සීතාවක
රාජසිංහ විසින් උඩරට වීරසුන්දර බොරු වළක දමා මරා දැමීය. අනතුරුව දෙවන ගල
රතනාලංකාර හිමියන්ට හදි කිරීමට උත්සාහ දැරීය. උන්වහන්සේ සමනොළ ගිරට ගොස්
සැඟවුණි. උඩරට රාජධානියේ සැබෑ හිමිකරු, එනම් වීරසුන්දරගේ පුත් කොණප්පු
බණ්ඩාර විනාශකරීමට චරපුරුෂයන් යෙදවීය. කොණප්පු බණ්ඩාර, සල්ලප්පු බණ්ඩාර ද
සමග කෝට්ටේ ධර්මපාල වෙත යන්නේ මේ පසුබිම තුළය. කොණප්පු බණ්ඩාර නම් තම්මිට
බණ්ඩාරගේ දියණියක් විවාහ කරගෙන දොන් ජොන් නමින් භෞතීෂ්ම ලබා ක්‍රිස්තු
භක්තිකයෙකු බවට පත් විය. ඔහුට පෘතුගීසීන් විසින් කොළඹ කොටු බැම්ම ආරක්ෂා
කිරීමේ ප්‍රධාන නිලධරයා ලෙස තානාන්තරයක් දෙනු ලැබීය. පෘතුගීසීන් විසින්
සිංහලයෙකුට දෙන ලද ඉහළම තනතුරක් ලෙස එය සැලකේ.
සිය සඟයා වූ සල්ලප්පු බණ්ඩාර මරා දැමීම නිසා දොන් ජෝන් සිරකරුවෙකු ලෙස ගෝවේට පිටුවහල් කරන ලදි. එහි ගත කළ කාලය වසර තුනකි. එහි සිටි ගජබාහු නම් වූ කප්පිත්තා අංගම් සහ ඉලංගම්වල කෙළ පැමිණි සටන්කාමියෙකු විය. ගෝවේ විසුරේ මෙන්ම පෘතුගීසි කප්පිත්තා ඔහු සමග සටන් වැදි පරාජය වූවත්ය. එම නිසා ලත් විරිඳු කොඩිය සිය නිවසේ එල්ලා තබමින් සිය නිවස ඉදිරියෙන් කිසිවෙකුටත් කඩු බැඳ ගෙන ගමන් කිරීම ගජබා කප්පිත්තා විසින් තහනම් කර තිබුණි. එම නීතිය කඩකළවුන් මරාදැමීය. ඔහු පරාජය කිරීමට අභියෝග කර මින් සටන්වැදි පෘතුගීසි රණකාමීන් ගණනාවක් මරා දැමීමට ගජබාහු පසුබට නොවීය.
අප කතා නායකයා එනම් දොන් ජෝන් හෙවත් කොණප්පු බණ්ඩාර ගජබාවන්ගේ සටන් ශෛලිය විමසුමට ලක් කළේය. අනතුරුව විසුරේගේ සහ පෘතුගීසි කපිතාන්වරුන්ගේ ද කැමැත්ත මත දොන් ජෝන් ගජබාහු සමග සටන් වැදුණි. දෙදෙනා අතර සිදු වූ ද්වන්ධ සටනේදී ගජබාහු රියන් 10 ක් එනම් අඩි 15 ක් උසට කරණමක් ගසා සතුරා මරා දැමීමට උත්සාහ කළේය. එහෙත් කොණප්පු බණ්ඩාර රියස් 12 ක් එනම් අඩි 18 ක් උසට කරණමක් ගසා ප්‍රහාරය වළකා ගජබාහු දෙපළු කර දැමීය. විසුරේ ප්‍රමුඛ පෘතුගීසි ප්‍රධානීන් දොන් ජෝන් හට තෑගි බෝග දී ඕස්ට්‍රියාවේ ජෝන් යන විරුද නාමය ද පටබැඳීය. එම ජයග්‍රහණය ඔහුට නැවත මව්බිමට පැමිණීමට වරප්‍රසායක් බවට පත්විය.
පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ කොණප්පු බණ්ඩාර උඩරටට එවා එමගින් රට ඔවුන් යටතට ගැනීමය. එහතේ සිදුවූයේ අනෙකකි. කොණප්පු බණ්ඩාර උඩරට ප්‍රධානීන්ගේ අභිමතය පරිදි කිතු දහම අතහැර බොදුනුවෙකු වී පළමු වන විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රාජ්‍යත්වයට පත්විය. ඔහු තමා සමග පැමිණි පෘතුගීසි සොල්දාදුවන් උඩරට දේශ සීමාවෙන් එපිටට පන්නා දැමීය. එහෙත් සීතාවක රාජසිංහ රජු දණ්ඩෙන් පහර කෑ නාගයෙකු සේ කෝපයට පත්ව සේනා වාහන ගෙන විමලධර්මසූරියට විරුද්ධව සටන් ඇරඹීය. එහෙත් රාජසිංහ රජු පරාජයට පත් වී අවසානයේ මරණයට පත් විය. මනප්පෙරුම මොහොට්ටියා පෘතුගීසීන් වෙත ගොස් ජයවීර බණ්ඩාර නාමය ද ලබාගෙන පෘතුගීසීන් හා එක්ව කොණප්පු බණ්ඩාරට විරුද්ධව දන්තුරේ සටන මෙහෙය වීය. ජයවීර බණ්ඩාර පෘතුගීසීන් වෙතින්ම මරණයට පත් වූ අතර පෘතුගීසීන් අන්ත පරාජයකට පත් විය. පෘතුගීසීන් භාරයේ සිටි දෝන කතිරිනා උඩරට රජුගේ බිසව බවට පත්වූවාය.
සීතාවක යුගයේ දී මෙරටට පැමිණ ආඬි තවුසන් උඩරට පෙදෙස් පාලනය කරමින් මන්දාරම් පුර නුවර නමින් බලගතු යුද කඳවුරක් ගොඩනගාගෙන උඩරට ජනයා පෙළුෑහ. බලගතු ගිරි තවුසා ප්‍රමුඛ 17,000 ක් වූ ආඬින් පරාජය කර මන්දාරම් පුරය ගිනි තබා විනාශ කිරීමට විමලධර්මසූරිය රජුට හැකියාව ලැබුණි.
මින් අනතුරුව අසවේදු සහ සීමන් පිංහෝ නමැති අති කෲර පෘතුගීසි ආක්‍රමණිකයෝ උඩරට අාක්‍රමණය කළහ. මනා යුද උපක්‍රම භාවිත කරමින් කරන ලද සටනින් පෘතුගීසීන් හට ආපසු කොළඹ දක්වා පසු බැසීමට සිදු විය. පෘතුගීසීහු එය ශුද්ධ පසුබැසීමක් ලෙසට හැඳින්වූහ.
විමලධර්මසූරිය රජතුමා දක්ෂ යුද ශූරයෙකු මෙන්ම මානව දයාවෙන් ද පිරිපුන් චරිතයක් විය. සීතාවක රාජසිංහ රජු බලනේදී තුවාල ලත් පසු දොඩම්වල වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගැනීමටත් උඩරට දී අවසන්ව අවමඟුල් කටයුතු සිදු කොට සිය චතුරංගනී සේනාවට ආපසු සීතාවකට යාමට ඉඩ කඩ ලබා දෙන ලදි. දන්තුරේ සටනින් මාරාන්තික තුවාල ලත් ලූපේ ද සූසාට ඉහළම වෛද්‍ය සත්කාර ලබා දී ඔහුගේ පුත්‍රයා ආරක්ෂා සහිතව කොළඹට යැවීය.
උඩරට රාජ්‍යයේ සේනා සම්මත වික්‍රමබාහු ලම්භකර්ණ වංශික හය වැනි පැරකුම්බාවන්ගේ දියණිය වූ උලකුඩ දේවිය හෙවත් ලෝක නාථාගේ ස්වාමි පුරුෂ්යා විය. උලකුඩ දේවිය යනු උල් වූ තෝඩු දෙකක් පැලඳි කාන්තාව යන අරුත් ගන්වන්නකි. මොවුන් සවුළු පෙළපතට අයත් වූවෝ විය. මෙම වික්‍රමබාහු රජුගේ පුත්‍රයා රජ්ජුරු බණ්ඩාර හෙවත් දොඩම්වල පරාක්‍රම ආදිපාණන් විය. දොඩම්වල පරාක්‍රමයාගේ ආරාධනයෙන් උම්මග්ග ජාතකය ලියන ලද්දේ රඹුක්කන වීරසිංහ දේව ප්‍රතිරාජයා විසිනි.
ඔහු දෙවැනි පැරකුම්බාවන්ගේ සේනාධිපති දේව පතිරාජ හෙවත් ප්‍රතිරාජ දේවයන්ගේ පරපුරෙන් පැවතෙන්නෙකි. දොඩම්වල පරාක්‍රම අෑපාණන්ගේ සොහොයුරියගේ පුතා මෙහෙණවර තුණයා විය. ගඩොලාදෙණිය පුවරු ලිපියට අනුව ඔහු මෙහෙණවර වංශයට අයත්ය. මෙහෙණවර වංශය යනු ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩම වීමේදී පැමිණි සංඝමිත්තාවන්ගේ මාමාවරුන් අතර සිටි බෝධිගුත්ත දේව කුමරු සහ සුනන්දා මෙහෙණිය සිවුරු හරවා විවාහ කර දීමෙන් බිහි වූ පරපුර වේ.
මෙහෙණවර තුණයා උඩරට රාජ්‍යත්වයට පත්වූයේ ක්‍රි.ව. 1497 දීය. ඔහුගේ වැඩිමල් පුත් රන්කොත් පතරැන්නැහේ වීරවික්‍රම නමින් උඩරට රජවූයේ ක්‍රි.ව. 1514 දීය. මෙහෙණවර තුණයාගේ ද්විතීය පුත්‍රයා වීරසුන්දර විය. සීතාවක රාජසිංහ සහ උඩරට සේනා එකතුව පෘතුගීසි රූකඩයක් වූ කරලියද්දේ බණ්ඩාර උඩරට සිහසුණෙන් නෙරපා හැර වීරසුන්දර උඩරට රාජ්‍යයට පත්වූයේ ක්‍රි.ව. 1580 දීය. එහෙත් සීතාවක රාජසිංහ විසින් වීරසුන්දර රජු බොරු වළක දමා මරවන ලදි. එම වීරසුන්දරයන්ගේ පුත්‍රයා කොණප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූරිය විය.
වීරසුන්දරයන් බොරු වළක දමා මරණයට පත්කිරීම නිසා ඔහුගේ පුත් කොණප්පු බණ්ඩාර උඩරට රාජ්‍යත්වයට පත්කිරීමට සංඝයාවහන්සේලා සහ උඩරට ප්‍රභූවරු ගම්පොළට රැස්ව සාකච්ඡා කළහ. ඒ අනුව රටවැසියන් විසින් කොණප්පු බණ්ඩාර හඟුරන්කෙත සඟවා තැබිණ. මන්දාරම්පුර පුවත සඳහන්කරන පරිදි මේ බව සීතාවක රාජසිංහයන් ට දැනගන්නට ලැබී හඟුරන්කෙත වටලා රජ කුමරු මරා දැමීමට උත්සාහ දැරීය. මෙහිදී කොණප්පු බණ්ඩාර සහ සල්ලප්පු බණ්ඩාර යන දෙදෙනා හොර රහසෙන් පැනගොස් කොළඹ දොන් ජුවන් ධර්මපාල රජුට එක්වූහ. ධර්මපාල රජුගෙන් තාන්න මාන්න ලබාගත් කොණප්පු බණ්ඩාර ඒ වන විට ධර්මපාල රජුගේ සේනාධිපතියා වූ තම්මිට රාලගේ දියණියක් විවාහ කරගෙන දොන් ජෝන් නමින් භෞතීෂ්ම විය. තම්මිට රාල යනු වීදියේ බණ්ඩාරයන්ගේ මලයා විය.
කොළඹ සිටියදී ඇති වූ අරගලයකදී කොණප්පු බණ්ඩාර විසින් සල්ලප්පු බණ්ඩාර මරා දැමීය. පෘතුගීගීන් විසින් කොණප්පු බණ්ඩාර සිරකරුවකු ලෙස ගෝවේට යැවීය. එම සිදුවීම රාජාවලිය කතුවරයා සඳහන් කරන්නේ මෙසේය.
කොණප්පු බණ්ඩාර කොළඹ ඉඳලා සල්ලප්පු බණ්ඩාරට කෙටූ වරදට ධර්මපාල රජ්ජුරුවෝ ප්‍රතිකාල් කප්පිත්තාවරුන් හා නඩු බලා ඒ වරදට කොණප්පු බණ්ඩාර ගෝවේට ඇරියාය. ගෝවේට ගොසින් තුන් අවුරුද්දක් සිටින විට ගජබාහු කප්පිත්තා කියන එකාගේ දොර කඩින් කඩු බැඳ ගෙන ගෝවේ විසුරේටවත් යන්ට බැරිය. ඒකා එක්ක කොටන්ට කැමති කෙනෙක් ඇත්නම් මිස බැරිය. නැකත් පිදෙල් ගුවෝ හා කප්පිත්තාවරු හා කොටා පරාද වී උගේ දොරකඩ විරිඳු කොඩි බැඳ තිබෙන වග අසා කොණප්පු බණ්ඩාර, ‘මම කොටමි’ කී විට ගෝවේ විසුරේ එබසට ප්‍රීතිව කොණප්පු බණ්ඩාර ගෙන්නවා කොටන්ට පුළුවන් දැයි ඇසූ විට, ‘මම කොටමි කියා කඩුව බැඳගෙන කොණප්පු බණ්ඩාර යන විට උගේ දොරකඩ දී සිංහලයා නොය කියා කොටන්ට වන් කල්හි මේ කොණප්පු බණ්ඩාර ඉලංගම්වල හරඹ උගත් හෙයින් ගජබාහු කප්පිත්තාට කොටා දෙපළු කර දැමු විට ගෝවේ විසු්රේත් නැකත් කප්පිත්තාවරුත් කොණප්පු බණ්ඩාරට බොහෝ තෑගි දුන්නාහ.
මේ අතරවාරයේදී පෘතුගීසීහු කොළඹ කොටුව තුළ හිර වී සිටියහ. රාජසිංහගේ හමුදා කොළඹ කොටුව ආසන්න පෙදෙස්වල කඳවුරු බැඳගත්හ. වික්‍රවසිංහ සෙනෙවියාගේ හමුදාවෝ සීතාවක රැඳවූහ. මෙසේ වුවද රාජසිංහ රජුගේ සේනාවේ බලගතු නායකයින් කීප දෙනෙකු රජුගේ සේනාවන්ටත් හානි පමුණුවමින් ගොස් ධර්මපාල රජු හා එකතු වී මුදලිකම් ලබාගත්හ. මෙම තත්ත්වය යටතේ ගෝවේ විසුරේ විසින් කොණප්පු බණ්ඩාර කැමති කරවා ගෙන මන්නාරම් තොටින් ගොඩබස්වා උඩරටට එවන ලද්දේ උඩරට අවුල් කිරීම සඳහාය. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය කතුවරයා සඳහන් කරන පරිදි,
මෙකී කාරණා මෙසේ සිද්ධ වන කාලයේදී විජේසුන්දර බණ්ඩාර රජුගේ පුත් වූ කොණප්පු බණ්ඩාර සමග යමසිංහ බණ්ඩාර පරංගි සේනාව ද කැටුව රට මැදට ගමන් ගන්නා බවද රටවැසියන් මේ රජ දෙපොළට පක්ෂ බවද රාජසූරිය රජු සීතාවකට පලාගිය බවද දෙවනගල රතනාලංකාර මහා සාමි සහ ගම්පොළ රාජගුරු ධර්ම කීර්ති සාමි ද මූලික සංඝයා ගේ ද රටවැසියන්ගේ ද රදළ වරුන්ගේ ද පක්ෂ බලයත් ආශිර්වාදයත් ලැබී යට කී සිංහල කුමාරවරු දෙදෙනා සෙංකඩගල නුවරට පැමිණියාහයි දත යුතු.
උඩරට බලා ගිය පරංගි සේනාපතියා රාජ සම්මානයට විරුද්ධව යමින් යමසිංහ බණ්ඩාර උඩරට සේනාධිකාරි කොට අනතුරුව රාජසිංහ රජු අල්ලා ගැනීම සඳහා සීතාවක බලා පිටත් විය. මෙම අවස්ථාවේදී කොණප්පු බණ්ඩාර විසින් යමසිංහ බණ්ඩාර මරාදමා මහනුවර රඳවා සිටි පරංගි හමුදාවට දේශ සීමාවෙන් බැහැර වන ලෙසට අණ කරන ලදි. මෙම සිදුවීම ක්‍රි.ව. 1590 දී සිදුවිය.
උඩරට බලය අල්වා ගත් කොණප්පු බණ්ඩාර කතෝලික ආගම අත හැර නැවත බෞද්ධයෙකු බවට පත් විය. අනතුරුව උඩරට සංඝයා වහන්සේලා සහ රදලවරු ද එකතු වී උඩරට සිරිත් ප්‍රකාරව කොණප්පු බණ්ඩාර පළමුවැනි විමලධර්මසූරිය නමින් රාජ්‍යත්වයට පත් විය. ඒ අනුව රාජ්‍යාභිෂේකය ක්‍රි.ව. 1592 දුරුතු මාසයේදී සිදුවිය. බලන සටනේදී තුවාල ලත් සීතාවක රාජසිංහ රජු මරණයට පත්වූයේ එම වසරේම මැදින් මාසයේදී.
රාජසිංහ රජුගේ මරණයත් සමග සීතාවක රජු වූ රාජසූරියට විරුද්ධව මායාදුන්නේ බිසෝ අදහසින් හා මනප්පෙරුම මොහොට්ටියා එකතුව කුමන්ත්‍රණයක් දියත් කෙළෝය. ජයසූරිය කුමරු මණයට පත් විය. රාජසූරිය කොළඹට පළාගියේය. වැසියෝ රාජ මාළිගය සිතු සේ කොල්ල කැහ. අවසානයේ මනප්පෙරුම මොහොට්ටියා පෘතුගීසීන් වෙත පලා ගියේය. පෘතුගීසීන් ඔහුට ජයවීර බණ්ඩාර යන නාමය පිරිනැමීය. පෘතුගීසීන් හා එක් වූ හෙතෙම සීතාවක රාජධානිය විනාශ කළේය. දහස් ගණනින් ජනතාවට මරණයට පත් විය.
දන්තුරේ සටන........
සීතාවක රාජධානිය යටත් කර ගැනීම නිසා එයට අයත් සියලු ප්‍රදේශ පරංගීන් හට අයත් විය. දිවයිනේ බොහෝ පෙදෙස් මෙන්ම යාපනය පෘතුගීසීන් සතු විය. සිංහලයාට ඉතිරි වූයේ කන්ද උඩරට පෙදෙස පමණක් විය. එම නිසා උඩරට යටත් කර ගැනීම යනු මුළු දිවයිනම පෘතුගීසි කොලනියක් කර ගැනීමේ අපේ්ක්ෂාව විය. එමගින් මෙම දිවයින ඉන්දියන් සාගරයේ පාතුගාලයක් බිහි කිරීමත් එමගින් පරංගි රුධිරය ව්‍යාප්ත කිරීම මගින් මෙරට වහල් ජනතාවක් බෝ කිරීමත් පරංගීන්ගේ අරමුණ විය.
උඩරට ආක්‍රමණය සඳහා ලූෂේ ද සූසා ප්‍රමුඛ පිරිසක් ගෝවේ සිට මෙරට ට ගෙන්වා ගත්හ. උඩරට ආක්‍රමණික පරංගි හමුදාවේ අණ දෙන නිලධාරියා ඔහු විය. ආක්‍රමණයට එක් වූ දේශීය හමුදාව හෙවත් ලැස්කිරිඤ්ඤ භටයින් පිරිස 15,000 ක් වූහ. එහි නායකත්වය ජයවීර බණ්ඩාර සතුවිය. මන්නාරමේ සිට කොළඹට ගෙන්වා ගත් දෝන කැතරිනා යටතේ සෙබළු 600 ක් වූහ. මේ වන විට ඇයගේ වයස අවුරුදු දහසයක් විය. පෘතුගීසි භටයින් ද ඇතුළුව ආක්‍රමණික හමුදාව 20,000 කින් සමන්විත විය.
දන්තුරේ සටන ආරම්භ වුයේ ක්‍රි.ව. 1594 ඔක්තෝබර් මාසයේදීය. මේ වන විට විමලධර්මසූරියගේ උඩරට රාජ්‍යයේ ආයු කාලය වසර දෙකක් විය. රජුගේ හමුදාව සකස් වූයේ උඩරට පස් හමුදාවට අමතරව බහුතරය උඩරට ගොවීන් සහ ගැමියන්ගෙනි. බලන සටනින් පන්නරය ලත් උඩරට හමුදාවේ මානසිකත්වය ධනාත්මක එකක් විය. හමුදා සංග්‍රාමය විමලධර්මසූරියගේ සෘජු මැදිහත්වීම මත සිදු වූ අතර උඩරට හමුදාවේ හමුදාපතිවරයා වූයේ දන්තුරේ ග්‍රාමයේ මහා සරණහේවා පේඩිගේ සරණ හේව ඒ විය. පෘතුගීසීන්ගේ යුද හැකියාව සහ උපක්‍රමයන් පිළිබඳ හසල අවබෝධයක් තිබූ විමලධර්මසූරිය රජු සටන සඳහා ගරිල්ලා සටන් උපක්‍රමය යොදාගති.
රජතුමාගේ යුද සැලැස්ම සකස් වූයේ සතුරු හමුදාව උඩරට ආක්‍රමණය කිරීමේදී සුළු විරෝධතාවක් පමණක් ඇති කරමින් ඔවුනට උඩරටට ඇතුළු වීමට ඉඩ කඩ සැලසීම මගින් හැකිකාත් දුරට සතුරාට රට අභ්‍යන්තරයට ගමන් කිරී ඉඩ කඩ ලබාදීම විය. අනතුරුව කල් මැරීම තුළින් සතුරු හමුදාව, හුදකලා කිරීමත් ඔවුන් භේද බින්න කිරීම හා ලැස්කිරිඤ්ඤ භටයින් බිලිබා ගැනීම, ජලය සහ ආහාර සැපයහුම් මාර්ග අවිහිර කිරීම, සතුරාට උසුළු විසුළු කිරීම, රාත්‍රිය තුළ නින්දනට බාධා කිරීම සහ අවසානයේ සතුරාට පසු බැස යාමට ඉඩ කඩ සැලසීම අනතුරුව විසිරී යන සතුරු හමුදාවන් වට කොට ප්‍රහාර එල්ල කිරීමය. මෙම උපක්‍රම ඉතා සාර්ථක විය.
පෘතුගීසීන් සහ ජයවීර බණ්ඩාරගේ හමුදා හිඟුලේ සිට බලන දක්වා වූ දුර්ග මාර්ගයේ ගමන් කිරීමේදී සිංහලයන් සතු කුඩා බළ කොටු අත හැර දමමින් ඔවුන් වන වැදුණි. බලන බළකොටුව හිස් වී තිබුණි. එක් බළ ඇණියක් එහි නතර වු අතර පස්සෙන් නිරුපද්‍රිතව ගැටඹේ දක්වා පැමිණ ගඟින් එතෙර වී ගන්නෝරුවේ කඳවුරු බැඳීය. පසු දින සූසා ඇතුළු පිරිස ගන්නොරුව පැමිණ ඔවුන් හා එක්වූහ. පසු දින කපිතාන්වරු තිදෙනෙකු යටතේ කුඩා බළ ඇණියක් ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා උඩරට ගම්මානවලට කඩාවැදුණි. ඔවුන් ගැමියන්නේ වී සහල් සහ ආහාර ද්‍රව්‍ය කොල්ලකමින් ඔවුන්ගේ දේපළ ද කොල්ලකෑම සිදුකළ අතර ස්ත්‍රීන් දූෂණය කිරීමද සිදු කළහ. උඩරට ගැමියන් ගස් කොළන් කපා දමමින් සතුරාගේ ආපසු ගමන අවිහිර කළහ. ප්‍රහාර එල්ල කරමින් විශාල පිරිසක් මරණයට පත්කළහ. කඳවුරු වෙත ආපසු පැමිණීයේ ස්වල්ප දෙනෙක් පමණි. පසු දා පෘතුගීසි මහනුවර නගරයට ඇතුළු වී සිතු සේ නගරය කොල්ල කෑවෝය.
මේ අතරතුර ජයවීර බණ්ඩාර සහ පෘතුගීසීන් අතර අරගලයක් ඇති විය. ආක්‍රමණික පෘතුගීසීන්ගේ අරමුණ වූයේ දෝන කැතරිනා පෘතුගීසී සෙනවියෙකුට සරණපාවාදී ඇය උඩරට රැජින බවට පත් කිරීමය. එහෙත් ජයවීර බණ්ඩාරගේ අරමුණ වූයේ ඇය සරණ පාවා ගෙන උඩරට රජ වීමය. මෙම කලබලය අතරතුර විමලධර්මසූරිය සහ ජයවීර බණ්ඩාර අතර රහස් ලිපි හුවමාරුවක් ද ඇති විය. මෙම සිදුවීම් නිසා පෘතුගීසීන් සහ ජයවීර බණ්ඩාර අතර කලහයක් ඇති විය. අවසානයේ එය අවි ගැටුමක් දක්වා දුර දිග ගිය අතර ජයවීර බණ්ඩාර එයින් මරණයට පත් විය. අවසානයේ පෘතුගීසීන් ජයවීර බණ්ඩාරගේ කඳවුර වටලා ඔහුගේ වස්තුව කොල්ල කෑවෝය. අනතුරුව ලැස්කිරිඤ්ඤ භටයින්ගෙන් බහුතරයක් පලා ගිය අතර තව පිරිසක් උඩරට හමුදාවන්ට එකතු වූහ.
පෘතුගීසීන් උඩරට ආක්‍රමණය කර මේ වන විට දින හතක් ගත වී තිබුණි. අට වන දිනයේදී ඔවුහු සටන් නතර කොට පසු බැසීමට තීරණය කළහ. උදෑසන දේව මෙහෙයෙන් පසු එම ගමන් ආරම්භ කළහ. එය කාණ්ඩ තුනක් යටතේ සකස් කළ ඔවුහු පෙරමුණු බළ අැණියට පසු පසින් කොල්ල කා ගත් වස්තුව ද වෙඩි බෙහෙත් සහ ආයුධ මෙන්ම දෝන කැතරිනාලා අලින් පිට පටවා මැද පෙරමුණ සකස් කළහ. සූසා සහ ඔහුගේ පසු පස බළ ඇණිය විය. පෘතුගීසීන්ගේ ඉලක්කය වූයේ බලන කඳවුර වෙත ළඟාවීමටය. එහෙත් සිංහල සේනාවෝ උදේ සිට අඳුරු වැටෙන තෙක් පසු බසින සතුරා වට කොට ප්‍රහාර එල්ල කළහ. පෘතුගීසීන් ද ප්‍රහාර මැඩ පවත්වමින් යුද කරමින්ම ඉදිරියට ඇදුණ ද ඔවුන්ට පසුබැසීමට හැකි වී ඇත්තේ මුළු ගමනින් අඩක් පමණි.
සිංහල සෙබළුන්ගේ නොනවතින ප්‍රහාර හමුවේ පෘතුගීසීන්ගේ ඉදිරි බළඇණිය පසු පස සේනාවෙන් මෙන් විය. යා යුතු මඟ නොදන් ඔවුහු කුඩා කඳු ගැට අතරින් ගමන් කරමින් ඉදිරියට ඇදීයාමේදී දන්තුරේ වගුරු බිමකට කොටු වූහ. සිංහල සෙබළු ඔවුන් වට කොට පෙති ගසා මරාදැමූහ. දන්තුරේ වෙල්යාය ලෙයින් තෙත් විය. සූසා ඇතුළු සේනාව වෙනත් මගකින් ඉදිරියට ඇදුණි.
දවස පුරා සටන් කිරීම නිසා ඔවුන් සතු උණ්ඩ සහ වෙඩි බෙහෙත් අවසන් විය. එහෙත් සූසා ඇතුළු පිරිස අසිපත් සහ හෙල්ල යොදා ගනිමින් සටන් කළහ. දෝන කැතරිනා ද අනෙකුත් සැපයුම් මෙන්ම කොල්ල කා ගත් වස්තුවද පටවාගෙන ගමන් කළ අලි සටන් අතරතුර මංමුළා වූහ.
අඳුරු වැටෙත්ම අතරමග කඳවුරු බැඳ ගත් පෘතුගීසීන්ට පසුදා පහන් වන තුරු කුසගින්නෙන් සහ සීතලෙන් ගැහෙමින් සිටින්නට සිදු විය. අවට සිටි සිංහලයෝ ගිනි මැල ගසා කෑකෝ ගසමින් ඔවුන්ගේ නින්දට බාධා කළහ. දිවා කාලයේ සිදු වු සටන් අතර තුර දී දෝන කැතරිනා ගමන් කරමින් සිටි අලියා මං මුළා වී වෙනතක ගොස් සිටියදී සිංහලයින් අතට පත් වනිය. ඔවුන් ඇය විමලධර්මසූරිය රජු වෙතට ගෙන ගොස් භාර දී තිබුණි. දුසේ ද සූසා බරපතළ තුවාල ලබා තිබුණි. පසු දා උදෑසන ඔහු සහ 93 දෙනෙකුගෙන් යුත් පෘතුගීසීන් සිංහලයින්ට යටත් වූහ. දෝන කැතරිනාගේ ඉල්ලීම පරිදි රජතුමා විසින් සූසාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුණි. එහෙත් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු මරණයට පත් විය. සූසාගේ පුත්‍රයා නිදහස් කොට ආරක්ෂා සහිතව කොළඹට ගෙන යාමට රජතුමා අවශ්‍ය විධී විධාන යෙදවීය. සටන් අතර තුර සිංහලයින් විසින් අල්ලාගත් පෘතුගීසීන්ගෙන් කොටසක් මහනුවර නගරයේ බර වැඩ සඳහා යෙදවීය. සෙස්සන්ට අත් වු ඉරණම රාජාවලිය කතුවරයා සඳහන් කර ඇත්තේ මෙසේය.
විමලදහම්සූරිය රජ ඒ ප්‍රතිකානුන් අල්ලා ඇස් කන කර කන් කපා පස් දෙනෙකුට එකෙකුගෙන් එක ඇසක් තබා අත් වැල ගෙන යන්ට පස් දෙනෙක් කොළඹට එව්වේය.
සිංහලයින් අතට පත් වූ දෝන කැතරිනා විමලධර්මසූරිය විසින් විවාහ කර ගති. ඇය සොළී පරපුරෙන් පැවතෙන්නියකි. කෝට්ටේ ධර්මපරාක්‍රමබාහුගේ සහෝදරයෙකු වූ සකලකලා වල්ලන් කීරවැල්ලේ මුදියන්සේ කෙනෙකුගේ දියණියක හා විවාහ විය. ඇගේ සහෝදරයා ගජසිංහ කොඩිකාර මුදියන්සේගේ ජයවීර නොහොත් ඩබ්බේරියේ රාලහාමි ලෙස සඳහන් වෙයි.
සකලකලාවල්ලන් සහ කීරවැල්ලේ කාන්තාවකට ලත් පුත්‍රයා ජයවීර ලෙස සඳහන් වෙයි. ඔවුන් දෙපොළගේ පුත්‍රයා කරලියද්දේ බණ්ඩාර විය. කරලියද්දේ බණ්ඩාරගේ නැගණිය විවාහ වුයේ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල සමගය. ඒ අනුව කරලියද්දේ බණ්ඩාර දොන් ජුවන් ධර්මපාලගේ මස්සිනා විය. එහෙත් එම බිසව අකාලයේ මිය ගිය නිසා කරලියද්දේගේ බාල දියණියක් ධර්මපාල රජුට විවාහකර දුණි. එම නිසා කරල්ලියද්දේ බණ්ඩාර දොන් ධර්මපාලගේ මාමණ්ඩිය විය. කරල්ලියද්දගේ බාල දියණිය දෝන කැතරිනා විමලධර්මසූරිය විවාහ කර ගැනීම නිසා කරලියද්දේ බණ්ඩාර විමලධර්මසූරිය රජුගේ ද මාමණ්ඩිය බවට පත් විය. එහෙත් ඒ වන විට කරලියද්දේ ජීවතුන් අතර නොවීය. රාජාවලිය කතුවරයා සඳහන් කරන්නේය.
එ් කන්‍යා බිසව ඒ රජ අග මෙහෙසුන් කමට ගත්තේය
යනුවෙනි. සූසාගේ පුත්‍රයාට මෙන් ඇයටද ඉල්ලීමක් කරන ලද්දේ නම් නැවත කොළඹට යාමට අවස්ථාව තිබුණි. එහෙත් ඇයට නැවත පෘතුගීසීන් වෙත යාමෙන් ඇති වි හැකි සුබදායි ප්‍රතිඵලයක් නොවීය. එම නිසා වයස අවුරුදු දහසයක් වූ ඇය වයස අවුරුදු තිස් හතක් වූ උඩරට රජුගේ බිසව බවට පත් වූවා පමණක් නොව ඊළඟ රජුගේ අග බිසව බවට ද පත් වූවාය.
දන්තුරේ සටන මෙහෙය වු හමුදා නායකයාට විමල ධර්මසූරිය රජතුමා විසින් මහා හේවාපේඩිගේ සරණ හේවා බණ්ඩාර යන ගෞවර නාමය ද සහිතව සන්නසක් මගින් ගම් බිම් ප්‍රදානය කරන ලදි. ඒ අනුව ඔහු රාජකීය වීරයෙකු බවට පත් විය. මෙම වීරයා මිය ගිය පසු ආදාහනය කරන ලද ස්ථානයෙහි බෝ ගසක් සිටුවන ලද අතර දන්තුරේ නගරය ඇතුළත ඇති එම බෝධිය වර්තමානයෙහි ද හඳුන්වනු ලබන්නේ හොරනල් බණ්ඩාර බෝධිය යන නමිනි. මෙම වීරයා කුඩා අවදියේ සිට ජනතාව හඳුන්වන ලද්දේ හොරනල් බණ්ඩාර යන නමිනි.
මතුසම්බන්ධයි.
එම්.කේ. ජයසේන
විශ්‍රාමික ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය

ඔස්ට්‍රියාවේ ජෝන් උඩරට රජකමට පත්වුණේ මෙහෙමයි
Reviewed by CHAA MEDIA
on
February 05, 2019
Rating:
No comments: