Seo Services

නහර පටු වුණොත් හැදෙන ලෙඩ ගොඩයි!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
හරිහැටි රුධිරය සිරුරේ අවයව වෙත ගලා නොගියොත් අපට ලෙඩරෝග රැසකටම මුහුණ දෙන්නට සිදුවෙයි. රුධිර වාහිනී පද්ධතියට අයිතිව ඇති අත් පාද වැනි අපේ බාහිර අවයවවලට රුධිරය සපයන නාළ නැතිනම් පර්යන්ත ධමනි පද්ධතිය අවහිර වීම නිසා, ටික දුරක් ඇවිදීමේදීත් මහන්සිය, මස්පිඬු පෙරළීම් හා ශරීරයේ පහළ කොටස්වල වේදනා හිරිවැටීම් ඇතිවිය හැකියි. නමුත් මේ කියන පර්යන්ත ධමනි පිළිබඳ රෝගයන්හි  ලක්ෂණ වරදවා වටහාගැනීම නිසා මෙයට ප්‍රතිකාර ලබාදීම මඟහැරෙයි. එයින් මාරාන්තික අවදානමක් මතුවෙයි. මේ නිසාම වෛද්‍ය විශේෂඥයන් පවසන ලෙසට  පර්යන්ත ධමනි ආශ්‍රිත මෙම රෝග ලක්ෂණ හොඳින් හඳුනාගැනීම ඉතා වැදගත්ය.
මෙහිදී සිදුවන්නේ කකුල්වලට, උදරයට, අත්වලට හා හිසට ගමන් කරන පර්යන්ත ධමනි පටු වීමකි. එය කකුලේ ධමනිවල බහුලය. පර්යන්ත ධමනි රෝග ඇති කරන්නේ ධමනි පටු හා අවහිර කරන atherosclerosis නම් වූ තත්ත්වය මගිනි. එම තත්ත්වය ඇති පුද්ගලයන්ට හදවත් රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතා වැඩිය.
ධමනි පටු හා අවහිර කරන atherosclerosis නම් වූ තත්ත්වයට හේතු වන්නේ දුම්බීම, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් තත්ත්ව, බර වැඩිවීම හා ක්‍රියාකාරී ජීවිතයක් ගත නොකිරීමයි. එසේම දියවැඩියාව ඇත්නම් එය මේ රෝගය තවත් උග්‍ර කරයි.
රෝග ලක්ෂණ
ඔබ ව්‍යායාම කරන විටදී ඇතිවන සහ පසුව සැණෙක නැතිවන කකුල් වේදනා, දැවිල්ල, හිරිවැටීම, සෙමින් සුවවන තුවාල
ආසාදිත ප්‍රදේශ අන් ප්‍රදේශවලට වඩා සීතල වීම, දිලිසෙන සම (අත් හෝ පාද ආසාදනය වී ඇත්නම්), පාදවල රෝම නැතිවීම, පාදවල සෙමින් නාඩි වැටීම බොහෝවිට කැපීපෙනෙන ලක්ෂණය. සමහර පුද්ගලයන්ට මෙම රෝගය වේදනා ගෙන නොදේ. එසේම කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. එයට හේතුව වන්නේ ආසාදිත ප්‍රදේශයේ අවහිර වූ නහර වටා අලුත් නහර වැඩීමයි.
රෝග විනිශ්චය
ඔබට එම පර්යන්ත ධමනි රෝගය වැළඳී ඇද්ද යන්න ඔබේ වෛද්‍යවරයාට සොයාගත හැකි එක් මඟක් ඇත. වෛද්‍යවරයාට ඔබේ කකුලේ රුධිර පීඩනය අතේ රුධිර පීඩනය හා සංසන්දනය කර ප්‍රතිඵල පරීක්ෂා කළ හැක. කෙනෙකුගේ තත්ත්වය බරපතළ නම් වෛද්‍යවරයාට MRI, CT Scan සහ angiography ආදී ස්කෑන් සිදුකළ හැක. මෙමගින් අවහිරතාව ඇති ස්ථානය නිවැරදිව සොයාගත හැක.
ප්‍රතිකාර හා වළක්වා ගැනීම
ප්‍රතිකාර ලබාදීමේදී මූලිකව සිදුවන්නේ රෝග ලක්ෂණ අඩුකිරීම හා තවත් වර්ධනය වීම වැළකීමයි. මෙහිදී වෛද්‍යවරයා ඔබගේ ජීවන රටාවේ වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරයි.
ශාරීරික ක්‍රියාකාරීත්වය වර්ධනය, සෞඛ්‍යමත් ආහාරවේලක් ගැනීම, දුම් බීමෙන් වැළකීම, අධි රුධිර පීඩනය අඩු කිරීමට බෙහෙත් ගැනීම හෝ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීම.
මෙයට ප්‍රතිකාර කිරීම හා එය වැළැක්වීම යන දෙකම එක හා සමානය. ඇතිවීම වැළැක්වීමට ඔබ නිතර ව්‍යායාම කළ යුතුය. සෞඛ්‍යමත් ආහාර ගත යුතුය. දුම් බීමෙන් වැළකිය යුතුය. එසේම ඔබේ රැධිර පීඩන හා කොලෙස්ටරෝල් මට්ටම් ගැන පරීක්ෂා කළ යුතුය.
අවසාන ලෙස අවහිර වූ ධමනිය විවෘත කිරීමට angioplasty කිරීමට හා stent insertion ක්‍රියාවලිය සිදුකළ යුතුය.
  • HRT mag

නහර පටු වුණොත් හැදෙන ලෙඩ ගොඩයි! නහර පටු වුණොත් හැදෙන ලෙඩ ගොඩයි! Reviewed by CHAA MEDIA on July 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.