Seo Services

කකුල් හයේ වසු පැටියාට ගුද මාර්ගයක්‌ නෑ

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා
  කකුල් හයක්‌ සහිත වසු පැටවකු පිළිබඳව තොරතුරක්‌ නොච්චියාගම දුණුදැඹුවැව ප්‍රදේශයේ පදිංචි සේපාල කොස්‌තා මහතාට අයත් කිරි එළදෙනකු පසුගිය දාහත්වන දින මෙම අසාමාන්‍ය වසු පැටවා බිහි කර ඇත. සාමාන්‍ය පරිදි ගවයකුගේ පාද පිහිටන අයුරින් පාද හතරක්‌ මෙම වසු පැටවාට පිහිටා ඇත. ඊට අමතරව පසුපස පාද දෙක අසලින් ප්‍රතිවිරුද්ධ දෙසට පාද දෙකක්‌ පිහිටා ඇත. මෙම වසු පැටවාට ගුද මාර්ගයක්‌ පිහිටා නොතිබීමද විශේෂත්වයකි.

  මෙම වසු පැටවා සම්බන්ධව නොච්චියාගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දුන් බවත් වසු පැටවා පරීක්‍ෂා කළ පශු වෛද්‍ය නිලධාරීන් මෙම වසු පැටවා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවට දැනුම් දුන් බවත් සේපාල කොස්‌තා මහතා පැවසීය.

  ඒ සඳහා මෙම පැටවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත රැගෙන යැමට උපදෙස්‌ ලබා දුන් බවත් නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් දිසානායක මහතාගේ අනුග්‍රහය මත

  (19 දා) දින මෙම පැටවා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගිය බවද හෙතෙම පැවසීය.
උපුටා ගැනීම - දිවයින වෙබ් පුවතින්
කකුල් හයේ වසු පැටියාට ගුද මාර්ගයක්‌ නෑ කකුල් හයේ වසු පැටියාට ගුද මාර්ගයක්‌ නෑ Reviewed by CHAA MEDIA on December 21, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.