ලැබූ නව වසරේ සෞඛ්‍ය සම්පන්න
ජීවිතයකට මුල පුරන්නට හිතට ගත් ඔබේ අරමුණු සපුරා ගැනීමට ඔබට, තෙල් සහ මේද
වර්ග පිළිබඳ වූ මෙම තොරතුරු ඉතා වැදගත් වනු ඇත.
තෙල් සහ මේද මගින් ලැබෙන කොලෙස්ටරෝල් අපේ
යහපත් සෞඛ්‍යට වින කරයි. මේ බව ඔබ කලිනුත් අසා ඇති. කොලෙස්ටරෝල් යනු අපේ
යහපත් සෞඛ්‍ය තත්ත්වයට වින කරන, මේ වනවිට සියලු දෙනාගේ අවධානය දිනාගත් මේද
වර්ගයකි.
ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකු වසරකට වරක්වත්,
රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය පරීක්ෂා කර ගැනීම අවශ්‍ය බව වෛද්‍ය
නිර්දේශයයි. මෙහිදී ඔබ ලබන ප්‍රතිඵලය අනුව, තවදුරටත් පරීක්ෂාකාරී විය යුතු
කරුණු කියා දෙමින්, අපේ ඇඟේ නිපදවෙන හිතකර සහ අහිතකර කොලෙස්ටරෝල් වර්ග
පිළිබඳ ඔබට වෛද්‍යවරයා පහදා දෙනු ඇත.
කොලෙස්ටරෝල් යනුවෙන් හඳුන්වන්නේ මේද (තෙල්)
වර්ගයකි. එය අප ගන්නා ආහාරවලින් අක්මාව මගින් නිපදවනු ලබයි. යම් ප්‍රමාණයක
කොලෙස්ටරෝල් අප රුධිරයේ අඩංගු වෙයි. ශරීරය නිරෝගීව තබා ගැනීමට යම්
ප්‍රමාණයක කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය වේ.
කොලෙස්ටරෝල් රුධිරයේ පරිවහනය වන්නේ
ප්‍රෝටීන සමඟ සංයෝජනය වීමෙනි. මේවා මේද ප්‍රෝටීන (lipoproteins) ලෙස
හඳුන්වනු ලබයි. විවිධ වර්ගවල මේද ප්‍රෝටීන ඇත. නමුත් ඉතා වැදගත් මේද
ප්‍රෝටීන වර්ග 2ක් ඇත. එනම්, අඩු ඝනත්වයෙන් යුත් මේද ප්‍රෝටීන (Low
Density Lipoprotein හෙවත් LDL) සහ අධි ඝනත්ව මේද ප්‍රෝටීන හෙවත් High
Density Lipoprotein හෙවත් HDL ය.
මෙයින් LDL ‘අහිතකර’ කොලෙස්ටරෝල් ලෙස
හඳුන්වනු ලබයි. මෙම වර්ගයේ කොලෙස්ටරෝල් රුධිර වාහිනීවල තැන්පත්ව රුධිර
ගමනයට බාධා ඇති කර හෘදයාබාධ හා ආඝාත තත්ත්ව සෑදීමට ඉවහල් විය හැකිය. අධි
ඝනත්වීය මේද ප්‍රෝටීන (High Density Lipoprotein හෙවත් HDL) රුධිර නාළවල
මේද තැන්පත් වීම වළක්වන බැවින් මේවා හිතකර කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනු ලැබේ.
රුධිරගත කොලෙස්ටරෝල් අධික වීම
රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට
රුධිර නාළ තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් රුධිර නාළ සිහින් වී එම රුධිර
නාළ මගින් රුධිරය සපයන අවයවවලට රුධිර සැපයීම අඩු කරනු ලබයි. එමගින් මොළයට
හෘදයට වැනි ප්‍රධාන අවයවවලට රුධිර සැපයුම අඩුවිය හැකිය. කොලෙස්ටරෝල්
තැන්පත් වීමෙන් සිහින් වූ රුධිර නාළයක රුධිර කැටියක් ඇතිවුවහොත් රුධිර
ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර විය හැකිය. එවිට හෘදයාබාධයක්, නැතහොත් අංශභාගය
(ආඝාතය) වැනි රෝගී තත්ත්වයන් ඇතිවේ. මෙම තත්ත්වයන් මිනිසුන් රෝගාතුර වීමට
බලපාන ප්‍රධානතම සාධකයක් මෙන්ම ලංකාවේ රෝහල්වල සිදුවන මරණවලට බලපාන ප්‍රධාන
හේතුවක් ද වේ. මෙම රෝගවලට අධි කොලෙස්ටරෝල්වලට අමතරව අධි රුධිර පීඩනය,
දියවැඩියාව, දුම්බීම, ව්‍යායාම නොකිරීම, අධික ආතතිය වැනි සාධක ද ඍජුවම දායක
වේ.
රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලිය යුත්තේ කවුද?
- වයස අවුරුදු 40 හෝ 40ට වැඩි සියලුම දෙනා
- අඩු වයසින් හෘදයාබාධ හෝ ආඝාත තත්ත්වයකට ලක්වූ සමීප ලේ ඥාතීන් ඇති සියලුම පුද්ගලයන්
- ජානගත අධි කොලෙස්ටරෝල් තත්ත්වයන් සහිත පවුල්වලින් පැවත එන රෝගීන්
යම් කෙනෙකුට හෘද හා රුධිර රෝග ඇතිවීමේ
අවදානම වැඩිනම් හෝ ඉහත සඳහන් කළ කොලෙස්ටරෝල් වැඩිවීමට ඇති අවදානම වැඩිනම්
ඔවුන්ට ද කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමට වෛද්‍යවරු නියම කරති.
බලපාන සාධක
බොහෝ දෙනාගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමින්
පෙන්වනුයේ ආහාර මගින් ගන්නා තෙල් ප්‍රමාණය වේ. නමුත් එකම තෙල් ආහාර ප්‍රමාණ
ගන්නා අය අතර ද වෙනස් කොලෙස්ටරෝල් මට්ටම් දැකිය හැකිය. සාමාන්‍යයෙන් තෙල්
ආහාර ගැනීම අඩුකළ විට කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත වැටේ. සමහරුන්ගේ
කොලෙස්ටරෝල් අධික වීමට හේතුව වෙනත් රෝගී තත්ත්වයක් ද විය හැකිය. උදාහරණ ලෙස
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම, තරබාරුකම, අධික මත්පැන්
පානය සහ සමහර වකුගඩු හා අක්මා රෝග ද ඒ සඳහා හේතුවිය හැකිය. තවත් සමහරුන්ගේ
කොලෙස්ටරෝල් අධික වීමට හේතුව ජානවල බලපෑමය. මෙම ජාන බලපෑම නිසා සමහර
පවුල්වල එකම පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුගේම රුධිරයේ ඉතාමත් අධික
කොලෙස්ටරෝල් මට්ටම් පැවතිය හැකිය.
කොලෙස්ටරෝල් ඇති සියලු දෙනාටම ප්‍රතිකාර අවශ්‍යද?
ඇත්තෙන්ම ප්‍රතිකාර අවශ්‍ය වන්නේ හෘද හා රුධිර නාළ ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි පුද්ගලයන්ට පමණි. මෙම අවදානම ඇති අය වන්නේ,
- අධි රුධිර පීඩනය, දියවැඩියාව, පවුලේ අය අතර අඩු වයසින් හෘද හා රුධිර නාළ සම්බන්ධ රෝග ඇති අය
- දුම්බීම වැනි හෘද රුධිර නාළ ආශ්‍රිත රෝග සඳහා ඉවහල් වන සාධක කිහිපයක් ඇති අය
- වකුගඩු ආශ්‍රිත රෝග ඇති අය
- හෘද වේදනා (angina) හෝ හෘදයාබාධ සහිත අය
ආහාර මගින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කළ හැකිද?
සෞඛ්‍යට අහිතකර තෙල් අධික ආහාර අඩුකර
සෞඛ්‍යට හිතකර ලෙස ආහාර රටාව වෙනස් කළ විට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගත
හැකිය. නමුත් ආහාර රටාව වෙනස් කිරීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට
අමතරව බර අඩුවීම වැනි වෙනත් වාසි ද අත්වේ.
කොලෙස්ටරෝල් අඩුකිරීම සඳහා භාවිත වන ඖෂධ
ස්ටැටින් (Statin) කාණ්ඩයේ ඖෂධ
සාමාන්‍යයෙන් අධි කොලෙස්ටරෝල් තත්ත්වය සඳහා
බහුල ලෙස භාවිත කරනුයේ ස්ටැටින් (Statin) කාණ්ඩයේ ඖෂධයි. මෙම කාණ්ඩයට අයත්
ඖෂධ වනුයේ ඇටොවොස්ටැටීන් (atorvastatin) සිම්වාස්ටැටින් (simvastatin)
රොසුවාස්ටැටින් (rosuvastatin) වැනි ඖෂධයි. මෙම ඖෂධ ශරීරයේ කොලෙස්ටරෝල්
නිෂ්පාදනය සඳහා ඉවහල් වන එන්සයිමයක කාර්යය වැළැක්වීම මගින් රුධිරයේ
කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනු ලබයි. මෙම ඖෂධ දිනකට එක් වරක් පමණක් භාවිත
කිරීමට නියම කරන අතර මේවා ලබාගැනීමට සුදුසුම කාලය වන්නේ සවස 5-6 අතර කාලය
වේ. නමුත් මේ වේලාවට ගැනීමට අමතක වුවහොත් රාත්‍රියේ ගැනීමෙහි කිසිදු වරදක්
නැත. ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ මගින් රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මෙන්ම
ට්‍රග්ලිසරයිඩ ද අඩු කරයි.
කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබාදෙන ඖෂධවලට අමතරව වෙනත් ඖෂධ ගැනීම අවශ්‍ය වේද?
ඔබගේ හෘදය හා රුධිර නාළ ආශ්‍රිත රෝග සෑදීමේ අවදානම වේ යැයි වෛද්‍යවරයා නිගමනය කර ඇත්නම් ඔබට පහත දැක්වෙන ඖෂධ ලබාදෙනු ඇත.
- රුධිර පීඩනය වැඩි නම් ඒ සඳහා ඖෂධ
කොලෙස්ටරෝල් ඵලකයක් මත රුධිර කැටියක් සෑදීම
වැළැක්වීම සඳහා ඇස්ප්‍රීන් (aspirin) සුළු මාත්‍රාවක් (මිලිග්‍රෑම් 75-150)
ද සමහරවිට ලබාදිය හැකිය.
ඉහත කරුණුවලට අමතරව දුම්බීම පාලනය කිරීම,
මත්පැන් පානයෙන් වැළකීම, සෞඛ්‍යාරක්ෂිත සමබල ආහාර වේලක් ලබාගැනීම (වැඩි
වශයෙන් එළවළු, පලතුරු, මාළු අඩංගු හා මේද අඩුවෙන් අඩංගු) ශරීරය බර
පාලනයකින් යුක්තව තබාගැනීම, ව්‍යායමවල නිරත වීම මගින් රුධිරගත කොලෙස්ටරෝල්
පාලනයක් සහිතව තබාගත හැකිය.
►සුගත්
නව වසරේ කොලෙස්ටරෝල් මාරකයෙන් ගැලවෙමු!
Reviewed by CHAA MEDIA
on
April 13, 2019
Rating:
No comments: