Seo Services

රජයේ රෝහල්වල ලබාදෙන එන්නත්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අපි කලින් කතා කළා දරුවන්ට පෞද්ගලික රෝහලකින් ලබාගත හැකි එන්නත් ගැන. ඒ හැර දරුවන් සඳහා අපේ රාජ්‍ය අංශයේ රෝහල්වලින් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාදෙන එන්නත් කිහිපයක්ම තියෙනවා. අපි බලමු රාජ්‍ය අංශයෙන් ලබාගත හැකි එම එන්නත් මොනවද කියලා.
BCG එන්නත 
බබා ඉපදිලා පැය 24ක් ඇතුළත මේ එන්නත ලබාදෙනවා. TB නැත්නම් ක්ෂය රෝගය වළක්වා ගැනීමට මේ එන්නත ලබාදෙනවා. හැබැයි මේ එන්නත නිසා Primary TB කියන පෙනහළුවලට ඇතිවන තත්ත්වය වැළකෙන්නේ නෑ. TB meningitis හා Milliary TB කියන තත්ත්වයන් වලක්වා ගන්න පුළුවන්.
OPV, Pentavalant and IPV එන්නත් එකතුව
2, 4 යන මාසවලදී මේ එන්නත් ලබාදෙනවා. 6 වැනි මාසයේදී OPV, Pentavalant යන එන්නත් දෙක ලබාදෙනවා. 18 වැනි මාසයේදී OPV සමග DTP ලබාදෙනවා. (ඉස්සර ඉඳන්ම දෙන TRIPLE එක) අවුරුදු 5 දී OPV හා DT ලබාදෙනවා. අවුරුදු 12දී aTD ලබාදෙනවා.
පෝලියෝ බිංදු හා පෝලියෝ විදින එන්නත පෝලියෝ බිංදුවලින් පෝලියෝ බෝවීම වළක්වනවා. පෝලියෝ විදින එන්නත මගින් පෝලියෝ රෝගය සෑදීම වළක්වනවා. පෝලියෝ දැනට ලංකාවේ වාර්තා නොවුණත්  කලාපයේ අනෙක් රටවල්වල පවතින නිසා මේ එන්නත් ලබාගන්න ඕන.
Pentavalant එන්නත
ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස් B සහ Haemophyllus influenza type b වලින් දරුවන්ට ඇතිවන නියුමෝනියා හා meningitis රෝග වැළැක්වීමට යොදාගනී.
පෞද්ගලික අංශයේ infantrix hexa යන නමින් පෝලියෝත් එකතු කරලා ඉහත සඳහන් ඉතිරි රෝගත් වැළැක්වීම සඳහා එක එන්නතක් ලෙස මාස දෙක, හතර, හය හා දහ අටේදී ලබාදෙනවා.
DTP - ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස යන රෝග වැළැක්වීමට. DT - ගලපටලය හා පිටගැස්ම රෝග වැළැක්වීමට. aTD - පිටගැස්ම හා ගලපටලය සඳහා මේ එන්නත් වලින් අවුරුදු දහයක ආරක්ෂාවක් තමයි ලැබෙන්නේ.
පිටගැස්ම එන්නත 
වැදගත්ම දේ තමයි පිටගැස්ම එන්නත. මේ එන්නත් නියමිත පරිදි ලබා දී ඇත්නම් මේ එන්නත් අතරතුර කාලයේදීවත් අවුරුදු 12දී දෙන පිටගැස්ම එන්නතින් අවුරුදු 10ක් යනතුරු සාමාන්‍ය තුවාලයක් සඳහා පිටගැස්ම එන්නත ලබාදිය යුතු නැහැ. නමුත්  නරක් වූ තුවාලයකට පිටගැස්ම එක එන්නතක් ලබාදිය යුතුයි. මේ එන්නත් නියමිත පරිදි  ලබාදී නැත්නම් සාමාන්‍ය තුවාලයකට වුවත් පිටගැස්ම එන්නත පළවෙනි දවසේ නැවත සති 4 කින් මාස 6 කින් අවුරුදු 5 කින් හා අවුරුදු 10 කින් ලබාදිය යුතුයි. ගර්භනී කාන්තාවන් සඳහා පළවන ගර්භනී අවදියේදී සති 12න් පසුව පළමු එන්නතත් එයින් සති 6 සිට 8 දක්වා දෙවන එන්නතත් ලබාදෙයි. 
දෙවන, තුන්වන හා හතරවන ගර්භනී අවස්ථා සඳහා එන්නත් එක බැගින් සති 12න් පසුව ලබාදෙයි. ඊටපසු ගර්භනී අවස්ථා සඳහා පිටගැස්ම එන්නත අවශ්‍ය වන්නේ නැත. පොඩි කාලයේ පිටගැස්ම සඳහා එන්නත් හයම ලබාගත් කෙනෙකුට අවුරුදු 10ක් නම් අන්තිම පිටගැස්ම එන්නතට එක එන්නතක් ලබාදුන්නාම ඇති.
හෙපටයිටිස් B එන්නත
2, 4, 6 යන මාසවල විදින මෙම එන්නත මගින් ජීවිත කාලයටම අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාදෙනවා. නමුත් පුද්ගලයන් මත වෙනස් වන නිසා හෙපටයිටිස් B ආසාදනයක් වෙන්න පුළුවන් අවස්ථාවක ශරීරයේ ප්‍රතිදේහ ප්‍රමාණය අනුව නැවත එන්නත ලබාදිය යුතුයි. මේ එන්නත 2003 වර්ෂයෙන් පසුව උපන් බබාලට පමණයි ලබාදුන්නේ. මෙම එන්නත ඕනෑම වයසක කෙනෙකුට විදින්න පුළුවනි. පළමු එන්නතින් මාසයකට පසුව දෙවැනි එන්නතත් මාස හයකට පසුව තෙවන එන්නතත් වශයෙන්.
හෙපටයිටිස් B ආසාදනය වන්නේ ශරීරයේ පවතින තරල මගින්, රුධිරය මගින්,  අනාරක්ෂිත ප්‍රජනන ක්‍රියා මගින්, විදින කටු මගින්. ලෝකයේ සමහර ප්‍රදේශවල මේ රෝගය බහුලව වාර්තා වෙනවා. එම ප්‍රදේශවලට යාමට පෙරත් ඉහත ආකාරයේ දෙයක් සඳහා hepatitis B ආසාදිත පුද්ගලයෙකුට නිරාවරණය වුණොත් හෝ හෙපටයිටීස් B ආසාදිත මවක් බිහිකළ දරුවෙකු සඳහා 0, 1, 2 මාස වලදී හා අවුරුද්දේදී මෙම එන්නත ලබාදිය යුතුය.
Haemophyllus influenza B vaccination
2, 4, 6 යන මාසවලදී මෙම එන්නත ලබාදෙනවා. ඉහත සඳහන් බැක්ටීරියාව නිසා  කුඩා දරුවන්ට ඇතිවන නියුමෝනියාව හා meningitis රෝග වැළැක්වීමට පළවැනි අවුරුද්දේ මගහැරුණ බබෙකුට දෙවන අවුරුද්දේ එක එන්නතක් ලබාදුන්නාම ඇති.
MMR එන්නත
සරම්ප, කම්මුල් ගාය, රුබෙල්ලා යන රෝගවලින් වැළකීමට මෙම එන්නත මාස 9 දී හා අවුරැදු 3 අවසානයේදී ලබාදෙනවා. ඊට අමතරව අවුරුදු 13ත් 44ත් අතර ගර්භනී නොවන කාන්තාවන්ට ලබාදිය යුතුය.
JE එන්නත
අවුරුද්ද පිරුණු බබාලට එක එන්නතක් ලෙස ලබාදෙයි.
HPV එන්නත
හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම දැරියන්ට අනාගත පරපුරේ ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට මාස හයක් ඇතුළත එන්නත් දෙකක් වශයෙන් ලබාදෙයි.
- Vaccinating news
උපුටා ගැනිම -  http://www.deshaya.lk
රජයේ රෝහල්වල ලබාදෙන එන්නත් රජයේ රෝහල්වල ලබාදෙන එන්නත් Reviewed by CHAA MEDIA on October 12, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.