Seo Services

හදවත් ලෙඩට මුල තෙල්ම නෙමේ!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ඔබ නොදැනුවත්වම ඔබේ හදවතට හානි විය හැකි කරුණු ගණනාවක්ම තිබේ. තෙල්  නැතිනම් කොලෙස්ටරෝල් බහුල ආහාර සහ ව්‍යායාම් අඩුකමින් ඔබේ හදවතට හානියක් විය හැකියි. නමුත් ඔබ නොදැන සිටි හෘදරෝග  සඳහා හේතුවන මේ  ප්‍රභවයන් ගැනත් දැනුවත්වන්න. එසේම ඒවායින් වහාම වැළකෙන්න.
 
දන්ත ගැටලු
විදුරුමස් රෝග ඇති අයට හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩිය. එහි ඇති සම්බන්ධතාවය මෙතෙක් හෙලිවී නොමැති නමුත් සමහර පර්යේෂකයින් සිතන්නේ විදුරැමස්වලින් බැක්ටීරියා ඔබේ රුධිරයට ගමන් කළ හැකි අතර එය රුධිර නාලවල ප්‍රදාහයන් (inflammation) හා අනෙකුත් හෘදරෝග ඇතිවීමට හේතුවක් වන බවයි. ඔබේ විදුරුමස් ඉදිමී රතුවී හෝ තුවාල වී තිබෙන්නේ නම් වහාම දන්ත වෛද්‍යවරයකු හමුවන්න.
 
වැඩ මුරය (shift work)
රාත්‍රියේ වැඩ කිරීම හෝ අක්‍රමවත් වැඩ මුරය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි. පර් යේෂකයන් පවසන්නේ වැඩ මුර ක්‍රමය ශරීරයේ සර්කැඩියානු රිද්මයට (අභ්‍යන්තර ඔරලෝසුව) (circadian rhythm) අහිතකර ලෙස බලපාන අතර එය හදවතට හානි කරන බවයි. එබැවින් ඔබ, වැඩ මුර (shift work) ක්‍රමයට වැඩ කරන්නේ නම්, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට අමතර පියවර ගන්න. ව්‍යායාම් කරන්න, සමබර ආහාර වේලක් අනුභව කරන්න, නිතිපතා ඔබේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය පරීක්ෂණ කරගන්න.
 
මාර්ග තදබදය
මාර්ග තදබදය (traffic) නිසා ඇතිවන නොඉවසිල්ල, කලකිරීම සහ අධික ශබ්දය, ආතතිය ඇතිකිරීමට හේතු වන අතර ඒවා හෘදරෝග සමගද සම්බන්ධ වේ. කාර්යබහුල වේලාවක ගමන් කිරීම ඔබට වළක්වා ගත නොහැකි නම්, සැහැල්ලු සංගීතයට සවන්දීම හෝ සෙසු මගීන් සමඟ කතා කර කර යෑමෙන් ආතතිය අඩුකර ගැනීමට උත්සාහ කරන්න.
 
ඔසප් වීම නැවතීම
ඔබ කාන්තාවක් නම් සහ ඔබ වයස අවුරුදු 46ට පෙර ඔසප් වීම නැවතීමට ලක් වුවහොත්, ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අන් අයට වඩා දෙගුණයක් විය හැකිය. ඔසප් වීම නැවතීම නිසා හදවතට හිතකර ඊස්ට්‍රජන් හෝමෝනය පහත වැටීම හෘද රෝග සඳහා වන අවදානම් සාධකයකි. නිතිපතා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරගන්න.
 
නින්දෙන් ගෙරවීම
ඔබ නිතිපතා ගොරවන බව ඔබේ සහකරු පැවසුවහොත් හෝ ඔබ නිදා සිටියදී අමාරුවෙන් හුස්ම ගන්නවා සේ පෙනේ නම්, වහාම වෛද්‍යවරයකු හමුවන්න. ඔබට ඇප්නියා (apnea) නම් බරපතල තත්වයක් තිබිය හැක. ඔබේ ස්වසන මාර්ගය අර්ධ වශයෙන් අවහිර වූ විට එය සිදුවිය හැකි අතර එමගින් ඔබගේ හුස්ම ගැනීමේ විරාමයක් (pauses in your breathing) ඇති කරයි. මෙම ආබාධය අධි රුධිර පීඩනය, අක්‍රමවත් හෘද ස්පන්දනය, ආඝාතය සහ හෘදයාබාධ ඇතිවීම සමඟ සම්බන්ධ වේ. නිසි ප්‍රතිකාර ලබාගැනීම මඟින් ඔබට පහසුවෙන් හුස්ම ගැනීමට සහ හෘද රෝග සඳහා ඇති අවදානමද අඩුකර ගත හැකිය.
 
හෙපටයිටිස් සී
ඔබට මෙම අක්මා ආසාදනය ඇත්නම්, ඔබට එම රෝගය නොමැති පුද්ගලයින්ට වඩා අඩු කොලෙස්ටරෝල් හා අඩු රුධිර පීඩන මට්ටමක් තිබීමේ ඉඩකඩ වැඩිය. එහෙත් එසේ වුවද, ඔබට තවමත් හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. පර්යේෂකයන් සිතන්නේ හෙපටයිටිස් සී මගින් හෘදයේ සෛල ඇතුළු ශරීරයේ සෛල හා පටකවල ප්‍රදාහ (inflammation) තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.
 
හොඳ නින්දක් නොලැබීම
ඔබ සාමාන්‍යයෙන් රාත්‍රියකට පැය 6කට වඩා අඩු කාලයක් නිදාගන්නේ නම්, එය ඔබේ අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල් අවදානම වැඩිකරයි. එය ඔබ තරබාරැ වී දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි කරයි (මේ දෙකම ඔබේ හදවතට හානිකර විය හැකිය). එයින් අදහස් කරන්නේ ඔබ දවස පුරා නිදා සිටිය යුතු බව නොවේ. අඩු තරමින් පැය 7ක කාලයක හොඳ නින්දක් අප හැමෝටම අවශ්‍යයි.
 
අවාසනාවන්ත විවාහය
හොඳ විවාහයක් ඔබව සතුටින් තබන අතර ඔබේ හදවතද සෞඛ්‍ය සම්පන්න කරයි. මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව, යහපත් විවාහ දිවියක් ගතකරන වැඩිහිටියන්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුය. ඊට හේතුවන්නේ අඩු ආතතියයි. ඔබ ආතතියට පත්වන විට, ඔබ අධික ලෙස මත්පැන් පානය කිරීම සහ අයහපත් ආහාර වලට යොමුවීම වැනි හදවතට අහිතකර දේ කිරීමට වැඩි ඉඩක් ඇත. එපමණක්ද නොව, ආතති හෝමෝන හදවතට අහිතකර ලෙස බලපායි. එබැවින් ඔබේ විවාහය ප්‍රීතිමත් එකක් නොවේ නම් විවාහ උපදේශකවරයකු හෝ මනෝ විද්‍යාඥයකු හමුවීම ගැන සලකා බලන්න.
 
තනිකම
ඔබ ආදරණීයයන් සමඟ කාලය ගත කරන විට, එය මානසික ආතතිය වළක්වන අතර නිරෝගීව සිටීමට ඔබට උපකාරී වේ. හුදකලා මිනිසුන්ට හෘද රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩිය. ඔබට පවුලේ අය හෝ සමීප මිතුරන් නොමැති නම්, අවශ්‍යතා ඇති කෙනෙකුට උදව් කිරීමෙන් සම්බන්ධ වන්න, නැතහොත් බල්ලෙකු හෝ බළලෙකු හදාගන්න. ස්වේච්ඡා සේවකයන්ට සහ සුනඛ හිමිකරුවන්ට වඩා හොඳ හෘද සෞඛ්‍යයක් භුක්ති විඳිය හැකි අතර වැඩි කාලයක් ජීවත්විය හැකිය.
 
බඩේ මේදය තැන්පත් වීම
තරබාරු වීම ඔබේ හදවතට අහිතකරයි. එහෙත් බඩේ මේදය තැන්පත් වීම නිසා රැධිර පීඩනය ඉහළ නැංවිය හැකි හෝමෝන හා කොලෙස්ටරෝල් මට්ටමට අයහපත් බලපෑමක් ඇති කළ හැකි වෙනත් රසායනික ද්‍රව්‍ය ශරීරය තුළ නිපදවීමේ ප්‍රවණතාවයක් ඇති කරයි. ඔබ කාන්තාවක් නම් සහ ඔබේ ඉන අඟල් 35 ට වඩා වැඩිනම් හෝ ඔබ පිරිමියෙකු නම් ඉන අඟල් 40 ක් හෝ ඊට වැඩි නම්, ආහාර සහ ව්‍යායාම මගින් බර අඩුකර ගැනීමේ සැලැස්මක් ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
 
රූපවාහිනිය නැරඹීමේ කාලය වැඩිවීම
ඔබ දිනපතා රූපවාහිනිය නැරඹීමට වැය කරන සෑම පැයකටම ඔබේ හෘදරෝග සෑදීමේ අවදානම 20%කින් පමණ වැඩිවිය හැකිය. බොහෝ වේලාවක් එක දිගට වාඩිවී සිටීම මීට හේතුවේ. එය අධි රුධිර පීඩනය වැනි ගැටලු සමඟ සම්බන්ධ වේ. රූපවාහිනිය සහ හෘදයාබාධ සම්බන්ධ වන්නේ කෙසේද සහ කුමක් නිසාදැයි යන්න පර්යේෂකයන් තහවුරු කරගන්නා තුරු, රූපවාහිනිය ඉදිරිපිට ඔබේ කාලය සීමා කිරීමට උත්සාහ කරන්න.
- Webmd
උපුටා ගැනීම -  http://www.deshaya.lk
හදවත් ලෙඩට මුල තෙල්ම නෙමේ! හදවත් ලෙඩට මුල තෙල්ම නෙමේ! Reviewed by CHAA MEDIA on February 22, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.