Seo Services

පතෝල සලාදය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය :-
ළපටි පතෝල ග්‍රෑම් 500
සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්පයක්
තක්කාලි ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2ක්
රතුලූනු ගෙඩි 5-6ක්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ රසට අනුව
සාදන ආකාරය :-
පතෝල සුඹුල ඉවත් කර සෝදා ඉතාම සිහින්ව කපා ගන්න. රතු ලූනු, අමු මිරිස්, තක්කාලි ද සිහින්ව කපන්න, දැන් බඳුනක් ගෙන එයට ‍පොල් සහ කපාගත් අමු මිරිස්, රතු ලූනු, දෙහි යුෂ, ලුණු, තක්කාලි දමා ‍පොඩි නොවන සේ අනාගන්න. එයටම පතෝල ද දමා අනා ගෙන කෑමට ගන්න. මෙය සාදාගත යුත්තේ කෑමට ඉතාම ආසන්නයේදීය. මේ ආකාරයටම ‍පොල් වෙනුවට උකු ‍පොල් කිරි ටිකක් දමා ගෙනද පිළියෙල කර ගත හැකිය.
පතෝල සලාදය පතෝල සලාදය Reviewed by CHAA MEDIA on March 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.