අවශ්‍ය ද්‍රව්‍ය
අඹරාගත් මස් වර්ගයකින් ග්‍රෑම් 500
සුදුලූනු බික් 2යි
ලොකු ලූනු ගෙඩියක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
බිත්තරයක්
තෙල් මේස හැඳි 2
පොල්කිරි අඬු කෝප්ප 1/2
ලුණු රසට අනුව
තුනපහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු ටිකක්
මිරිස් කුඩු තේ හැඳි 1
සාදන ක්‍රමය
අඹරාගත් මස් වලට ලුණු, සිහින්ව කපාගත් ලූනු මේස හැඳි 2ක්, අමුමිරිස් කරලක් සිහින්ව කපාගත් කරපිංචා මේස හැන්දක් දමා එයට බිත්තරයද දමා හොඳින් අනා කුඩා ගුලි සාදා තැටියක අඩුක්කර අවන් එකක විනාඩි 15-20 පමණ බේක් කරගන්න.
දැන් භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත් කරන්න. රත්වන විට තලාගත් සුදුලූනු සිහින්ව කපාගත් ලූනු, අමුමිරිස් රම්පෙ දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් එයට තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස්, ලුණු දමා එයට පොල්කිරිද එක්කර හැඳිගාමින් උතුරවා ගන්න. දැන් එයට සාදාගත් මීට් බෝල්ස් බස්සවා තරමක් හිදෙන්නට හැර කෑමට ගන්න. මෙය ලුණු, තක්කාලි, මාළුමිරිස් දමා තෙම්පරාදු කර සකසා ගැනීමටද පිළිවන.

මීට් බෝල්ස් කරිය
Reviewed by CHAA MEDIA
on
December 11, 2018
Rating:
No comments: