ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ දෙල්ගොඩ - ඩබ්. ඩී. විතාන
මාකොල, ගල්වල හන්දියේදී (12 වැනිදා) රාත්‍රී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්‌කන්ද පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.
මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වූයේ මාකොළ, මාකොළ උතුර, පදිංචිව සිටි එච්. ඒ. ධනුෂ්ක සංජීව නමැති 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මෙම ව්‍යාපාරිකයා මාකොළ ගල්වල හන්දියේ පිහිටි සිය ව්‍යාපාරික ස්‌ථානය ඉදිරිපිට රැඳී සිටි අවස්‌ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු ටී පනස් හය ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය ව්‍යාපාරිකයා මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය අයකු බවත්, ව්‍යාපාරිකයා මියගිය ස්‌ථානයේ තිබී ටී පනස්‌හය වර්ගයේ හිස් පතරොම් කොපු 2 ක් තිබී හමුවූ බවත් පොලිසිය කියයි.
පොලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් මෙම ඝාතනයට මුල් වූයේද? එසේත් නොමැති නම් වෙනත් සිද්ධියකට පලිගැනීමක් ලෙස මොහු ඝාතනය කළේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්‌සේ පරීක්‍ෂණ සිදු කරයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඊයේ (13 වැනිදා) සවස් වනතුරුත් පොලිස් අත්අඩංගුවට පත්ව නොතිබිණි. ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයාගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය මහර මහෙස්‌ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබිණි.
මේ පිළිබඳව සපුගස්‌කන්ද පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් කුමාරසේකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

උපුටා ගැනිම - දිවයින
මාකොළ ව්‍යාපාරිකයා ඝාතනයට හේතුව පොළී මුදල් අවුලක්‌ද? ඝාතකයෝ තාමත් නිදැල්ලේ
Reviewed by CHAA MEDIA
on
December 13, 2018
Rating:
No comments: