Seo Services

කතුන්ට නැතුවම බැරි සුවනාරී පරික්ෂාව

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය ගැනත් එම පරීක්‍ෂණයේ ප්‍රථිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න ගැනත් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
pap පරීක්ෂණය සිදු කරන්නේ ඇයි?
ගැබ් ගෙල පිළිකාවක් මූලිකම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සෑදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි. මෙම වෛරසය ජනගහනයේ 60% පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසෑදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම, නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා  වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩි වේ.
පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage) හෝ පූර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනාගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය.
pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද?
වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල බෙදීමේ වේගය වැඩි කරයි. එය පිළිකා පූර්ව  තත්වයක් (Pre-Cancer) ලෙස හැඳින්වේ. ගැබ්ගෙල පූර්ව පිළිකා තත්ත්වය මූලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එම නිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.
විවිධ රටවල මධ්‍යන වයසක් මේ සදහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙස ද හඳුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටලුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ.
පැප් පරීක්ෂණය සිදුකරන ආකාරය
මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති උපකරණය යෝනි මාර්ගය තුළට ඇතුළු කර ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ. මේවා අන්වීක්ෂයෙන් පසුව පරීක්ෂා කෙරේ. මෙම සෛල වර්ණ ගන්වන ක්‍රම (staining) දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැඳින්වේ. නවතම Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ.
පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක්ද?
මෙහි ප්‍රථිපල සති 3කින් පමණ ලැබේ.
එය සාමාන්‍ය නම් නැවත අවුරැදු 3කින් කිරීම ප්‍රමාණවත් වේ.
එහි යම් කිසි ගැටලුවක් ඇත්නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය.
ගැබ්ගෙල සෛලවල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කළ හැකිය.
අසමාන්‍යතාව තීව්‍ර නම් colposcopy පරීක්ෂණයට යොමු විය යුතුය.
► විශේෂඥය වෛද්‍ය සාරද කන්නංගර 
උපුටා ගැනීම - http://www.deshaya.lk
කතුන්ට නැතුවම බැරි සුවනාරී පරික්ෂාව  කතුන්ට නැතුවම බැරි සුවනාරී පරික්ෂාව Reviewed by CHAA MEDIA on March 14, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.