සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන
ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක් ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු
කිරීම සහ ඉන් තෘප්තිමත් බවක් ඇතිවීම සිදුකරනවා. නමුත් මෙම තත්ත්වය නිසා
කාන්තාවනට ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් හටගන්නවා. එසේම ලිංගික
එක්වීමකදී සිදුවන උපරිම සතුට හෙවත් සූරතාන්තයට පත්වීම සිදුවන්නේ නැහැ.
පිරිමියකුගේ ලිංගික ශක්තියේ දුර්වලතාවක් පවතින විට විමසන ප්‍රශ්නයක්
වනුයේ දියවැඩියාව තිබෙනවාදැයි කියාය. කාන්තාවකටද දරුඵල පමා වන විට එලෙසම
විමසනු ලබයි. ඉන් හෙළිවන්නේ දියවැඩියා රෝගය නිසා ලිංගික පද්ධතියටද බලපෑමක්
ඇතිවිය හැකි බවයි.වෛද්‍යතුමනි, දියවැඩියාව රෝගය ලිංගික පද්ධතියට බලපාන්නේ කෙසේද?
දියවැඩියා රෝගය නිසා ලිංගික ගැටලු මතුවීමේදී ඉන් වැඩිම ගැටලු ප්‍රමාණයක් ඇතිවන්නේ පුරුෂයන්ටය.
එහිදී ඔවුනට ඇතිවන ප්‍රධානතම ගැටලුව ලෙස ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් නොවීම හෙවත් අප්‍රාණික තත්ත්වය (Eරුජඑසකැ dහිමෙබජඑ සදබ) හැඳින්විය හැකියි.
ඊට අමතරව ලිංගික ආශාව අඩුවීම සිදුවෙනවා. ලිංගික සංසර්ගයකදී ක්ෂණික මෝචන තත්ත්වය මතුවෙනවා. මෙම ක්ෂණික මෝචන තත්ත්වය නිසා ලිංගික සංසර්ගයකින් පසු ශුක්‍රාණු පිටවීමක් සිදුවන්නේත් නැහැ.
එසේම ශිෂ්ණයේ ඉතා පහසුවෙන් දිලීර ආසාදන හටගන්නවා.
ඇතැම් අවස්ථාවලදී දියවැඩියා රෝගයෙන් පෙළෙන පුරුෂයින් අධික ලෙස දුම්පානය සහ මත්පැන් පානයට යොමුවී සිටීමෙන් ඒවායේද බලපෑම් සමග මෙම දුර්වලතා ඉතා බරපතල තත්ත්වයට පත්වෙනවා.
කාන්තාවන්ට ඇතිවන ලිංගික දුර්වලතා අතර ලිංගික සංසර්ගයකදී යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් නිසි ලෙස සිදුනොවීම නිසා යෝනි මාර්ගයේ වියළි බවක් ඇතිවෙනවා.
සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක් ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම සහ ඉන් තෘප්තිමත් බවක් ඇතිවීම සිදුකරනවා. නමුත් මෙම තත්ත්වය නිසා කාන්තාවනට ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් හටගන්නවා. එසේම ලිංගික එක්වීමකදී සිදුවන උපරිම සතුට හෙවත් සූරතාන්තයට පත්වීම සිදුවන්නේ නැහැ.
වෛද්‍යතුමනි, මෙම දුර්වලතා නිසා දරුඵල ලැබිය නොහැකිද?
ඔව්...... පිරිමියකු ලිංගික සංසර්ගයකින් පසු ශුක්‍රාණු පිට නොවීමෙන් ඩිම්බයකට දරු කළලයක් සෑදීමට අවශ්‍ය ශුක්‍රාණුවක් යෝනි මාර්ගයට එක්වන්නේ නැතිවූ විට දරුඵල හටගන්නේ නැහැ.
එසේම කාන්තාවන්ටද දියවැඩියා රෝගයේ අතුරුඵල ලෙස අධික ස්ථුලතාවට පත්වීම, ගර්භාෂයේ ගෙඩි හට ගැනීම නිසා දරුඵල ඇතිවීම ප්‍රමාද විය හැකියි.
ඊට අමතරව ඔවුන් නිසිලෙස රුධිර සීනි පාලනය නොකිරීම නිසා ඇතිවූ දරු කළලය නිසිලෙස වර්ධනය සිදු නොවීමෙන් ගබ්සාවීමක් ඇතිවීමේ අවදානමක්ද මතුවෙනවා.
වෛද්‍යතුමනි, මෙවැනි තත්ත්වයට පත්වන්නේ කුමන වයස් සීමාවේදීද?
මෙම දුර්වලතා හටගැනීමට වයස් සීමාවක් නැහැ. දියවැඩියාව නිසිලෙස පාලනය නොකළ ඕනෑම අයෙකුට ඕනෑම වයසකදී මතුවිය හැකියි.
විශේෂයෙන්ම කිවයුතු වන්නේ පිරිමි අයගේ දියවැඩියාව නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන විට දෙපාවල හිරිවැටීම දෙපාවල සංවේදී බව දුර්වල වීම ආදි රෝග තත්ත්වයනුත් මතුවෙනවා.
වෛද්‍යතුමනි, මෙලෙස ලිංගික දුබලතා මතුවූ විට ඒවා යළි යථා තත්ත්වයට පත්කිරීමට ප්‍රතිකාර තිබේද?
ප්‍රධාන වශයෙන්ම කළයුතු ප්‍රතිකාරය වන්නේ මෙවැනි තත්ත්වයකට පත් නොවන ලෙස තම රුධිර සීනි මට්ටම පාලනය කරගෙන දියවැඩියා රෝගයෙන් මිදීමට උත්සාහ කිරීමයි.
මෙම රෝග හටගැනීම සිදුවන මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් දියවැඩියාව පාලනය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාදී මතුව ඇති දුර්වලතා නැතිකර ලිංගික අවයව ක්‍රියාකාරිත්වය යළි යථා තත්ත්වයට පත්කළ හැකියි.
නමුත් දීර්ඝ කාලයක් දියවැඩියාව පාලනය නොකර සිටීම නිසා ස්නායු වලට බලපෑම් ඇතිවූ විට එය යළි එකවර යථා තත්ත්වයට පත්කිරීම අපහසුයි. ඒ සඳහා දිගු කාලයක් ප්‍රතිකාර කිරීමට සිදුවෙනවා.
එනිසා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාගැනීම තුළින් ලිංගික අවයවවල මතුව ඇති දුර්වලතා ඉතා ඉක්මනින් යථා තත්ත්වය පත්කර ගැනීම කළ හැකියි.
දියවැඩියාව නිසා පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතා
Reviewed by CHAA MEDIA
on
April 01, 2019
Rating:
No comments: