අවශ්‍ය ද්‍රව්‍ය
බටර් කේක් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1/2
කබලේ යන්තමට බැද කුඩුකරගත් කජු මද අඬු කෝප්ප 1/4
පුහුල් දෝසි ග්‍රෑම් 100
වියළි මිදි ග්‍රෑම් 100
බටර් අයිසිං ග්‍රෑම් 200
අයිසිං සීනි ග්‍රෑම් 200
සාදන ආකාරය
බටර් කේක්, පුහුල් දෝසි කුඩාවට කපා බඳුනකට දමන්න. දැන් එයටම බටර් අයිසිං, කජු කුඩු, වියළි මිදි, වැනිලා දමා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් අයිස්ක්‍රීම් ස්කූප් එකක් ගෙන මේ මිශ්‍රණයෙන් බෝලය බැගින් කඩදාසි කප් වලට දමා ඒවා ශීතකරණයක තබන්න. දැන් අයිසිං සීනි වලට උණු වතුර ඉතා ස්වල්පයක් සහ කැමතිනම් වර්ණක බිංදු කීපයක් දමා දියාරු මිශ්‍රණයක් සාදා ගන්න. දැන් කලින් සාදාගත් කප් කේක් මතට මේ දියාරුව ටික ටික වත්කර නැවත විනාඩි 20ක් පමණ ශීතකරණයේ තබා පිළිගන්වන්න.
කප් කේක්
Reviewed by CHAA MEDIA
on
December 11, 2018
Rating:
No comments: