Seo Services

‍පොළොස් තෙම්පරාදුව

උවමනා ද්‍රව්‍ය
තම්බාගත් ‍පොළොස්, මිරිස් කුඩු මේස හැඳි 2, ලුණු, කරපිංචා, රම්පේ, රතුලූනු ස්වල්පයක්, ‍පොල්තෙල් බෝතල් 1/8
 
සාදන ක්‍රමය
‍පොළොස් තම්බා කටුව සහ වහල්ල ඉවත් කරන්න. මේ සඳහා ලොකු ‍පොළොස් ගැට ගන්න. ඊට පසු එය දිග අතට රේණු මෙන් සිටින සේ ලිහා ගන්න. භාජනයක් ළිප තබා ඊට තෙල් ටිකක් දමා රත් වූවාට පසු රතු ලූනු කරපිංචා රම්පේ සහ මිරිස් කුඩු දමා යන්තම් බදින්න. ඊට පසු කලින් සකස් කරගත් ‍පොළොස් දමා ඊටම ලුනු එකතු කර හැඳි ගාන්න. මෙය ටිකක් වෙලා ළිප මත තිබිය යුතුවේ. තෙල් සියල්ල සිඳුනාට පසු ඉවතට ගන්න.

මාතර කෝට්ටේගොඩ පාරම්පරික වෛද්‍ය බර්ටි උබේසිරි  
‍පොළොස් තෙම්පරාදුව ‍පොළොස් තෙම්පරාදුව Reviewed by CHAA MEDIA on December 17, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.