Seo Services

පොළොස් මාළුව

උවමනා ද්‍රව්‍ය
හොඳින් තම්බා කපාගත් ‍පොළොස් ගෙඩියක්, රන්වන් පාටට බැදගත් මිරිස් කරල් 12, සූදුරු තේ හැඳි 2, කොත්ත මල්ලි තේ හැඳි 4ක්, තක්කාලි ගෙඩි 2ක්, රතුලූනු ස්වල්පයක්, අමුමිරිස් කරල් 8, රම්පේ කරපිංචා, ලුණු, උකු‍පොල් කිරි කෝප්ප 4, දියකිරි කෝප්ප 1/2

සාදන ක්‍රමය
පොළොස් ගෙඩිය කපා අඹරාගත් මිරිස් තුනපහ දමා භාජනයක කලවම් කරන්න. ඊට පසු වළඳක් ළිපේ තබා එහි ‍පොල්තෙල් ටිකක් දමා රත් වූවාට පසු රතු ලූනු ගෙඩි 2ක් පෙති ගසා දමන්න. ඊටම රම්පේ කරපිංචා එකතු කර බැදෙන්නට හරින්න. දැන් කලින් පිළියෙළ කරගත් ‍පොළොස් කැබලි දමා එය කලවම් කර ලුණුද එකතු කර වසා තබන්න. ස්වල්ප වේලාවකට පසු පියන ඉවත් කර ඊට සිහින්ව කපා ගත් තක්කාලි, ඉතිරි ලූනු, අමුමිරිස් සහ ‍පොල්කිරි එකතු කර හැඳි ගාන්න. මෙසේ ටික වේලාවක් ඉදෙන්නට හරින්න.
දැන් ‍පොල් මේස හැඳි 1ක්, අබ තේ හැඳි 2ක්, මිරිස් කරල් 2, කරපිංචා කොළ 5 ගෙන කබලෙන් බැද සිහින්ව අඹරා දියකිරෙන් කලවම් කරන්න. මෙය ළිපේ තිබෙන මිශ්‍රණයට දමා හොඳට කලවම් කර වසා තබන්න. ඉස්ම මඳක් උකු වූවාට පසු එය ළිපෙන් ඉවතට ගෙන කෑම මේසයට යවන්න.
 
මාතර කෝට්ටේගොඩ පාරම්පරික වෛද්‍ය බර්ටි උබේසිරි 

පොළොස් මාළුව පොළොස් මාළුව Reviewed by CHAA MEDIA on December 17, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.