අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳින් පැසුණු අඹ ගෙඩි 4 ක්
සුදුලූණු බික් 2 යි
මිරිස් කුඩු මේස හැඳි 2 යි
කහ කුඩු තේ හැඳි 1/2 යි
සීනි රසට අනුව තේ හැඳි 1 ක් පමණ
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
අමු මිරිස් කරල් 2 යි
ලොකු ලූනු ගෙඩියක්
ලුණු රසට අනුව
පොල් කිරි අඬු කෝප්පයක්
බැද ගැනීමට තෙල්
සාදන ආකාරය:
අඹ ගෙඩිය පිටින්ම හතරට පලා ඇට ඉවත් කරගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස්,
මිරිස් කුඩු ස්වල්පයක් අත ගා පැයක් පමණ පදම් වන්නට තබන්න. ඉන්පසු රත්වූ
ගැඹුරු තෙලට දමා බැද ගෙන පසෙකින් තබන්න.
ඇතිලියක් ගෙන එයට පොල් කිරි, කපා ගත් ලූනු, අමු මිරිස්, සුදු ලූනු,
කරපිංචා, රම්පේ, කහ කුඩු, මිරිස් කුඩු, සීනි දමා ලිප තබා නටවා ගන්න. දැන්
බැද ගත් අඹ කැබැලි දමා උකු ගතිය තිබෙන තරමට සිඳුවා ගන්න.
බැද ගත් අඹ කරිය
Reviewed by CHAA MEDIA
on
April 11, 2019
Rating:
No comments: