Seo Services

සිංහල ගීතය එකලූ කල අද්විතීය ගී හඬ


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkm7QSI7wWnaeE_hFbmHXaKoxyV-b_cyHdu1ZSauQWa-fnJtRyE9GlJdhkCQ9fAqfsNJP0zTRxtkN9JLI91PIBhh8L6edoA6HorSdh_p9hyN2YcUOtONJZ3L7uroMCjGqPBa4yUagR_Ic/s1600/geethaya2.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif
ලක්ෂ්මි බායි (1927-1945) සහ රුක්මණී දේවි (1939-1947) යුගයෙන් පසු වැඩිම බෞද්ධ ගීත ගණනාවක් 1950 දශකයේ HMV ලේබලය සඳහා ගායනා කළ එකම ගායිකාව වූයේ විවියන් සිල්වායි. ‘දුර පෙනෙන තැනිතලා’ නමින් සරත් විමලවීර විසින් විරචිත ගීතය ඇයගේ ගායන දිවියේ ලකුණ විය. වසර 60ක් ගතවුවත් වෙසක් දිනට අනිවාර්යයෙන් අපට අසන්නට ලැබෙන ‘බුදු මගුල ළඟම ඒවි’ ගීතය ඇගේ බොදු බැති ගීයේ කූඨ ප‍්‍රාප්තියයි. 1956 දී ‘බුදු මගුල ළඟම ඒවි’ ගී තැටි දහස් ගණනක් අලෙවි වූ නිසාවෙන් HMV ග‍්‍රැමොෆෝන් තැටි බෙදා හරින්නන් වන කාගීල්ස් සමාගම විසින් ඇයට ග‍්‍රමොෆෝන් යන්ත‍්‍රයක් පරිත්‍යාග කළේය. ඒ් ඇය එවක අතිශයම ජනප‍්‍රිය ගායිකාවක් වූ නිසාත්, වාණිජමය වශයෙන් ඇගේ තැටි වැඩි ප‍්‍රමාණයක් අලෙවි වූ නිසාත්ය. සිය පුංචි අම්මා වන ගේ‍්‍රස් සහබන්දු HMV තැටියට ගීත ගායනා කරන වකවානුවේ (1947 දී පමණ) විවියන් HMV තැටි සඳහා ගීත ගායනා කරන්නට පෙළඹුණේ සුනිල් ශාන්තයන් ගෙන් ගීත ලෝකයට අත් පොත් තැබූ නිසාත්, ගීත ගායනයට තිබු සහජ දක්ෂතාවය නිසාය.

 කොළඹ මරදානේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වූ විවියන් සිය පියාගේ මෝටර් රථයෙන් 1949-1952 වකවානුවේ නිතරම ගීත පටිගත කිරීම්වලට පැමිණි ආකාරය පැරැන්නෝ අදටත් සිහිපත් කරති.

 1950 වසරේ ලංකාවේ අතිශයින් ජනප‍්‍රිය වූ ‘දුලාරි’ හින්දි චිත‍්‍රපටයේ අනුකාරක හින්දි ගීතනු සඳහා බොහොමයක් ගීත ගායනා කලේ විවියන් ද සිල්වායි. පී. ඞී. වින්සන්ට් පෙරේරා නම් වූ අති දක්ෂ සංගීතඥයා (ගායිකා ප‍්‍රිසිලා ඕපාතගේ දයාබර සැමියා* විසින් ඇයගේ බොහොමයක් HMV තැටි ගීත සඳහා සංගීතය නිර්මාණය කරන ලදී. පී. ඞී වින්සන්ට් පෙරේරාගේ සහ ප‍්‍රසිලා ඕපාතගේ විවාහ දිනය දා දෙවැනි මනාලිය ලෙසින් සැරසී සිටියේද විවියන් සිල්වායි. ඒ ඔවුන් අතර පැවැති සොඳුරු මිතුදම නිසාවෙනි. එමෙන්ම ගීත ලෝකයේ ‘පෙම් හඬ’ ලෙස විරුදාවලිය ලත් ධර්මදාස වල්පොල පළමුවෙන්ම යුග ගීයක් පටිගත කළේද විවියන් බොරලැස්ස සමඟිනි. ඒ අප කවුරුත් දන්නා ‘නිදි යහනේ ඇයි ද සෝක සිතින් කුමුදු රාජිනි’ නමැති ගීතයි.

 අනුකාරක ගීත ගායනා කළ ද, විවියන්ගේ ඇතැම් ගායනා මුල් අනුකාරක ගීතයට වඩා ගුණාත්මක බවින් ඉතා ප‍්‍රශස්ථ වූයේ උච්ච ස්වරයන්හි පුළුල් පරාසයක ගායනා කිරීමේ ශක්‍යතාවයක් ඇයට තිබුණු බැවිනි. අවසන් මොහොත දක්වාම හඬ එක ලෙස නොනැසී පැවතියේ ස්වර අභ්‍යාසයන් ප‍්‍රගුණ කිරීමත් ඇ සතුවූ වාසනා ගුණයත් නිසාය.

geethaya1දශක 7ක් තිස්සේ ස්වකීය මධුරතර ගී ස්වරයෙන් පරම්පරා ගණනක් ගීත ලෝකය එකලූ කළ විවියන් ද සිල්වා බොරලැස්ස ගීත කෝකිළාවියනි, බුදු මඟුල ළඟ ම එන සමයේ දුර පෙනෙන තැනිතලාවක සිට ඔබේ මධුරතර ස්වරය අපට සදා කාලිකව ඇසෙන බව නිසැකය. ඔබට උතුම් වූ නිර්වාණ සම්පත්තිය පතන්නට අප මැළි නොවන්නෙමු.

  විවියන්ද සිල්වා බොරලැස්ස විසින් ගායනා කළ ජනප‍්‍රිය හින්දි ගී තනු රැගත් සිංහල ගීත සමුච්චයක් සමගින් මෙම ලිපිය නිමා කරමු.

 ‘ආලෝකය මේ යැයි පවසන දිනයයි’ - ‘ලෝ ප්‍යාරිකි හෝ ගී ජී. බාලම්’ - ලතා මංගේෂ්කර් - ජාදු (1951*, ‘නිදි යහනේ ඇයි සෝක සිතින්’-(ධර්මදාස වල්පොල සමග*- ‘අබ් හාලේ දිල් යහා’ - ලතා සහ රාෆි -එත් කි ලර්කි (1949*, ‘ආනන්ද ජීවනේ දෙයි ශ‍්‍රීයා’ (ධර්මදාස වල්පොල සමග*-‘මිල් මිල් කේ ගායේගේ’ - ලතා සහ රාෆි-දුලාරි (1949*, ‘බුදු මඟුල ළඟම ඒවි’-දෝ දින් කි සින්දගී මේ’ -ලතා මදගේෂ්කර-පූනම් (1952*, ‘මගේ ලක් කුමාරි දිලේවි’ -‘මොහොබ්බත් හමාරි’ - ලතා මංගේෂ්කර්-දුලාරි (1949*, ‘ශාන්ති සැපා දෙයි සැමදා ’- ‘චාන්දනි ආ ඊබන් කී’ - ශාම්ශාඞ් බෙගම් -දුලාරි (1949*, ‘මෙලොව දනා මෙලොව දනා සැප සඳහා’ - ‘දිලෙනක්යු පර්වානා’ - සුරේන්ද්‍ර -අනොක්හි ආදා (1947*, ‘සැරදේ ශ‍්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ’ -‘උජිරී රේ මේරි ප්‍යාරිකි දුනියා’ -ලතා මංගේෂ්කර් -ආරාම් (1951*, ’ජීවන කතරේ මේ රංග මඩලේ ඇයි ද මේ’-‘දෙඛ් ගගන් මේ කාලි ඝටා ක්‍යා’ - මුකාධර්- නාලිනී ජයවන්ත් (1951*” ‘ගාමිණී රාජ ගේ කාලේ’ -‘ආන්ඛෝනේ මේ ආජා දිල් මේ සමාජා’ - ලතා මංගේෂ්කර්-දුලාරි (1949*, ‘මා සඟ බෝධි ස්වාමිනි’- ‘යේ සින්දගිකි’ - ලතා මංගේෂ්කර්-අනර්කාලි (1953*, ‘නංගි නංගි රූපිකා’ -‘ජ්හුමේ ජ්හුමේ දිල් මෙරා’ - ලතා මංගේෂ්කර් පූනම් (1952*, ‘නවතින්න තිස්ස ඇයි මේ’ - ‘යේ සින්දගි කි මාලික්’ -ලතා මදගේෂ්කර්-නස්නීන් (1951*, ‘පිපිලා ජලාසේ සෝබන වූ මාලා’ (ධර්මදාස වල්පොල සමග* - ‘අප්නා බනා කේ චෝඞ් නහින් ජානා’- ලතා සහ රාෆි -මීනා බසාර් (1949*, ‘රැුජනි ඔබගේ වැලපෙයි අනේ’- ‘දිල් කි දුනියා උජඞ් ගයී’ - සුරෙයියා - ශායර් (1949*, ‘හෝ හද නැග එය පෙම් තරංග මාලා ’-(කාන්ති වක්වැල්ල සමගින්*- ‘ ඕ බච්පන් කේ දිල් භුලනා දේනා’ -ශාම්ශාඞ් බෙගම් සහ ලතා මංගේෂ්කර් -දීදාර් (1951*, ‘නමවූ නමවු සමාදරෙන්’- (සුසිල් පේ‍්‍රමරත්න, කිංස්ලි ජයසේකර සහ ලීලාවතී ප‍්‍රසිලා ඕපාත සමග*-‘වතන් කි රාහ මේ වතන් කි නවුජවාන්’ - ඛාන් මස්තානා සහ රාෆි -ෂහීඞ් (1947*.
  

උපුටා ගැනීම - දිවයින
සිංහල ගීතය එකලූ කල අද්විතීය ගී හඬ සිංහල ගීතය එකලූ කල අද්විතීය ගී හඬ Reviewed by CHAA MEDIA on April 26, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.