Seo Services

කොන්දේ කැක්කුම එන්නේ ඇයි ?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
බෝනොවන රෝග අතුරින් බොහෝ දෙනෙකුට දැන් නිතරම හා ඇතැම් අයට එක් වරක් හෝ වැළඳී ඇති රෝගයක් ලෙස කොන්දේ කැක්කුම හඳුන්වා දිය හැකිය. මෙහි විශේෂත්වය වනුයේ වයස් භේදයක් නොමැතිව ඕනෑම අයෙකුට එක් වරක් හෝ වැළඳී තිබීමයි. විශාල පාසල් බෑග් රැගෙන යාම, පසුපස ආධාරක නොමැති ආසනවල බොහෝ වේලා සිටීම, ක්‍රීඩා කිරීමේදී ඇතිවන අනතුරු හේතුවෙන් වර්තමානය වන විට පාසල් ළමුන් අතර ද මෙම රෝගය සුලබව දැකිය හැකි වේ.
කොන්දේ අපහසුතාවට විශේෂයෙන් බලපානු ලබන්නේ වැරදි ඉරියව්ය. මෙම වැරදි ඉරියව් පාලනය කර ගතහොත් මෙයින් මිදීමට හැකියාව ලැබේ. ගැටලුවකට තිබෙනුයේ නිවැරදි ඉරියව් මොනවාදැයි බොහෝ දෙනා නොදැන සිටීමයි. මැදි වියේ පසුවන්නන් ද විඩාවට පත් වනුයේ මෙම හේතුව නිසාය. එමෙන්ම බර එසවීම ආදී ක්‍රියාකාරකම් හේතුවෙන් ද දිගු කාලීනව මෙම රෝගය ඇති වීමට පුළුවන.
වයස්ගත වන විට ද කොන්දේ කැක්කුම දරාගත නොහැකි මට්ටමින් පවතී. මේ සඳහා ඔස්ටියෝපොරෝසිස්, අස්ථි දුර්වලතා බලපානු ලබයි. ළමා වියේ සහ තරුණ වියේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් ඇතිවන අපහසුතාවලට වඩා මහලු වියේදී ඇතිවන අපහසුතා වෙනස් ස්වරූපයන්ගෙන් යුතු වේ. කොඳු ඇට අතර ඇති සන්ධිවල තිබෙන ආතරයිටිස් තත්ත්ව මේ සඳහා බෙහෙවින් බලපානු ලබයි.
කොන්දේ කැක්කුමට නිවැරදි ප්‍රතිකාර කිරීමට නම් එහි තත්ත්වය තේරුම්ගෙන තිබිය යුතුය. එම නිසා කොන්දේ කැක්කුම සෑදීමට හේතුවන වෙනත් රෝග පිළිබඳව සොයා බැලිය යුතුය. වකුගඩු රෝග, මුත්‍රා මාර්ගයේ ඇතිවන ගල්, ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග, අග්න්‍යාශය ආශ්‍රිත රෝග, රුධිර වාහිනීවල වේදනාවන් මෙලෙස කොන්දේ කැක්කුමට මූලික විය හැකිය. මෙම රෝග විවිධ පරීක්ෂණ මගින් අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබීම ඉතා වැදගත් වේ. එනම් කොඳු ඇට පෙළෙහි දිරීම්, අස්ථි ගෙවීම්/ වෙනස් වීම්, කොඳු ඇට අතර තල්ලු වීම් ආදිය X – Ray වැනි පරීක්ෂණයක් මගින් නිවැරදිව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබීමයි. ඇතැම් විට මේවා පිළිකා වැනි තත්ත්වවලට බලපාන්නේ ද යන වග දැනගැනීමට රුධිර පරීක්ෂණ, C.T. ස්කෑන්, M.R.I. ස්කෑන් ආදිය සිදු කරනු ලබයි. මේවා ඒ සඳහා සුවිශේෂී සහ සියුම් පරීක්ෂණ ලෙස පෙන්වා දිය හැක.
එවැනි අයහපත් රෝග ඇතිවේද යන සැකය නිසා කොන්දේ කැක්කුමට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. පෙර සඳහන් කළ වැරදි ඉරියව් හේතුවෙන් ඇතිවන කොන්දේ කැක්කුම් සඳහා වූ ඖෂධ මගින් ඒවා සුව කරගත හැකි වේ.

-Web MD
කොන්දේ කැක්කුම එන්නේ ඇයි ? කොන්දේ කැක්කුම එන්නේ ඇයි ? Reviewed by CHAA MEDIA on August 31, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.