Seo Services

මොකක්ද මේ පැප් පරීක්ෂණය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කාන්තාවන් අතර බහුල ලේසියෙන්ම සුව කළ හැකි නමුත්  බොහෝ විට නොසැලකිල්ල නිසා මාරාන්තික බවට පත්වන ගැබ් ගෙල පිළිකාව කළින්ම හඳුනා ගැනීමට හැකියි. ඒ සඳහා ඇති පරීක්ෂණය ඉතා සරලයි. Pap smear, නැත්නම් සුවනාරි පරීක්ෂණය ලෙස හඳුන්වන්නේ එයයි.
එය කුමක්ද? එම පරීක්‍ෂණයේ ප්‍රතිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරිම මේ ලිපියේ අරමුණයි.
Pap පරීක්ෂණය සිදු කරන්නේ ඇයි?
ගැබ් ගෙල පිළිකාවක් මූලිකම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90෴ ගැබ් ගෙල පිළිකා සෑදෙන්නේ මානව පැපිලෝමා හෙවත් HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි. මෙම වෛරසය ජනගහනයේ 60෴ පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසෑදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම, නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ.
පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage) හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනාගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය.
Pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද?
වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල බෙදීමේ වේගය වැඩි කරයි. එය පිළිකා පූර්ව  තත්ත්වයක් (Pre-Cancer) ලෙස හැඳින්වේ. ගැබ්ගෙල පූර්ව පිළිකා තත්ත්වය මූලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.
විවිධ රටවල මධ්‍යයන වයසක් මේ සඳහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙසද හඳුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැතිනම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ.
පැප් පරීක්ෂණය සිදුකරන ආකාරය
මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති උපකරණය යෝනි මාර්ගය තුළට ඇතුලු කර, ගැබ්ගෙල බුරැසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ. මේවා අන්වීක්ෂයෙන් පසුව පරීක්ෂා කෙරේ. මෙම සෛල වර්ණ ගන්වන ක්‍රම (staining) දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැඳින්වේ. නවතම Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ.
පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක්ද?
මෙහි ප්‍රථිපල සති 3 කින් පමණ ලැබේ. එය සාමාන්‍ය නම් නැවත අවු 3කින් කිරීම ප්‍රමාණවත් වේ. එහි යම් කිසි ගැටලුවක් ඇත්නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය. ගැබ්ගෙල සෛලවල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කළ හැකිය. අසමාන්‍යතාව තීව්‍ර නම් colposcopy පරීක්ෂණයට යොමුවිය යුතුය.
► විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර

උපුටා ගැනීම -  http://www.deshaya.lk
මොකක්ද මේ පැප් පරීක්ෂණය මොකක්ද මේ පැප් පරීක්ෂණය Reviewed by CHAA MEDIA on August 24, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.