Seo Services

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි සමුගනී

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
(ඩයනා උදයංගනී)
         
ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අභාවප‍්‍රාප්ත විය.
         
රංගන ශිල්පිනී ප‍්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනෙකුගේ පියකු වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක වන සුභාෂිනී හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමි පුරුෂයාද විය.
         
වේදිකා, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති හෙට්ටිආරච්චි මහතා ‘දඩබිම’ ටෙලිනාට්‍යයෙහි රඟපෑ ‘මයිකලි’ නැමති මන්ද බුද්ධික පුද්ගලයාගේ චරිතය වෙනුවෙන් 1991 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකරගත්තේය.
         
සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ,  වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100කට පමණ රංගනයෙන් එක්ව ඇති ගාමිණී හෙට්ටිආරච්චි මහතා යශෝරාවය,  සිහිනපුරය, මිල්ලෑව වලව්ව ආදී ටෙලි නාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායක වී ඇත.
         
ඊට අමතරව ඔහු අස්වැසුම,  සිංහාවලෝකනය,  බහුබූතයෝ,  අයෝමා,  කොස්තාපල් පුඤ්ඤසෝම  ආදී චිත‍්‍රපට රැසකටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.
         
දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියෙකු ලෙස ද ඒ මහතා සේවය කර ඇත.

ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතය.

උපුටා ගැනීම -http://www.lankadeepa.lk

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි සමුගනී Reviewed by CHAA MEDIA on May 27, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.