Seo Services

නිහඬ මරුවා හඳුනාගනිමු!

වෙනත් ලෙඩකට බේත් ගන්න ගිහින් ප්‍රෙෂර් මනිනකම් බොහෝදෙනා තමන්ට අධි රැධිර පීඩනය තිබෙන බව දැනගන්නේ නෑ. ඉතින් මොකක්ද මේ අධි රුධිර පීඩනය... ? මේ රෝගය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘ප්‍රෙෂර්’ කියලයි... හැබැයි මේ රෝගයේ නිවැරදිම නම තමයි ‘හයි බ්ලඩ් ප්‍රෙෂර්’ (High Blood Pressure).
 
හදවත වරෙක හැකිලෙමින් සහ වරෙක දිග හැරෙමින් තමයි ‘සිරුරේ රුධිර පොම්පාගාරය’ විදිහට ක‍්‍රියාත්මක වෙන්නේ. හදවතෙන් ලබාදෙන ඒ තල්ලුවෙන් තමා රුධිරය සිරුර පුරා ගමන් කරන්නේ. ඒ  රුධිර නාල ඔස්සේ. එලෙස ලේ ගමන් කරන්නට පීඩනයක් අවශ්‍යයි. හෘදය වස්තුවෙන් රුධිරය පොම්ප කරන විට සහ හෘදය වස්තුව විවේකීව තිබෙන විට මේ පීඩන අගයන් වෙනස් වෙනවා.
 
ඒ අවස්ථා දෙකේ මනින ලබන පීඩන අගයන් දෙක අනුපාතයක් ලෙස දක්වනවා. එය මනින්නේ රසදිය මිලිමීටර් (mmHg ) කියන ඒකකයෙන්. සාමාන්‍ය රුධිර පීඩනය ලෙස හඳුන්වන මේ අනුපාතයට වැඩි අගයක් රුධිර පීඩනය පෙන්වන්නේ නම් එය අධි රුධිර පීඩන තත්ත්වයක්...
 
සාමාන්‍ය රුධිර පීඩන අගය – 120/80 mmHg
සාමාන්‍ය අගය මෙසේ වුවද වයස හා බර මත කුඩා දරුවන්ගේ රුධිර පීඩන අගයන් වෙනස් වෙනවා.
 
අධි රුධිර පීඩනයට බලපාන හේතු...
• මේදය හෝ දුම්වැටිවල අන්තර්ගත නිකොටීන් හෝ රුධිර නාලවල තැන්පත්වීම නිසා රුධිර නාල සිහින් වීම. • ජානමය හේතු නිසා රැධිර නාල සිහින් වීම. • තෙල් සහිත ආහාරපාන අධිකව ගැනීම. • නිතර මානසික පීඩාවන්ගෙන් පෙළීම හා  අවිවේකී බව. • දියවැඩියා රෝගයෙන් පෙළීම. • දීර්ඝකාලීනව වකුගඩු රෝගවලින් පෙළීම.
 
අධි රුධිර පීඩනයේ රෝග ලක්ෂණ මොනවාද?
අධි රුධිර පීඩනය පවතිනවා නම් ඔක්කාරය, දහදිය දැමීම, නින්ද ලැබීම අපහසු වීම වගේ රෝග ලක්ෂණ මතු වන බව සාමාන්‍ය පිළිගැනීම වුණත් එය සත්‍යයක් නොවන බව නවතම පර්ෙය්ෂණ පෙන්වා දෙයි. බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් මතුවන්නේ නැහැ. මෙය දැනගන්නට ලැබෙන්නේ රුධිර පීඩනය මැන බැලීමෙන්ම පමණයි.
 
රෝගය නො සලකා හැරියොත්.....?
සාමාන්‍ය අයෙකුට වඩා අධි රුධිර පීඩන රෝගියෙකුට • ආඝාතය (Stroke) වැළඳීමේ ප‍්‍රවණතාවය 7%කින් ඉහළයි. • හදවත් රෝග වැළඳීම 3%කින් ඉහළයි. • රුධිර කැටි ඇතිවීමේ අවදානමත් ඉහළයි.
එවිට, • වකුගඩු අක‍්‍රිය වීම • හෘදයාබාධ ඇති වීම • මොළයේ රැධිර නාල පුපුරා යාම • අංශභාගය ඇතිවෙයි.
 
රෝගයෙන් වළකින්න නම්.....
අධික මේදය සහ අධික ලුණු සහිත ආහාර පාන, ටින්වල ඇසිරෑ ආහාර, කරවල, ලුණු මිශ්‍රිත අලපෙති, සෝස් වර්ග, කල්පවතින ලෙස සකස්කළ ආහාරවල අධික ලුණු ප‍්‍රමාණයක් අන්තර්ගතයි. මස්, බේකන්, හැම්, ලිංගුස්, මස්පෙති යෙදූ බර්ගර් ආදියේ මේදය අධිකයි.
 
අවම කරමු
• මත්පැන් හා දුම්වැටි භාවිතය නවත්වමු • ආහාර රටාව හා චර්යාවන් වෙනස් කරගමු. • නිවුඩු සහල්, කුරක්කන්, තල, මෙනේරි, මුං, පලතුරු, එළවළු, මත්ස්‍ය ආහාර ආහාර වේලට එක් කරගන්න. • ගොරකා සහ කරපිංචා මේදය පාලනය කරන අතරේම රුධිර පීඩනයත් පාලනය කරනවා. • ආතතියෙන් සහ කනස්සල්ලෙන් තොරව දිවි ගෙවීම.
- Cardiologist
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
 
උපුටා ගැනීම http://www.deshaya.lk
නිහඬ මරුවා හඳුනාගනිමු! නිහඬ මරුවා හඳුනාගනිමු! Reviewed by CHAA MEDIA on February 15, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.