Seo Services

සුදු ලූනුත් අගුණ අය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif  
සුදු ලූනු  පුළුවන් තරම් කෑමට ගන්න කියලයි දැන් උපදෙස් ලැබෙන්නෙ. සුදු ලූනු තුළ   අන්තර්ගත වන සරු පෝෂ්‍ය පදාර්ථයන් නිසා ලෙඩරෝග බොහෝ ප‍්‍රමාණයකින් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. නමුත් සුදු ලූනුත්  පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන් ද සිටිනවා.
ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුළත් ද කියලා බලන්න. එහෙම නම් සුදු ලූනු අනුභවයට යොමුවිය යුත්තේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් පසුවයි.  
මෙන්න සුදු ලූනූ අගුණ අය:
1. සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්
ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ලූනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නැවැත්වීම සුදුසුයි. එසේ නොකිරීමෙන් අධික ලේ වහනයක් සිදු වීමේ හැකියාවක් තිබේ.
2. රුධිර පීඩනය අඩු පුද්ගලයන්
සුදු ලූනු මගින් රුධිර පීඩනය පහළ දමන අතර ඒ නිසා සාමාන්‍ය‍යෙන් රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ලූනු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යය ගැටලු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.
3. ඇස් පෙනීමේ ගැටලු ඇති පුද්ගලයන්
ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ලූනු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ලූනු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.
4. අක්මාවේ රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්
සුදු ලූනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ලූනු මගින් වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ලූනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක‍්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුළින් පීඩා විඳින පුද්ගලයන් සුදු ලූනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති වේ.
5. බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්
ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ලූනු ආහාරයට ගැනීම තුළින් එම තත්ත්වය වර්ධනය විය හැකි බැවින් සුදු ලූනු ආහාරයට ගැනීමෙන් වළකින්න.
6. ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්
ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ලූනු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. ඒ කාලයේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි.
ඔබත් මෙම පුද්ගල කාණ්ඩයකට අයත්නම් වෛද්‍ය උපදෙස් අනුව සුදු ලූනු පරිභෝජනය කිරීම පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.
- Nutritionist
උපුටා ගැනීම -  http://www.deshaya.lk
සුදු ලූනුත් අගුණ අය සුදු ලූනුත් අගුණ අය Reviewed by CHAA MEDIA on October 26, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.