අවුරුදු 40න් පස්සේ ජීවිතේ දශක 4ක්
ඉවරයි. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය කියන්නෙ 40-50 අතර කාලය
හැටියටයි සාමාන්‍ය පිළිගැනීම. බටහිර රටවල අය තමන්ගේ ජීවිතේ අලුතෙන්ම පටන්
ගන්නේ 40න් පස්සේ. ඒ අය 40+ ගත කරන්නේ ජිවිතේ මල් කියන අදහස හිතේ ඇතිවයි.
අපේ අය නම් හිතන්නෙ දැන් ඉතිං යන තැනකට වැඩ කරගන්න කාලේ හරි කියලයි. එහෙම
හිතලා ශරීර සෞඛ්‍ය ගැන හිතීම තුට්ටුවට දාලා අපිරිසුදුව කලකිරුණු විදිහට
ජීවත්වෙන්න ගන්නවා. පරණ කවියක තියෙන්නෙ “උපන්නාට මේ ලොව වැනෙනවා විනා”
කියලා. අපේ අය ජීවත්වෙන්න හදන්නෙ අන්න ඒ විදියට. නමුත් ඇත්තටම මේ කාලේ
තමන්ගේ ශරිරයේ සිදුවන වෙනස්කම් දැනගෙන ක්රමානුකූල දිවිපෙවතකට හුරුවීමයි
වැදගත්. “40+ ජිවිතේ මල්!” කියලා සතුටින් ඉන්න නම් හුරුකරගන්න ඕනා සෞඛ්‍යමය
පුරුදු ටිකක් ගැනයි ඔබට මේ ලිපියෙන් උපදෙස් දෙන්නෙ.
සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරන්න නම් මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරන්න පුරුදු වෙමු!
නිසි ශාරීරික ව්‍යායාම පද්ධතියක් පුරුදු
කරගන්න. සමබල ආහාර වේලක් සැමවිට ගන්න. ඒ සඳහා පෝෂණවේදී උපදේශනයකට යොමුවන්න
කාලය හොඳයි. හානිදායක ආහාරවලින් සම්පූර්ණයෙන් වැළකීම. ඒ කියන්නෙ අධික තෙල්,
ලුණු, සීනි රහිත ප්‍රමාණවත් ශක්තිය ලබාදෙන ආහාර වේලක් ලබාගැනීමයි. පිටි
කෑම 60% කින් පාලනය කරගත යුතුයි. ක්ෂණික කෑම සම්පූර්ණයෙන් අත හැරීම. තද
අව්වට නිරාවරණය නොවී සිටීම. අධි මානසික ආතතියෙන් යුතු බැඳීම්වලින් ඉවත්වීම.
කල්පනාකිරීම 50% කින් අඩු කිරීම. නිතර ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීම.
සුවපහසු නින්දක් ලැබීම. ජලය හොඳ හැටි පානය. මත්පැන් පාලනය. දුම්පානය
අතහැරීම. මෙහිදී ඉතා වැදගත්.
ඒ වගේම කාන්තාවන්ට පහත උපදෙස් වැදගත් වේවි.
කාන්තාවකට අවශ්‍ය විටමින් සහ ෆෝලික් අඩංගු
බහුකාර්ය පෙත්තක් පාවිච්චියට ගන්න. ඔබේ මානසික පීඩනය ස්ට්‍රෙස් එක වැඩිනම්
වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. අවුරුදු 40න් පසු කෙනෙක්ගේ අස්ථි දිරාපත්
වෙන්න පටන් ගන්නවා. කාන්තාවන්ටයි මේ වැඩි බලපෑම. ආතරයිටිස් වැනි රෝග
ඇතිවෙන්නේ එහෙම. එමනිසා කැල්සියම් සහ විටමින් D දිනපතා ශරීරයට ලබාගන්න.
මේවා පෙති වශයෙන්ම නොව හාල්මැස්සන් වැනි කුඩා මසුන්, අලුත් එළවළු, මුහුදු
මාළු වැනි අහාර ඇසුරින් ලබාගත හැකියි. මාස 3කට වරක් රැධිරගත සීනි,
කොලෙස්ටරෝල්, පරීක්ෂා කරගන්න. මෙයට සාමාන්‍ය වෛද්‍යවරයෙක් නොව ප්‍රසව හා
නාරි හෙවත් VOG වෛද්‍යවරයෙක් හමුවන්න.
දිනපතා ආහාර ගැනීමට පසු හොඳ ඉදුණු කෙසෙල්
ගෙඩියක් කන්න. මෙය බඩවැල්වල සංකූලතාවන්ට මෙන්ම මලබද්දයටත් ඉතාම හොඳයි.
දිනපතාම කොළ ඇපල් ගෙඩියක් කන්න. “ඇපල් ගෙඩියක් කන්න... දොස්තර ඈතින්
තියන්න...” මේ කියමන නිකම්ම කියන දෙයක් නෙවෙයි. ඒ තරම් කොළ ඇපල් ගුණයි.
ඔබේ දෑස පණ මෙන් රැකගන්න. දිගින් දිගටම
ගෑස්ලිප් පාවිච්චිය, ජංගම දුරකතනය පරිගණකය පාවිච්චිය, නිදිවැරීම, වැනි බොහෝ
හේතු නිසා එය කෙළින්ම බලපාන්නේ අපේ ඇස්වලට. මේ නිසා අවුරුදු 40න් පසු ඇස්
දෙක පරීක්ෂා කරගන්න. (දැන් ඉතින් පොඩි ළමයින් පවා කන්නාඩි දානවා.)
අනිවාරෙන්ම කියවීමේදී රීඩින් ග්ලාස් පාවිච්චි කරන්න.
ජීවිතය, අවට ලෝකය දෙස ඉරිසියාව කුහකකමින්
බැලීමෙන් වළකින්න. සෞම්‍ය ලෙස ජීවිතේ දෙස බලන්න පටන් ගන්න. පිෂ්ඨය, මේදය
අඩුකර ප්‍රෝටීන ප්‍රමාණය වැඩිකර ගන්න. ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල වයස් ගතවීම
නිසා ඇතිවන බොහෝ ප්‍රශ්න අවම කරනවා. සීනි නැති කහට කෝප්පයක් කෑමෙන් පැයකට
පසු බොන්න. එය ඔබේ කෑම වේලෙහි අනවශ්‍ය තෙල් අඩුකරාවි. දවසකට එළවළු 4ක්
කන්න. එක් එළවළුවක් නොපිසූ එළවළුවක් විය යුතුමයි (සලාද, කැරට් සම්බෝල)
බිත්තර සුදුමදය ආහාරයට ගන්න. අධික කොලෙස්ටරෝල් ඇත්තේ කහමදයේයි. හාෆ් බොයිල්
කළ සුදු මදයට ගම්මිරිස් ඉසගෙන කන්න.
දිනකට වතුට බෝතල් 6ක් බොන්න. එය රාත්‍රී
නින්දට පෙර කරන බවට ඔබ ඔබටම අභියෝග කරන්න. බත්කනවිට රතුලූනු ගෙඩියක් හපලා
කන්න. අවුරුදු 40 පස්සේ මේක කළ යුතුමයි. රතුලූනු ශරීරය විසෙන් තොර කලාපයක්
කරනවා. උදෑසන සීනි නොදා දොඩම් යුෂ වීදුරුවක් බොන්න. එය ඔබේ පෙනුම රැකගන්න
වැදගත්. ගැස්ට්‍රයිටිස් රෝගය ඇත්නම් පමණක් වෛද්‍ය උපදෙස් ඇතිව බොන්න. ඔලිව්
ඔයිල් ආහාරයට ගන්න. ලෝක සෞඛ්‍යය සංවිධානය කියන විදියට ඔලිව් ඔයිල් ලෝකයේ
තියෙන සුපිරිම ආහාරය. එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ශරීරයේ අහිතකර තෙල්වලට
එරෙහිව සටන් කරනවා. තරුණ පෙනුම දෙනවා. කිරිපිටි නවතා දමා දියර කිරි බොන්න.
පුළුවන් නම් සීනි නොදා බොන්න.
►සුගත්
►සුගත්
40+ අයගේ ජීවිතේ මල්...!!!
Reviewed by CHAA MEDIA
on
April 06, 2019
Rating:
No comments: