මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඑල රාශියක් ලැබේ. මේ ඒ ගැනය.
1. ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරයි
මෝර තෙල්වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ
ඇටමිදුළු ශක්තිමත් වේ. වියපත් වන කාන්තාවන්ගේ ශරීරයේ ඇටමිදුළු ශක්තිමත්
කිරීම සඳහා මෝර තෙල් ඉතාමත්ම ගුණදායකය. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන
ආකාරයට, ක්‍රීඩාකරන පුද්ගලයන් සඳහාද මෝර තෙල් භාවිතය සුදුසුය.
2. පියයුරු පිළිකා මර්දනය කරයි
සෞඛ්‍ය අධ්‍යනයන් මඟින්, පියයුරු පිළිකා
සෑදීමේ ප්‍රවණතාව අඩුකර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබේ.
එමෙන්ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන්ම ගුණදායක තෙල්
වර්ගයක් ලෙසින්ද මෙය හඳුන්වයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන
ප්‍රතිකර්මයක් ලෙසද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතය වේ. බටහිර වෛද්‍යවරුන්
ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බවය.
3. හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි
මෝර තෙල්වල, ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති
බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කෙරේ. එසේම, කොලෙස්ට්‍රරෝල්
මට්ටම සමබරව පවත්වා ගැනීම ද එමඟින් හැකිය. එම නිසා, අනෙකුත් තෙල්වලට
සාපේක්ෂව මෝර තෙල් ශරීර සෞඛයට හිතකරය.
4. මානසික සෞඛ්‍යයට හිතකරය
මෙහි ඇති ඔමේගා 3 පෝෂණ සංඝටකය මඟින් මනසෙහි
සංකූලතා අවම කරයි. සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාවද මෝර තෙල්
භාවිත කිරීමෙන් අඩු කර ගත හැකිය. එසේම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන
ව්‍යාකූල බව පාලනය කිරීමට ද මෙය දායක වේ.
5. දියවැඩියාව ඇතිවීම පාලනය කරයි
බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ,
මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බවය. ශරීරයේ
ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත්ය. මෝර
තෙල්වල අඩංගු විටමින් A මඟින්, පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු
කරයි.
- nutritio news web
සුව සදන විස්මිත තෙල!
Reviewed by CHAA MEDIA
on
May 04, 2019
Rating:
No comments: