Seo Services

ග්‍රීන් රයිස්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
පෙනුමෙන්, වැඩි කොළ පැහැයක් ගෙනදෙන නිසා මෙය ග්‍රීන් රයිස් නමින් හඳුන්වයි. විශේෂ අවස්ථාවකදී පිළිගන්වන්න සුදුසු බතකි.
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මති හාල් ග්‍රෑම් 500 ක්
සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 5 ක්
සිහිනව කපාගත් සුදුලුනු ග්‍රෑම් 5 ක්
සිහින්ව කපාගත් කරපිංචා ග්‍රෑම් 5 ක්
සිහිනව කපාගත් ලූනු කොළ
ග්‍රීන් පීස් ග්‍රෑම් 30 ක්
කොළ පැහැති බෙල්පෙපර් ග්‍රෑම් 25 ක්
සිහින්ව කපාගත් සැල්දිරි ග්‍රෑම් 25 ක්
බිත්තර 2 ක්
තෙල් මේස හැන්දක්
ලුණු, ගම්මිරිස්

සාදන ක්‍රමය
සාමාන්‍ය ආකාරයට බත පිසගන්න. බඳුනක් ළිප තබා එයට තෙල් දමා රත්වන්නට තබන්න. එයට බිත්තර දෙක කඩා දමන්න. එයටම කපාගත් එළවළු, බෙල් පෙපර් සැල්දිරි, ලූනු කොළ, කරපිංචා, ග්‍රීන් පීස් සහ ලුණු, ගම්මිරිස් එයට එක්කර ගන්න. ඉඟුරු සුදුලූනු ද චොප්කර එකතු කරන්න. හොදින් තෙම්පරාදු වූ පසු බත් එක එයට එකතුකර මිශ්‍ර කරගන්න.
අවශ්‍ය නම් සුප් කැටයක්, එළවළු රසකාරක එකතුකරන්න පුළුවන්. මේ බතට කොළපාට එළවළු එකතුකරන නිසා මෙය කොළ පැහැය ඇති බතකි.

2019/05/29 තරුණි බලන්න
ග්‍රීන් රයිස් ග්‍රීන් රයිස් Reviewed by CHAA MEDIA on May 28, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.