මවා මේදය තැන්පත් වුණාම රෝග තත්ත්වය ඇති වෙනවා.මේ අවස්‌ථාවේදී සැලකිලිමත් නොවුණාම හෙපටයිටීස්‌ තත්ත්වයක්‌ ඇති වෙන අතර එයින් අනතුරුව සිරෝසිස්‌ තත්ත්වයට පත් වීමත් සිදු වෙන්න පුලුවනි. සිරෝසිස්‌ තත්වයේදී අක්‌මාවේ ප්‍රමාණය වගේම ක්‍රියාකාරිත්වයත් අකර්මන්‍ය තත්වයට පත් වෙනවා. ඒ තත්ත්වයට පත් වුණාම නැවත අක්‌මාව ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට බැහැ.

 µeටි ලිවර් තත්ත්වයේදී රෝග ලක්‌ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඒත් හෙපටයිටීස්‌ තත්ත්වයට පත් වෙන විට යම් යම් අපහසුතාවන් ඇති වෙනවා. ඒ වෙන විට ඇති වෙන රෝග ලක්‌ෂණ කීපයක්‌ තිබෙනවා.

 රෝග ලක්‌ෂණ

 අධික තෙහෙට්‌ටුව එහෙම නැත්නම් අප්‍රාණික බව

 උදරයේ දකුණු පැත්තේ එනම් අක්‌මාව ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව.

 ආහාර රුචිය පිරිහීම.

 නිතර ඔක්‌කාරය.

 බඩපුරවා දැමීම.

 µeටි ලිවර් නිසා ඇති වෙන අතුරු රෝග

 අක්‌මාවේ විවිධ ක්‍රියාකාරිත්වන්ට බාධාවන්

 සිරෝසිස්‌ රෝගය

 හදවත ආශ්‍රිත රෝග සංකූලතාවන්

 අක්‌මා පිළිකා

 අක්‌මාවේ තෙල් තැන්පත් වීමේ රෝග තත්ත්වයෙන් ආරක්‌ෂා වීමට නම්.....

 මත්පැන් පානය කරනවා නම් වහාම එම පුරුදුවලින් ඉවත් වීම.

 තරබාරු පුද්ගලයෙක්‌ නම් ශරීර බර ක්‍රමානුකූලව අඩු කර ගැනීම. කාන්තාවක්‌ නම් ඉන වටා ප්‍රමාණය අඟල් 35 ට අඩුවෙන් සහ පිරිමියෙක්‌ නම් අඟල් 40 ට අඩුවෙන් පවත්වා ගන්න.

 දියවැඩියා රෝගියෙක්‌ නම් රුධිරගත සීනි මට්‌ටම පාලනය කරන්න.

 පිටි ආහාර අවශ්‍ය ප්‍රමාණයට ගන්න.

 එළවළු තන්තූ සහිත ආහාර පලතුරු පූර්ණ ධාන්‍ය සහ රනිල වර්ග ආහාරයට වැඩියෙන් එක්‌ කරන්න.

 ඔමේගා 3 වැනි හිතකර මේද අම්ල වැඩිපුර ආහාරයට ගන්න.

 සතියකට දින පහක්‌වත් දිනකට විනාඩි 30 ක්‌වත් ව්‍යායාමවල නිරත වෙන්න. (අක්‌මාවේ මේද දහනය වීමට ව්‍යායාම ඉතා හිතකරයි.)

 හිතුමතයට ඖෂධ ගැනීම හෝ වෛද්‍ය උපදෙස්‌ නොමැතිව දිගින් දිගටම එකම ඖෂධ පාවිච්චි නොකරන්න.

 ඖෂධ භාවිත කරන අතරතුර වෛද්‍යවරුන් විසින් අක්‌මා පරීක්‌ෂාවක්‌ වෙනුවෙන් ලබාදෙන පරීක්‌ෂණ නිසි පරිදි පිළිපදින්න.

 ඒ වගේම අක්‌මාව ගැන නොසලකා සිටීමෙන් යම් පුද්ගලයෙක්‌ අක්‌මාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය තත්ත්වයට පත්ව සිරෝසිස්‌ තත්ත්වයට ගොදුරු වුණොත් නැවත අක්‌මාව ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට බැහැ.

 තොරතුරු ලබා ගැනීම- කටුගස්‌තොට රෝහලA භූමියේ පිහිටි දිස්‌ත්‍රික්‌ ප්‍රජා මානසික සෞඛ්‍යය මධ්‍යස්‌ථානය

 වෛද්‍ය නිළධාරී එම්. කේ. හරීස්‌ මොහමඩ්

 පුන්‍යා චාන්දනී ද සිල්වා 

උපුටා ගැනීම - දිවයින වෙබ් අඩවියෙන්
අක්‌මාවේ මේද තැන්පත් වීම අක්‌මාවේ මේද තැන්පත් වීම Reviewed by CHAA MEDIA on January 30, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.