Seo Services

කන්න ඕනෑ මස්ද එළවළුද? රුධිර වර්ගය බලා කෑම කමු!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අපි සැවොම අපේ උපතේදීම කිසියම් රුධිර වර්ගයකට හිමිකම් කියනවා. ඔබ කවුරුත් අසා ඇති හැටියට රුධිර වර්ග හඳුන්වාදී ඇත්තේ A, B, AB සහ O හැටියටයි.   විශේෂඥයන්ගේ අදහස්වලට අනුව මේ සෑම රුධිර වර්ගයකටම එයටම අනන්‍ය වූ විශේෂ ලක්ෂණයන් තිබෙනවා. රුධිර වර්ගය සහ රෝග ගැන සැලකුවොත් මිනිසාට වැළඳෙන ඕනෑම රෝගී තත්ත්වයක් මේ රුධිර වර්ග හතරම හිමි ඕනෑම අයකුට වැළඳෙන්නට පුළුවන්. එම නිසා ඔබට වැළඳෙන රෝග පිළිබඳව නිසි අවධානයකින් ඉඳලා මේ රෝග සුවකර ගන්න එක ඔබේම වැඩක්. ඒ හැර රුධිර වර්ගය හා සම්බන්ධ අපූරු කරුණු කිහිපයක් තමා මේ. එයින් ප්‍රධාන කාරණාවක් තමා රුධිර වර්ගයට ඔබින අහාර ගැන ඉදිරිපත්ව ඇති මතය. පීටර් ඩිඇඩමෝ, කියන පෝෂණවේදියා පරිණාමය පාදක කරගනිමින් ඉදිරිපත් කළ මේ අදහස ඉතාමත් ආන්දෝලනාත්මකයි.        
රුධිර වර්ගය සහ පෝෂණය
ඔබේ රුධිර වර්ගය කුමක්ද කියන එක ඔබ දැනගත් පසු ඔබේ සෞඛ්‍යයට වාසි වන ආහාර මොනවාද කියන එක ඔබට තීරණය කිරීම ඉතාමත් පහසු ක්‍රියාවක්. ඒවගේම ඔබ විසින් වැළකී සිටිය යුතු ආහාර වර්ග තීරණය කිරීමත් වඩාත් පහසු වනවා. එළවළු කන්න සුදුසු කාටද? මස් කන්න සුදුසු කාටද? මේ වගේ අපේ පෝෂණයේ අපි නොසිතන පැත්තක් මේ රුධිර වර්ගය මගින් හෙළිදරව් කර ගන්නට හැකියි. පිටර් ඩිඇඩමෝ, කියන හැටියට අහාර සහ රුධිර වර්ගය අතර සම්බන්ධය මෙබඳුයි.
A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක වනවා.
O වර්ගයේ රුධිරය ප්‍රාථමික රුධිරය හැටියටයි දක්වන්නේ. එය හිමි පුද්ගලයන් ප්‍රෝටීන් බහුල ආහාර වන මස් සහ මාළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වනවා. ඔවුන්ට ප්‍රෝටින් හොඳින් ජීර්ණය කළ හැකියි.
AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් මේදය අඩු මස් වර්ග සහ මුහුදු ආහාර කෙරෙහි වැඩි ඇල්මක් දක්වනවානම් එය වඩාත් සුදුසු වනවා. රතු මස් ආහාරයට ගතයුතු වන්නේ B වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් බවයි හෙළි වී ඇත්තේ. 
අහාර සම්බන්ධ මේ විශේෂත්වය හැරුණු විට රුධිර වර්ග තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණ කිහිපයක් මේ.
රුධිර වර්ගය සහ මානසික ආතතිය
O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට මානසික ආතතිය වැඩි කරවන තත්ත්වයකින් පසුව අනෙත් පුද්ගලයන්ට වඩා සන්සුන් වීමට වැඩි කාලයක් ගත වනවා.
රුධිර වර්ගය සහ ශරීරයේ බරෙහි ඇති වෙන ගැටලු
ශරීරයේ සිදුවන බරෙහි යම් වෙනස් කම්වලටත් රුධිර වර්ගය බලපානවා. O වර්ගයේ රුධිරය හිමි වැඩි පිරිසකගේ ඉදිරියට නෙරා ආ උදරයක් දැකගන්නට පුළුවන්. ශරීරයේ බරෙහි ඇති වෙන මෙවන් ගැටලුවලට මුහුණ නොදෙන පුද්ගලයන් විදිහට A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් නම් කරන්නට පුළුවන්.
රුධිර වර්ගය සහ ගර්භනීභාවය
AB වර්ගය හිමි කාන්තාවන්ගේ “follicle-stimulating” හෝමෝනය නිපදවීම අඩු නිසා අනෙත් කාන්තාවන්ට වඩා ඉක්මණින් ගැබිනියක් වීමේ හැකියාව තිබෙනවා.
රුධිර වර්ගය සහ හදිසි අවස්ථා
හදිසි අවස්ථාවක රුධිර පාරවිලයනයක් (එක් අයකුගේ රුධිරය තවත් අයකුගේ ශරීරයට ඇතුලත් කිරීම) සිදු කිරීමට අවශ්‍ය වූ විට මතකයෙහි තබාගත යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. ඒ, O වර්ගයේ RH අගය සෘණ වන පුද්ගලයන්ට ඕනෑම රුධිරයක් හිමි පුද්ගලයෙකුට රුධිරය ලබා දීමටත් AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට ඕනෑම රුධිර වර්ගයක් ලබා ගැනීමටත් හැකි වීමයි.
- සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk

කන්න ඕනෑ මස්ද එළවළුද? රුධිර වර්ගය බලා කෑම කමු! කන්න ඕනෑ මස්ද එළවළුද? රුධිර වර්ගය බලා කෑම කමු! Reviewed by CHAA MEDIA on October 26, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.