Seo Services

අධික රස්නයට කියාපු බීම!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මේ දිනවල ඇත්තේ අධික රස්නයක්. ඒ නිසා අපේ සිරුරට අධිකව දහඩිය දමනවා. එවිට සිරුරට අවශ්‍ය තරම් ජලය නොලැබෙන නිසා ඇති වන ප්‍රතිඵලය විජලනයයි. එය අපි නොදැනීම අපේ ජීවිතයට බලපානවා. සිරැරට ප්‍රමාණවත් පරිදි ජලය නැති වීමෙන් රැධිරය මගින් සෛලවලට අවශ්‍ය පෝෂණ පදාර්ථ සහ ඔක්සිජන් සපයන ප්‍රමාණය අඩුවෙනවා. මේ නිසා මරණය පවා සිද්ධ වෙන්න පුළුවනි. නමුත් සමහරැ මේ මොනවා කීවත් වතුර බොන්න කැමැති නෑ. ඒකට පුරැදු වෙලා නෑ. ඒ වෙනුවට හොයන්නේ පැණි බීම, කෘත්‍රිම බීම. ඒවා නිසා සිරැරට වෙන්නේ තවත් වැඩි හානියක්. නමුත් අපිට සුදුසු නිවසේ හදා ගන්නට පුළුවන් පෝෂණයෙන් ඉහළ පලතුරු, එලවළු යුෂ පාන වර්ග කිහිපයක් ගැනයි මේ.
කැරට්
පිපාසය දැනෙන විට ජලය පානය කිරීමට අපි පුරැදුව සිටියත් සිරැර විජලනය හෙවත් අවශ්‍ය පරිදි ජලය පවත්වා ගැනීමට කැරට් ඉතාම යෝග්‍යයි. කැරට් විටමින් ‘ඒ’ බහුල එළවළුවක්. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක (සිරුරේ විෂ සංයෝග උරා ගැනීමේ හැකියාව) ගුණය මගින් සිරුරට අවශ්‍ය ජලය පමණක් නොව හමේ පැහැය ඉතා පහසුවෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පෝෂණවේදීන් සඳහන් කරනවා.
තක්කාලි
තක්කාලි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත පළතුරක්. හමේ වර්ණය වගේම හිරැ එළියෙන් ඇති වෙන හම රැළි වැටීම වළක්වා ගැනීමට තක්කාලි සතුව තිබෙන හැකියාව අපි ඉවත දැමිය යුතු නැහැ.
දෙහි යුෂ
දෙහි යුෂ ගැන අපි දන්නේ හොද්දට, සම්බෝලයට සහ සලාදයට ඇඹුල් එක් කරන කාර්යය ගැන පමණයි. එහෙමත් නැත්නම් උදරාබාධයට, අජීර්ණ අවස්ථාවන්ට දෙහි යුෂ පානයෙන් ලැබෙන වාසිය බොහොමයි. නමුත් දෙහිවල අඩංගු විටමින් ‘සී’ මගින් සමේ කොලැජන් ගොඩ නගන අතර තරැණ පෙනුම රැක ගැනීමට විශාල පිටුවහලක් සපයනවා.
දොඩම්
දෙහි කුලයේම කොටස්කාරයෙක් විදිහට සැලකෙන දොඩම් පානයෙන් ද ලැබෙන ගුණය එසේ මෙසේ නැහැ. සිරැරට අවශ්‍ය දියර ගතිය විතරක් නොවයි, එක් දොඩම් වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ විෂ සංයෝග දුරු කරන අතර සමේ පැහැපත් බවත් ආරක්ෂාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා.
පිපිඤ්ඤා යුෂ
පිපිඤ්ඤා කී සැණින් දියර එළවළුවක් පිළිබඳ සටහනක් අපේ හිතේ ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් සිරැරට අවශ්‍ය පරිදි ජලය ලබා දෙන අතරම සමේ දිලිසෙන ගතියත් ආරක්ෂා වෙනවා.
දෙළුම් යුෂ
දෙළුම් යුෂ බොහොම මිහිරි පානයක්. රුව රකින්නට සමත් දෙළුම් යුෂ මගින් රුධිරය පිරිසිදු කරන අතර සමේ දීප්තිය ඇති කරනවා.
මිදි යුෂ
මිදි යුෂවලත් ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහළයි. තුවාල වියළීම සහ වයස්ගත වනවිට ඇති වන සමේ රුලි ගතිය සහ අවර්ණවත් බවට එරෙහිව සිරැර සූදානම් කිරීමේ හැකියාවෙන් යුක්තයි.
පොල් වතුර
නිවසේ පොල් ගෙඩිය බිඳලා වතුර ටික අහකට දමන්න එපා. පොල් වතුරත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ඒ වතුර ඔබට ලබා දෙන ප්‍රයෝජන වචනයෙන් විස්තර කරන්න බැහැ.
කොමඩු යුෂ
කොමඩු යුෂ බොහොම ප්‍රණීතයි. සීනි නැතුව වුණත් පානය කිරීමට තරම් මිහිරි රසයකින් යුක්තයි. තදින් පිපාසය දැනෙන වේලාවක කොමඩු ආහාරයට ගත්තොත් ඔබට එයින් දැනෙන සහනය අත්දැකීමෙන්ම දැනගන්න පුළුවනි. චීනයේ දැඩි උණුසුම් කාලයට පුංචි දරුවන්ට කොමඩු ගෙඩිය ලමා ඇඳුමක හැඩයට කපා අන්දවා තබනවා. එයින් දරැවා විජලනයෙන් ආරක්ෂාව ලබනවා.
- Styles life

උපුටා ගැනීම -http://www.deshaya.lk
අධික රස්නයට කියාපු බීම! අධික රස්නයට කියාපු බීම! Reviewed by CHAA MEDIA on March 08, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.