Seo Services

උදරය පහසුවෙන් අඩුකරගත හැකි සරල ක‍්‍රම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වර්තමානයේ බොහෝ කාන්තාවන්ගේ සිත්තැවුලට හේතුවන එක් කාරණයක් තමයි උදරය ඉදිරියට නෙරා එ්ම.  උදර ප‍්‍රදේශයේ මේද තට්ටුව වැඩියෙන් තැන්පත් වෙද්දී මේ තත්ත්වය ඇති වෙනවා. අනෙක ශරීරය අභ්‍යන්තරයේ මේ ආකාරයට ඇතිවන මේදය නිසා එක්තරා හෝමෝනයක් නිකුත් වෙනවා.
මේ හෝමෝනය දියවැඩියාව සහ ශරීරය ප‍්‍රදාහය ඇති කරන්නට හේතුවන බව සොයා ගෙන තිබෙනවා. එ් වගේම මේ තත්ත්වය හෘද රෝග, පියයුරු පිළිකා, පිත්තාශයේ දෝෂ ආදිය ඇති කරන්නට ද හේතු වෙනවා. උදරයේ මේදය තැන්පත් වීමෙන් වැළකෙන්නට නම් ව්‍යයාම කළ යුතුයි. ඊට අමතරව මේදය අවම කරන්නට හැකි ආකාරයේ ආහාර වර්ග ලබා ගත යුතුයි.
රූපවාහිනි නාලිකා ඔස්සේ විවිධ සමාගම් මගින් පෙන්වන නවීන තාක්ෂණික උපකරණවලින් හෝ වෙනත් පුදුමාකාර ප‍්‍රතිකාරවලින් මේ තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාවක් නැහැ. එ්වා පසුපස යාමෙන් සිදුවන්නේ ඔබේ කාලයත්, ශ‍්‍රමයත්, ධනයත් වැය වීම පමණයි. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ මුදල් වැය නොකර උදරයේ මේදය අවම කරගන්නා පියවර කිහිපයක් ගැනයි.

ජලය සහ සීනි නොදැමූ තේ පානය කරන්න
සීනි හෝ වෙනත් රස කාරක දැමූ තේ පානය වහාම නවතා දමන්න. ජලය හැකි තාක් පානය කරන්න. එ් වාගේම කළු කෝපි, කොළ තේ පානයෙන් පැහැදිලි ලෙසම ප‍්‍රතිඵල ලබා ගත හැකියි. සීනි පරිභෝජනයෙන් වැළකී සිටින්නට යැයි කියන්නේ, එ්වා සෑදී තිබෙන්නේ ෆෘටෝස්වලින් නිසයි. ශරීරයට අධික ලෙස ලැබෙන ෆෘටෝස් සම්පූර්ණයෙන්ම පරිවෘත්තීය ක‍්‍රියාවට ලක් කිරීමේ හැකියාවක් ශරීරයට නැහැ. මේ නිසා අතිරේක ෆෘටෝස් මේදය බවට හැරී උදරයේ තැන්පත් වෙනවා. අනෙක කෘත‍්‍රිම රසකාරක නිසා ආහාරවලට ඇති ඇල්ම ඉහළ යා හැකියි. පිරිසිදු ජලය, රසකාරක නොදැමූ තේ, කළු කෝපි සහ කොළ තේ ශරීරය විජලනයෙන් වළක්-වන්නටත්, පරිවෘත්තීය ක‍්‍රියාවන් වේගවත් කරන්නටත් හේතු වන චිකිත්සක වශයෙන් තහවුරු වී තිබෙනවා.

සීනි අතහැර වෙනත් රස වර්ගවලට හුරු වෙන්න
සීනි නොගත යුත්තේ මන්දැයි අපි කලින් දැන ගත්තා. සීනි අතහැරීම කියන්නේ තේවලට සීනි දැමීම පමණක් නොවෙයි. පැණි බීම වර්ග, බිස්කට්, කේක්, ටොෆි, චොක්ලට් ආදියෙනුත් වැළකී සිටීමයි. යම් විදියකින් පැණි රස ඇති දෑ පරිභෝනය කරන්නට සිදු වුනොත්, එහි ඇති සීනි මට්ට්ම පිළිබද සදහන් වන කරුණු හො`දින් පරීක්ෂා කර බලන්න.

පලතුරු ආහාරයට ගන්න
පලතුරුවල පැණි රස තිබුණත් එ්වා සීනි නොවන නිසා ශරීරයට අහිතකර බවක් ඇති කරන්නේ නැහැ. අනෙක පලතුරු හොදින් හපා කෑමේ දී මොළයෙන් එක්තරා හෝමෝනයක් නිකුත් වෙනවා. එ් හෝමෝනය නිසා ඔබේ කුස පිරී ඇතැයි යන හැගීමක් ඔබ තුළ ඇති කරවනවා. අනෙක පලතුරුවල කෙදි සහිත බව හොදින්ම තිබෙනවා. කෙ`දි සහිත ආහාර ගැනීම නිසා ඔබේ කුස පිරී ඇති ස්වභාවය වැඩි කාලයක් පවතින අතර නිතර ආහාර ගැනීමට අවශ්‍යතාවක් ඇති වන්නේ ද නැහැ. එ් වගේම පලතුරුවල ශරීරයට හිතකර බොහෝ විටමින් වර්ග මෙන්ම ප‍්‍රති-ඔක්සිකාරක ද අඩංගුයි.
එළවළු ආහාරයට ගන්න
අමුවෙන් හෝ තැම්බීමෙන් හෝ බැදීමෙන් හෝ සකස් කරගත් එළවලූ ඔබේ ආහාරයට එක් කරගන්න. එළවළුවල විටමින්, ඛනිජ, ප‍්‍රති-ඔක්සිකාරක සහ තවත් බොහෝ පෝෂණ කොටස් අඩංගුයි.
පලතුරුවල වගේම බොහෝ එළවළුවලත් කෙදි ස්වභවය පවතිනවා. එ්වා ජීර්ණය වන්නට වැඩි කාලයක් ගත වෙන නිසා ඔබට ඉක්්මනින් කුසගින්නක් ඇති වන්නේ නැහැ. එවිට නිතර කෑම ගැනීමේ අවශ්‍යතාවක් ඇති වන්නේ ද නැහැ. කෙසේ නමුත් ඔබේ එළවළු සමග බටර්, චීස්  වැනි දේවල් එක්කර ගැනීමෙන් වැළකෙන්නට වග බලා ගත යුතු වෙනවා. ඔබ එළවළු බදිනවා නම් ඔලිව් හෝ පොල් තෙල් යොදා ගන්න. වෙනත් තෙල් වර්ගවලට වඩා මේවායෙන් ලැබෙන සෞඛ්‍යමය ප‍්‍රතිඵල ඉතා ඉහළයි.

මස් වර්ග ආහාරයට එක් කරගන්න
උදරය ඉදිරියට නෙරා එ්මේ සටන ජය ගැනීමේ ප‍්‍රමුඛයන් අතර ගව මස්, කුකුළු මස් සහ බිත්තර සිටිනවා.
එ් වගේම බෝංචි, මෑකරල්, දඹල වැනි රනිල කුලයේ ශාකවලින් ලැබෙන ආහාරවල ඇති ප්‍රෝටීන ද උදරයේ මේදය අවම කරන්නට දායකත්වයක් ලබා දෙනවා. ඉහළ ගුණත්වයෙන් යුක්ත ප්‍රෝටීන ඔබ සිරුරට ලබා දෙනවා නම් උදරයේ මේදය තැන්පත් වීම අවම වන බව පර්යේෂණ මගින් හෙළිවී තිබෙනවා.
කෙසේ නමුත් සකස් කරන ලද මස් ආහාරයට ගැනීම හිතකර නොවන බව ද සිතේ තබා ගත යුතුයි. මේවාට විවිධ රසාකාරක එක්කොට ඇති අතර අධික ලෙස  ලූණු ද එක්කොට තිබෙනවා. අධික ලෙස ලූණු ගැනීම ද එය ශරීරයේ බර වැඩි කරන්නට හේතු වෙනවා.

පිටි සහිත ආහාර ගුණ නැහැ
පිටි සහිත ආහාර, එසේත් නැත්නම් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරවලින් හැකි තාක් වැළකී සිටිය යුතුයි. පිටි සහිත ආහාර පරිවෘත්තීය ක‍්‍රියාවන්ට ලක්වීමෙන් පසු සීනි බවට හැරෙනවා. මේ ආකාරයට නිපදවෙන සීනි මේද ලෙස උදරයේ තැන්පත් වෙනවා.
ඉන්පසු වන්නේ ඔබේ ආහාර රුචිය ද අධික ලෙස ඉහළ යාමයි. එවිට අධික ලෙස ආහාර ගැනීමේ නැඹුරුවක් ඇති වන අතර එහි ප‍්‍රතිඵලය වන්නේ ද මේදය ශරීරයේ තැනැපත් වන්නට අවශ්‍ය කරන සාධක නිර්මාණය කර ගැනීමයි. මේ නිසා පිටි සහිත ආහාරවලින් හැකි තාක් වැළකී සිටීමෙන් ශරීරයේ බර වේගයෙන් අඩු කරගත හැකි වෙනවා. උදරයේ මේදය තැන්පත් වීම ද මේ සමගම පහළ යනවා. පාන් පිටි, පාන්, පාන් පිටිවලින් තැනූ වෙනත් කෙටි කෑම වර්ග, රස කැවිලි ආදිය පිටි ආහාරවලට ඇතූළත් වන බව සිහි තබා යුතු වෙනවා.

ධාන්‍යමය ආහාර ගැන වැඩිපුර සිතන්න
පිටි කළ ධාන්‍ය ආහාර නොව ධාන්‍ය ඒ ස්වභාවයෙන්ම ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. අඩුම තරමේ දිනකට ධාන්‍ය ග‍්‍රෑම් 50 ක් වත් ඔබේ ආහාරයට එක් කර ගන්න.

ඝන කෙදි සහිත ආහාර ගැන සැලකිලිමත් වන්න
ඝන කෙදි සහිත ආහාර යනුවෙන් අදහස් කරන්නේ ඔබේ අන්ත‍්‍ර හෙවත් බඩවැල් තුළ වැඩි කාලයක් ක‍්‍රියාකාරීව රැදී පවතින ආහාරයි. එවැනි ආහාර නිසා ඔබට නිතර කුසගිනි දැනීම වැළකෙනවා සේම අන්ත‍්‍රවල ඇතිවිය හැකි ආබාධ ද අවම කරවනවා.
අධ්‍යයනයකින් හෙළවි වී ඇත්තේ දිනකට කෙදි සහිත ආහාර ග‍්‍රෑම් 10 - 15 ත් අතර ප‍්‍රමාණයක් ගැනීමෙන් මාස 4ක් තුළ උදරයේ තැන්පත් වන මේදය රාත්තල් 4.5 කින් අඩු වන බවයි. ඝන කෙ`දි සහිත ආහාර වියළි බෝංචි බාර්ලි, දොඩම්, ඇපල් සහ කැරට් වැනි ආහාර වල අඩංගු වෙනවා.

ව්‍යායාම
මේ සියලූ දේ සමග ව්‍යායාම කිරීම ද අමතක කරන්න එපා. විශේෂයෙන් ‘එරෝබික්’ හෙවත් ‘සවායු’ යනුවෙන් හැදින්වෙන ව්‍යයාම කිරීම ද උදරයේ මේදය තැන්පත් වීම සැලකිය යුතු මට්ටමින් අවම කරන්නට දායක වෙනවා. අවම තරමින් දිනකට මිනිත්තු 15ක්වත් ව්‍යයාම කරන්න.

නිරංජන් චාමින්ද කරුණාතිලක
උදරය පහසුවෙන් අඩුකරගත හැකි සරල ක‍්‍රම උදරය පහසුවෙන් අඩුකරගත හැකි සරල ක‍්‍රම Reviewed by CHAA MEDIA on March 15, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.