Seo Services

AIDS මඩින අලුත් පෙත්ත!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සියවසේ මාරකය ලෙස හඳුන්වාදිය හැකි ඒඩ්ස් රෝගය වළක්වන පෙත්තක් දැන් කළ එළි බැස තිබේ. මේ පෙත්ත දිනපතා භාවිතය මගින් ඒඩ්ස් රෝගය වැළඳීම වළක්වන බව සනාථ කරගන ඇත. එම රෝගය හැදෙන්නට කළින් භාවිත කිරීමෙනි. ළඟදීම ලංකාවේ උදවියටත් පෙත්තේ ආශීර්වාදය ලබාගන්නට හැකිවනු ඇත.
මේ පෙත්ත PrEP නොහොත් පූර්ව නිරාවරණ ප්‍රතිකාර ක්‍රමයක් (Pre-Exposure Prophylaxis) ලෙස හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ දැනට සිදුවන HIV නිවාරණ වැඩසටහනට සමගාමීව නොබෝ දිනකින් PrEP ප්‍රතිකාරය හඳුන්වාදීමට නියමිතය. දිනපතා පෙත්ත ගත් විට ලිංගික සබඳතා මගින් රෝගය අලුතෙන් වැළඳීමට ඇති අවස්ථාව සියයට 99ක්ම වළක්වන බව සනාථ වී ඇත. එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය භාවිත කරන උදවිය මේ පෙත්ත දිනපතා ගත්විට ඔවුන්ට ඒඩ්ස් වැළඳීමේ අවස්ථාව සියයට 74කින් අවම කරයි. කොටින්ම මේ පෙත්ත HIV වෛරසය සම්ප්‍රේෂණය වීමට අවදානමක් ඇති පුද්ගලයන්ට එම අවදානම ඉතා අඩු කිරීම සඳහා ලබා ගත හැකි ඖෂධයකි. එය එබඳු අය නොකඩවා ගත යුතුය. එසේ නොගන්නා විට එහි ප්‍රබලතාව අවම වී යයි. එසේම PrEP ලබාගත් පලියට කොන්ඩම් වැනි ආරක්ෂිත උපක්‍රම හැර දැමීම නොකළ යුතු බව වෛද්‍ය මතයයි. වෙනත් ලිංගාශ්‍රිත රෝග සඳහා එයින් ආරක්ෂාවක් නොලැබෙන නිසාය. එසේම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා උපරිම ප්‍රතිශක්තිය වර්ධනය වීමට පෙත්ත අඩු තරමේ දින 07 -20ත් අතර කාලයක් එක දිගට ලබාගත යුතුය. අඩු තරමේ වෛරසයට නිරාවරණය වීමේ අවදානම ඇති බවට සැකයක් සහිත විට අඩු තරමේ පැය 72කට කලින් මේ පෙත්ත ගැනීම වැදගත්ය. මාස 3කට වරක් වෛද්‍ය උපදෙස්  ලැබීම වැදගත්ය. මෙම ඖෂධය තුළ අන්තර්ගතව ඇත්තේ ඒඩ්ස් සඳහා ලබාදෙන සමහර ඖෂධ  සංයෝගයන්ය. Tenofovir සහ emtricitabine එවන් සංයෝගයන්ය. එසේ වුවද  HIV ශරීරගතව ජිවත්වන පුද්ගලයන් සඳහා PrEP ප්‍රතිකාරය අදාළ නොවන අතර ඔවුන් ART (Antiretroviral Therapy; HIV වෛරසය සමඟ ජීවත් වන පුද්ගලයන්ගේ වෛරස් මට්ටම අඩු කිරීම සඳහා ලබාදෙන ඖෂධය) ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුය. එසේම PrEP ප්‍රතිකාරය හිතුමතයට  ලබාගැනීම නොකළ යුතුය. ඒ සඳහා වෛද්‍ය උපදෙස් අනිවාර්ය වන අතර ප්‍රතිකාරය ලබාගැනීමට පෙර ඔබගේ සෞඛ්‍යය තත්වය පරීක්ෂණ කිහිපයක් මගින් ඒ සඳහා යහපත්ද යන්න සොයා බලනු ලැබේ.
ඔබගේ සහකරු HIV සමග ජීවත්වන අයෙකු වී ඔබ HIV නොමැති පුද්ගලයකු නම්, HIV සඳහා අධි අවදානම් කණ්ඩායම් යැයි හඳුනාගනු ලැබූ පුද්ගලයන්, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි පුද්ගලයන්, ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයන් සහ සිරින්ජ භාවිතයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා පුද්ගලයන්ට මෙම පූර්ව නිරාවරණ ප්‍රතිකාරය HIV සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස වඩාත් සුදුසුය. මෙහි දැනගත යුතු වැදගත්ම කරුණක් වන්නේ, PrEP ලබා ගැනීමේදී අප විසින් ලිංගිකව හැසිරීමේදී වෙනත් ආරක්‍ෂිත උපක්‍රමද භාවිත කළ යුතුම වීමයි. මන්ද, PrEP මගින් සිදුවන්නේ HIV සම්ප්‍රේෂණය වැළැක්වීම පමණකි. වෙනත් ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා PrEP මගින් කිසිදු බලපෑමක් සිදු නොවේ. එබැවින් සෑම ලිංගික එකතු වීමකදීම කොන්ඩම් හා වෙනත් ආරක්‍ෂිත උපක්‍රම භාවිත කිරීම අනිවාර්යය වේ. යහපත් ආරක්ෂිත ලිංගික සබඳතා මගින් ජිවිතය සුවදායක ලෙස පවත්වාගන යාමට මේ අලුත් පෙත්ත ආශීර්වාදයක් වනු ඇති බව වෛද්‍ය මතයයි.
► සුගත් 

උපුටා ගැනීම - http://www.deshaya.lk/

AIDS මඩින අලුත් පෙත්ත!  AIDS මඩින අලුත් පෙත්ත! Reviewed by CHAA MEDIA on September 21, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.