Seo Services

තරැණ පෙනුම හොරාගන්නා ආහාර!

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
තමන්ගෙ තරුණ පෙනුම හැමදාටම රැකගන්න ගැහැනු පිරිමි කවුරුත් කැමතියි. නමුත් අපිට ස්වභාවධර්මයට පිටින් යන්න බැහැ. වයසට යන එක නතර කරන්නත් බැහැ. හැබැයි තරුණ පෙනුම රැකගන්න යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා නිතර නිතර මේ ආහාර වර්ග ගන්නවා නම් ඒවා අඩු කරන්න. ඔබේ පෙනුමට වයසට වඩා වියපත් බවක් එක් කිරීමට ඒවා සමත් වෙනවා.
කැෆේන් අධික ආහාර
තේ, කෝපි වැනි පානයන්, ශක්තිජනක පාන, සෝඩා මෙන්ම චොකලට්, පරිභෝජනය කිරීමෙන් සම ඉතා ඉක්මනින් විජලනයට ලක්වෙනවා.
ලුණු භාවිතය අවම කරන්න
සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මනින් වයසට යනවා. ඒ වගේම හදවත් රෝග ඇති කරන්නත් එය හේතුවක්.
සීනි අධික ආහාර
නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැතිවෙනවා. එතකොට සම රැළි වැටෙනවා.
කලින් පිළියෙළ කළ මස් වර්ග
ආහාරයට ගැනීම හැකිතරම් අවම කරන්න. සොසේජස්, මීට් බෝල්, බේකන් වැනි ආහාරවල ඇති කල්තබා ගැනීමේ රසායනිකයන් නිසා සම ඉක්මනින් වියපත් කරනවා.
පිළිස්සූ මස්
පිළිස්සූ මස්වලින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. ඒ වගේම එයින් සමේ ඇති කොලජන් අහිමි කරවනවා. ඒ හේතුවෙන් සම ඉක්මනින් වයසට යනවා.
අධික ලෙස මිරිස් යෙදූ සැර අධික ආහාරවලින් ඈත්වෙන්න. මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සීමා කරන්න. සැර අධික ආහාරවලින් සමේ පැහැයට හානි කරනවා.
කිරි සහිත ආහාර
කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ. නැවුම් කිරි, යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කළ චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැහැ.
පොප් කෝන්
පොප් කෝන්වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. ඒත් එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස් හදවතට වගේම සමටත් හිතකර වෙන්නේ නැහැ. සම මත ඇතිවන ඉන්නන් සහ ලපවලට මෙය හේතුවක්.
► Health.com

තරැණ පෙනුම හොරාගන්නා ආහාර! තරැණ පෙනුම හොරාගන්නා ආහාර! Reviewed by CHAA MEDIA on February 08, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.