Seo Services

ස්වභාවික ප්‍රෝටීන් ආකරය: හතු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
නිර්මාංශ ආහාරයක් වන හතු පෝෂණ ගුණයෙන් අධික රසවත් කෑමක්. ප්‍රෝටීන් සැපයුමත් සමඟ මේවා මඟින් ශරීරයට ලැබෙන තවත් වාසි බොහොමයක් තිබෙනවා. ඒවා සමහරක් පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ සීමිත දැනුමක්. මේ නිසා හතුවල පෝෂණ ගුණය ගැන වැඩිදුර තොරතුරු ඔබට පවසන්නට අපි අදහස් කළා. සුදු බිම්මල් ග්‍රෑම් 100ක ප්‍රෝටීන ග්‍රෑම් 3.1ක් අන්තර්ගත අතර මේදය අන්තර්ගත වන්නේ ග්‍රෑම් 0.3ක් පමණයි. සුදු බිම්මල් ග්‍රෑම් 100ක් ආහාරයට ගත්විට ශරීරයට ලැබෙන්නේ කැලරි 22ක ශක්තියක් පමණක් නිසා මේදය හා කැලරි අවම ප්‍රෝටීන ප්‍රභව සොයන අයට මාහැඟි ආහාරයක් වනවා. සුදු බිම්මල් ග්‍රෑම් 100ක කාබොහයිඩ්‍රේට අඩංගු වන්නේ ග්‍රෑම් 3.3ක් පමණක් වන අතර කෙඳි ග්‍රෑම් 1ක් අන්තර්ගත වනවා. මිනිස් ශරීරයට සුවදෙන බී කාණ්ඩයට ඇතුළත් විටමින් වර්ග මෙන්ම සී හා ඩී විටමින්වලින්ද අනූන හතු ආහාරයෙන් පොටෑසියම්, යකඩ, සෙලනියම්, තඹ, මැග්නීයම් හා සින්ක් ආදී පෝෂණ සංඝටකද පහසුවෙන් ලබා ගැනීමට හැකිය.
ඉන් නොනැවතී හතු මගින් ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු වී HDL කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ථ අගයකට පැමිණෙනවා. මේ නිසා හෘදයාබාධ, ආඝාත වැනි රෝග සඳහා වූ අවදානම අඩු වෙනවා.
ඒ වගේම හතු යකඩ යහමින් අඩංගු ආහාරයක්. මෙහි අඩංගු යකඩවලින් අති බහුතර ප්‍රමාණයක් ශරීරයට පහසුවෙන් අවශෝෂණය විය හැකි මට්ටමේ තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රතු රුධිරණු නිෂ්පාදනය කාර්යක්ෂම වෙනවා. ඒ නිසා නීරක්තිය දුරලීම සිදුවෙනවා. තවදුරටත් පිළිකා, දියවැඩියා රෝග මැඩලීම, අස්ථිවල සෞඛ්‍ය රුකදීම, ප‍්‍රතිශක්තිය ඉහළ නංවාලීම, අධික රුධිර පීඩනය වැළැක්වීම, යකඩ උරා ගැනීම කාර්යක්ෂම කිරීම යන ප‍්‍රතිලාභද ඔබට හිමිකර දෙයි.
 - Nutritionnews

උපුටා ගැනීම -http://www.deshaya.lk
ස්වභාවික ප්‍රෝටීන් ආකරය: හතු  ස්වභාවික ප්‍රෝටීන් ආකරය: හතු Reviewed by CHAA MEDIA on June 01, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.