Seo Services

සිරුර විකෘති කරනා පැතිකුදයට ආයුර්වේදයෙන් නිට්ටාවට සුවය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
නිරෝගී පුද්ගලයකු නීරෝගී බවින් ආරක්ෂා කරදීමත් රෝගී පුද්ගලයකු රෝගී බවින් මුදවාලීමත් ආයුර්වේදයේ පරමාර්ථය වේ. ආයුර්වේදයට අනුව පුද්ගලයෙකු රෝගි වීමට බලපාන හේතු 3 කි. එය වාත පිත හා කප (සෙම) දූෂණය වීමයි. පුද්ගලයෙකුගේ පිත හා කප (සෙම) දූෂණය වීමෙන් සෑදෙන රෝගී තත්ත්වයන් ආයුර්වේදයට අනුව
පහසුවෙන් සුව කර ගත හැකිය. එනමුත් වාතය දූෂණය වීමෙන් සෑදෙන රෝගී තත්ත්වයන් සුවකිරීමට ආයුර්වේදයට අනුව මහත් ආයාසයක් ගත යුතු වේ.
වර්තමාන සමාජයේ ප‍්‍රචලිත රෝගී තත්ත්වයක් වන පැතිකුදයද ආයුර්වේදයට අනුව වාතය දූෂණය වීම හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. දේශීය චිකිත්සාවේ එන විග‍්‍රහයට අනුව පුද්ගලයෙකුගේ වාතය දූෂණය වීමට බලපාන හේතු කිහිපයක්ම වේ.
ඒ හේතු අතර වැඩිපුර මෙනේරි, තණහාල්, ලූණුකැඳ වැනි රූක්ෂ ආහාර (සැහැල්ලූ ආහාර) ආහාරයට ගැනීම වැඩිපුර මුංඇට, කව්පි වැනි ලඝු ආහාර (තෙල් ගතිය අඩු ආහාර* ආහාරයට ගැනීම වැඩිපුර සීත ආහාර ආහාරයට ගැනීම මල මුත‍්‍රා වැනි වේග දරාගෙන සිටීම, වැටීමක් තැලීමක් පහර වැදීමක් වැනි අභිඝාත තත්ත්වයන්ට ලක්වීම අධික වෙහෙසවීම නිතර දුකෙන් සිටීම පිත් සෙම් වැඩියෙන් වැගිරීම තද අව්වේ සිටීම බඩගින්නේ සිටීම වැඩි දුරක් පයින් ගමන්කිරීම වැඩිපුර වෙහෙසවීම වැනි හේතුන් හේතු වේ.
මෙම හේතූන් නිසා පුද්ගලයාගේ ශරීරයේ ස්‍රෝතස් මාර්ග අවහිර වේ. එහෙයින් ධාතු ක්ෂය වීමක් සිදුවෙයි.
ප‍්‍රකෘති වූ වාතය බාහිරට පෙන්නුම් කරනා එක් අවස්ථාවක් ලෙස පැතිකුදය හැඳින්වීමට හැකිය.
පුද්ගලයෙකුගේ කොඳු ඇට පෙළේ කෂේරුකා 24කි.
පැතිකුදය වැලඳුණ රෝගීන්ගේ කෂේරුකාව වක‍්‍ර වී තිබෙනු දැකගත හැකියි. එය ඉදිරියට හෝ පැත්තට මෙන්ම පසුපසටද වක‍්‍ර වී තිබිය හැක.එමෙන්ම පුද්ගලයකුගේ කශේරුකාව වම් හෝ දකුණු දිශාවට හෝ දෙදිසාවටම වක‍්‍ර වීමෙන් පැතිකුද තත්ත්වයක් ඇති විය හැකිය.
පැතිකුදය ඇති වීමේදී එක් දිශාවකට පමණක් වක‍්‍ර වීමක් සිදුවුවහොත් එය ක්‍ ආකාරයේ පැතිකුද තත්ත්වයක් වන අතර වම් හා දකුණු යන දෙදිශාවටම කශේරුකාව වක‍්‍ර වීමෙන් සෑදෙන පැතිකුදය ්‍ය ආකාරයේ පැතිකුද තත්ත්වයකි. ස්වාභාවික පවතින කශේරුකාවේ සිරස් ස්වරූපය 100කට වඩා වක‍්‍රවීම  පැතිකුද තත්ත්වයේ ලක්ෂණයකි.
පැතිකුදය ඇතිවීමට 80% කගේම හේතුවක් හඳුනාගත නොහැක. එහෙත් ඉතාම අල්ප පිරිසකට පැතිකුදය ඇති වීමට හේතුන් හඳුනා ගත හැකිවේ. වැඩි වශයෙන් වාර්තා වන අන්දමට අවු 10-15 ත් අතර වැඩිවියට පත්වන වයසේ ගැහැනු හා පිරිමි දරුවන් අතර පැතිකුද තත්ත්වය පවතී. නමුත් මෙයින් බහුතර ගැහැනු දරුවන් අතරේ රෝගය සුලබය.
කශේරුකාව පිටුපසට වක‍්‍රවීම kypnosis  ලෙසත් කශේරුකාව ඉදිරියට වක‍්‍ර වීමHyposis ලෙසත් කශේරුකාව පැත්තට වක‍්‍රවීමී Scoliosis ලෙසත් හැඳින්වේ. පැතිකුදය ඇතිවීමට හේතු ශරීර රචනාත්මක (Structure) ලෙස ශරීර රචනාත්මක නොවන ලෙසත් (Non structure)  ආකාර 2 කි. ස්වභාවයෙන්ම එක් කකුලක්් අනෙක් කකුලට වඩා දිගින් වැඩිවීම මාංශ පේශිවල ගැස්ම උණ්ඩුක පුච්ච ප‍්‍රදාහය වැනි ප‍්‍රදාහ තත්ත්ව මගින් ශරීර රචනාත්මක නොවන ආකාරයේ පැතිකුද තත්ත්වයන් ඇතිවන අතර එය අදළ හේතුවට ප‍්‍රතිකාර කිරීමෙන් මගහරවා ගත හැකිය.
උපත් ආඝාත විවිධ ආසාදන වර්ග අර්බුද ජානමය කරුණු බාලක පක්ෂාගාත වැනි තත්ත්ව ශරීර රචනාත්මක ආකාරයේ පැතිකුද තත්ත්වයට හේතුවේ. පැතිකුද තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමේදී කශේරුකාව අතරින්
සුෂුුම්නාව දිවෙන බැවින් එ් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. සුෂුම්නා ස්නායු ශරීරයේ විවිධ කොටස්වලට ස්නායු සැපයුම ලබාදෙන බැවින් මේ හේතුව නිසා පැතිකුදයට ප‍්‍රතිකාර කිරීමේදී ප‍්‍රවේශමෙන් ප‍්‍රතිකාර කළ යුතු වේ.
ශේරුකා වක‍්‍රවීම හේතුවෙන් පැතිකුදය ඇතිවන බැවින් එයින් නැගෙන ස්නායු මත ඇතිවන බලපෑමේ ප‍්‍රබලතාවය මත ශරීරයේ විවිධ වූ ඉන්ද්‍රියයන්ගේ කි‍්‍රයාකාරීත්වයේ අඩපණ වීමක් හෝ බාධා පැමිණවීමක් සිදුවිය හැක.
පැතිකුද තත්ත්වය ඇතිවීමේදී කශේරුකාවේ වක‍්‍රතාවය මත ඇදීමට හෝ ලිහිල් වීමකට ලක්වන විවිධ අවයවයන්ගේ කි‍්‍රයාකාරීත්වය වෙනස් වේ.
එමෙන්ම කශේරුකාව සම්බන්ධ මාංශ පේශිවල අධික වේදනාවක්ද දැකගත හැකි වේ. එමෙන්ම පැති කුදයට ලක් වූ පුද්ගලයන් කුදුභාවයට පත් වීම හේතුවෙන් සමාජයේ ඇතිවන නොයෙකුත් බලපෑම් හේතුවෙන් මානසික පීඩනයට ද පත්වේ. මේ හේතුව නිසාම මෙවන් පුද්ගලයන්ට විවිධාකාරයේ මානසික රෝගී තත්ත්වයන්ද ඇතිවිය හැකිය.
පැතිකුදය ඇතිවීමේදී එය උත්තල පෙදෙසට හෝ අවතල පෙදෙසට ඇතිවිය හැකිය. එහෙයින් පැතිකුදයට ප‍්‍රතිකාර කිරීමේදී උත්තල පෙදෙසට ඇති වූ පැතිකුදයට එක් ප‍්‍රතිකාරයකුත් අවතල පෙදෙසට ඇති වූ පැතිකුද තත්ත්වයට තවත් ප‍්‍රතිකාරයකුත් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ දී සිදුකරනු ලබයි.
මුලින්ම පැතිකුදය ඇති රෝගියා ස්නේහ (තෙල් ගැල්වීම) ප‍්‍රතිකාරය සිදුකරනු ලබයි. එහිදීද උත්තල පෙදෙසට ඇති වූ පැතිකුදය සඳහා එක් තෛල වර්ගයකුත් අවතල පෙදෙසට ඇති වූ පැතිකුදය සඳහා තවත් තෛල වර්ගයකුත් යොදා ගනී. පැතිකුදයට යොදා ගන්නා තෛල වර්ග අතර කුද්ද ප‍්‍රසාරණී නාරායන වැනි තෛල වර්ග විශේෂ තැනක් ගනී. ඉන්පසු රෝගියාට ස්වේද (වාෂ්ප ඇල්ලීම) ප‍්‍රතිකාර සිදුකරයි. එමගින් තද වූ මාංශ පේශි මෘදු භාවයට පත් කිරීමක් සිදුවේ.
ඉන්පසු පැතිකුදයට ලබාදෙන ප‍්‍රතිකාර සමන ශෝධන හා තර්පන වශයෙන් කාණ්ඩ 3ක් යටතේ  සිදුකෙරේ මුලින්ම සමන ප‍්‍රතිකාර (කෂාය කල්ක චූර්ණ වැනි ඖෂධ වර්ග* පානය කිරීමට ලබාදේ. ඉන්පසු නැවතත් කෂාය වර්ග ලබාදී
රෝගියාට ශෝධන ප‍්‍රතිකාරයක් සිදුකරනු ලබයි. මෙමගින් රෝගියාගේ ශරීරයේ දෝෂ ශෝධනය කිරීමක් බලාපොරොත්තුවේ  ඉන්පසු නැවතත් විවිධාකාරයේ කෂාය වර්ග පානය කිරීමට ලබාදී තර්පන ප‍්‍රතිකාරයක් සිදුකරනු ලබයි මෙමගින් රෝගියාගේ ක්ෂය වූ ධාතුන් වර්ධනය වීමක් සිදුවේ.
එමෙන්ම පැතිකුදය සහිත රෝගීන් සඳහා විවිධාකාරයේ රෙදි පටි යොදා විවිධ බන්ධන වර්ග යෙදීමක් ආයුර්වේදයේ සිදුකරයි. මේ සඳහා ගස්ලබු, ලබු, පෙරුම්කායම් අමුකහ වැනි දේද තිත්ත අබිං උළුහාල් කැටකෑර පොතු පැතිකුදය ඉවත් කිරීමට ඖෂධ වශයෙන් යොදා ගනී.
පැතිකුදය සහිත රෝගීන් ට එය තවදුරටත් වැඩිවීම වැළැක්වීම සඳහා සුදුසු ඇඳුම් වර්ගයන් භාවිතයට ලබාදේ. එමෙන්ම පැතිකුදය සහිත ළමුන් පාසල් යනවිට පාසල් බෑගය කොන්දට බර වන සේ ගෙන නොයා යුතුය. එවැනි ළමුන් අතෙහි පොත් ගෙන යෑම සිදුකළ යුතුය.
එමෙන්ම යමක් වැටුණු පසු කොන්ද නොනමා දණහිස් නමා එය අහුලාගැනීම පැතිකුදය ඇති රෝගීන් නිදා ගන්නා විට කොට්ටයක් භාවිත නොකිරීම හා මෙට්ටය භාවිත නොකර ලෑල්ලක් මතට පැදුරක් වැනි දෙයක් දමා නිදා ගැනීමෙන් පැතිකුද තත්ත්වයෙන් මිදීම පහසු වේ.
පැතිකුදය සහිත රෝගීන් මෑ කරල් පොළොස් කොස් වැනි වාතය ප‍්‍රකෝප වන ආහාර වර්ග ආහාරයට නොගැනීමටත් සිරුරේ බර වැඩිවන ආහාර වර්ග නොගැනීමටත් සැලකිලිමත් විය යුතුය.
දරුවන් අතර පැතිකුදය ඇතිවන්නේ වැඩිවියට පත්වීමට ආසන්න අවු 10-15ත් අතර වයසේ බැවින් රසකාරක යෙදූ ආහාර හා කෘති‍්‍රම ආහාර ජාන වෙනස් කළ ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් සිරුරේ හෝමෝන වෙනස් වීමේ රෝගී තත්ත්වය ඇතිවිය හැක එබැවින් දරුවන්ට මෙවන් ආහාර ලබානොදිය යුතුය.
පැතිකුදය ඇති රෝගීන් නැවුම් පලතුරු ධාන්‍ය වර්ග පලා වර්ග හා සියලූම ස්වාභාවික ආහාරයන්
ආහාරයට ගැනීම සුදුසු වේ.
 චමිලා අල්විස්
https://www.lakbima.lk/
සිරුර විකෘති කරනා පැතිකුදයට ආයුර්වේදයෙන් නිට්ටාවට සුවය සිරුර විකෘති කරනා පැතිකුදයට ආයුර්වේදයෙන් නිට්ටාවට සුවය Reviewed by CHAA MEDIA on March 13, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.