Seo Services

දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කුඩා දරුවන්ට රෝහල් ආශ්‍රිතව ලෙඩ රෝග වළක්වන මූලිකව එන්නත් ලබා දෙනවා. ඒ වගේම පෞද්ගලික සායනවලින් ලබාගත හැකි එන්නත්ද තිබෙනවා. අද අපි බලමු මොනවද ඒ එන්නත් වර්ග කියලා.
පැපොල එන්නත
පැපොල නැත්නම් Chicken pox රෝගය වළක්වා ගැනීම සඳහා Varicella Zoster vaccine නමැති එන්නත දෙනු ලබයි. එය මාස 12 සිට මාස 15 අතර කාලයේ එක එන්නතකුත් අවුරුදු 4 සිට 6 දක්වා දෙවන එන්නතත් ලෙස විදිය යුතුයි. මාස 12 -15 අතර කාලයේ මෙම එන්නත ලබා නොදුන් අවුරුදු 12 ට අඩු දරුවෙකුට පළමුවන එන්නතින් මාසතුනකට පසුව දෙවන එන්නත දෙන්න ඕන. අවුරුදු 12 න් පසුව සති 6 සිට 10ක් ඇතුළත එන්නත් දෙකක් වශයෙන් ලබාදිය යුතුයි.
මෙම එන්නත පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාගන්න කෙනෙක් නම් අනෙත් එන්නත් එක්කම .එක දවසේ තැන් දෙකකට වෙන වෙනම ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් එන්නතකින් මාසයකටවත් පරතරයක් සහිතව ලබාගත යුතුයි.
ඉන්ෆ්ලුවෙන්සා එන්නත (Influenza vaccine)
මේ වැස්ස දවස්වල මතකයට එන වැදගත් එන්නතක් තමා මේ. මෙම එන්නත මාස හයෙන් අඩු බබාලට දෙන්නේ නෑ. මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට සාමාන්‍ය අයට දෙනවා වගේ බාගයක් තමයි දෙන්නේ. අවුරුදු නවය දක්වා මීට පෙර මෙම එන්නත ලබාදුන්නැති දරුවන්ට මාසයක පරතරය සහිතව එන්නත් දෙකක් ලෙස ලබාදිය යුතුයි. අවුරුදු නවයෙන් පසුව එක එන්නතක් පමණක් ලබාදිය හැකියි. ඒ වුණත් මෙහි ආරක්ෂාව පවතින්නේ අවුරුද්දක් පමණයි. ඒ නිසා වසරක් පාසා මෙම එන්නත ලබාගත යුතුයි. මෙය බොහෝදුරට වැදගත් වන්නේ ප්‍රතිශක්තිය අඩු වැඩිමහලු පුද්ගලයන්ට හා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් තිබෙන පුද්ගලයන් සඳහායි.
නියුමෝකොකල් එන්නත  Pneumococcal vaccine
පොඩි අයට විදින්නේ pneumococcal conjugate vaccine කියන එන්නතයි. මේක 2,4,6 යන මාසවලදී අනිත් එන්නත් එක්කම විදින්න ඕන. එතකොට අනෙක් එන්නතත් පෞද්ගලික අංශයෙන්ම ලබාගත යුතුයි. මේ කාලයේදී විදින්න බැරිවුණොත්. මාස 7න් පසුව පළවැනි එන්නත විද්දොත් ආයෙ සති 4කින් දෙවන එන්නතත් බබාට අවුරුද්දෙන් පස්සේ තුන්වන එන්නතත් විදිය යුතුයි. අවුරුද්දෙන් පසුව පළමු එන්නත විදිනවා නම් මාස දෙකකට පසු තවත් එන්නතක් විදිය යුතුයි. අවුරැදු 2 සිට 5 දක්වා එක එන්නතක් ප්‍රමාණවත්. මෙයින් ලැබෙන ප්‍රතිශක්තිය අවුරුදු තුනකට ප්‍රමාණවත්.
Rota virus එන්නත
අවුරුදු තුනට අඩු බබාලාට පාචනය හා විජලනය හැදෙන්න ප්‍රධාන හේතුව මේ Rota virus එක කියලයි සැළකෙන්නේ. නමු ලංකාවේ මේ නිසා වන මරණ සංඛ්‍යාව නම් අනෙක් රටවල් එක්ක බලනකොට ගොඩාක් අඩුයි. මේ සඳහා එන්නත් වර්ග දෙකක් තියෙනවා.
ලංකාවේ තියෙන්නේ මුඛයෙන් දෙන live attenuated oral vaccine එකක්. සති හයට වැඩි බබාලට දෙන්න පුළුවන්. සති හතරකට පස්සේ ආය දෙන්න ඕන. සාමාන්‍යයෙන් දෙන්නේ මාස දෙකේදී හා හතරේදී අනෙක් එන්නත් සමග.
Hepatitis - A එන්නත
මේ ආහාර මගින් ඇතිවන හෙපටයිටිස් සඳහා දෙනු ලබන එන්නතයි. අවුරැදු දෙකට වැඩි අයටයි දෙන්නේ. පළවැනි එන්නත දීලා මාස හයෙන් හයට මාස දොළහ දක්වා   දෙන්න ඕන.
► Vaccination news
උපුටා ගැනීම -  http://www.deshaya.lk/
දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත් දරුවන්ගේ ලෙඩට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත් Reviewed by CHAA MEDIA on September 21, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.