Seo Services

මුත්‍රා සහ ලේවල ලෙඩ ගොඩකට ගුණ අක්කපාන

අක්කපාන කොළය උද්භිද විද්‍යාවට අනුව හඳුන්වනු ලබන්නේ කැලැන්ඩෝ පිනාටා (Kalando Pinata) යන නමිනි. අතීතයටත් වඩා වර්තමානයේදී අක්කපාන ඖෂධයක් ලෙසින් ආයුර්වේදයේදී විවිධ රෝග සඳහා යොදා ගනී. එමෙන්ම මෙය ඖෂධයක් මෙන්ම ආහාරයක් ලෙස ද යොදා ගැනේ. එමෙන්ම අතීතයේදී ද මෙය රෝග ගණනාවකට ඖෂධයක් ලෙස යොදා ගනු ලැබීය.
අධික රුධිර පීඩනය, රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, මුත්‍රා පිට නොවී තිබීම, අපහසුවෙන් සහ වේදනාවෙන් මුත්‍රා පිටවීම, කල්ගිය තුවාල මෙන්ම අලුත් තුවාල, සුද යාම, සියලුම සන්ධි රෝග, මුත්‍රා පද්ධතිය සම්බන්ධ රෝග, කොළරාව, පාචනය, අර්ශස් ආදී රෝග ගණනාවකට අක්කපාන කොළ ඖෂධයක් ලෙස යොදා ගනී.
අක්කපාන පිළිකා රෝග සඳහා ඉතා ගුණදායක වේ. රූමැටික් ආතරයිටීස්වලදී ඇතිවන ආසාදන තත්ත්වයන්, උදරය පුරවා දැමීම, ආම්ලිකභාවය ඇති වීම, ඔක්කාරය, විවිධ ආසාදන සඳහා ද මෙය ඉතා ගුණදායක වේ.
නමුත් මෙම රෝග සඳහා අක්කපාන යොදා ගනිද්දී වෛද්‍ය උපදෙස් මත ආහාරයට ගන්න. මෙය වෑංජන, සලාද හා තම්බා බීමට ද පුළුවනි.
මෙය මධුර, අම්ල, තිත්ත සියල්ලෙන්ම සමන්විත වේ. වකුගඩු ආශ්‍රිතව හා මුත්‍රා ආශ්‍රිත ඇතිවන බොහෝ රෝග සඳහාත් මුත්‍රා ගල් සඳහාත් මෙය ඉතාමත් ගුණදායක ඖෂධයකි. නොයෙකුත් අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වීමෙන් මුත්‍රා ගල් සෑදේ. (කැල්සියම්, යූරික් ඇසිඩ් වැනි දෑ එකතු වීමෙන් මුත්‍රා ගල් ඇතිවේ) එමෙන්ම කනිකාමය ස්වරූපයකින් ගල් බවට පරිවර්තනය වීම වැළැක්වීමට අක්කපාන ඉතා ගුණදායක ඖෂධයකි.
අක්කපානවල මුත්‍රා කාරක ගුණය ( මුත්‍රා නිපදවීමේ ගුණය) හෘද රෝගීන්ට ඉතා ගුණදායක වේ. තුවාල සුව කිරීම සඳහා බාහිර ආලේපනය සඳහා ද යොදා ගනී.
ආහාර නොදිරවීම, ඉරුවාරදය වැනි රෝග සඳහා ද අක්මාවට ඉතා හොඳ ආරක්ෂාකාරි ඖෂධයක් ලෙසින් අක්කපාන හැඳින්විය  හැක. මෙහි වේදනා නාශක ගුණයක් පවතී. තිත්ත රසය නිසා රුධිරය  කැටි ගැසීම වළකාලයි. ක්ෂය රෝගය, ඇඳුම මෙන්ම ශ්වසන පද්ධතියේ බොහෝ රෝගවලට ඉතා සුදුසුය.
අක්කපාන ඉස්ම තෙල් සමඟ එකතු කර හිසේ අලේප කිරීමෙන් ඉස්හොරි මර්දනය කරගත හැක. ඇස් යට කළු වූ විට අක්කපාන කොළ අඹරා ඇස් යට ආලේප කළ හැක.
නමුත් අක්කපාන සෙම් රෝග ඇති අයටත් ගර්භනී අයටත් අහිතකර වේ. මෙය දිගින් දිගටම ආහාරයට ගන්න එපා. එවිට ප්‍රතිශක්තිකරණය හීන විය හැක. ආයුර්වේදයට අනුව අක්කපාන කොළය ඉතා ගුණදායක ඖෂධයකි.
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල



මුත්‍රා සහ ලේවල ලෙඩ ගොඩකට ගුණ අක්කපාන මුත්‍රා සහ ලේවල ලෙඩ ගොඩකට ගුණ අක්කපාන Reviewed by CHAA MEDIA on December 07, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.