Seo Services

ආ‍ලේපන මගින්වත් සමහර පිග්මන්ටේෂන් මැකී නොයන්නේ ඇයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මුහුණේ සුන්දරත්වයට හානි පමුණුවන තත්ත්වයන් අතර පිග්මන්ටේෂන් නමින් හැඳින්වෙන සමේ හට ගන්නා ලප ස්වභාවයද ප්‍රධානය. සමේ සාමාන්‍ය පැහැයට වඩා වෙනස් වූ කළු හෝ දුඹුරු පැහැ ලප ආකාරයට මේ පිග්මන් හට ගන්නේ සමට සිදු වූ කවර හෝ හානියක් පිළිබිඹු කරමින්ය.
සෞඛ්‍ය සම්පන්න සමක හිරු එළිය ගැටුණද ඉන් හානියක් සිදු නොවන පසුබිමක් සමෙහි පවතී. එහෙත් පෙර කී ආකාරයේ හානියට පත් සමක මතුපිට ආරක්ෂාව නැති නිසා සමේ හානි වූ ප්‍රදේශය හරහා අහිතකර කිරණ ශරීරය තුළට ගමන් කරයි. එවිට මෙලනින් වැඩි වැඩියෙන් නිපදවෙමින් කළු හෝ දුඹුරු පැහැ ලප හට ගන්නේ සමට නැති වී ගිය ආරක්ෂාව සලසා ගැනීමේ ස්වභාවික උපක්‍රමයක් ආකාරයටයි. පිග්මන්ටේෂන් හට ගැනීම සම්බන්ධයෙන් අප දරන්නේ ණවාදී ආකල්පයක් වුවද එය අපේ යහපතටම සිදු වන්නක් බව දැන් ඔබට පැහැදිලි ඇති. එනම් පිග්මන්ටේෂන් මගින් සිදු වන්නේ අහිතකර දෑ සම තුළට ඇතුළුවීම වළකාලීමයි.
මේ ආකාරයට හට ගන්නා පිග්මන් සමේ අපිචර්මය නම් වූ මතුපිට ස්ථරයටත් එහාට පැතිරෙමින් චර්මය දක්වා විහිදී යන අවස්ථාද තිබේ. එලෙස චර්මය දක්වා ගැඹුරට විහිදුණු පිග්මන් මැලස්මා නමින් හැඳින්වේ. මැලස්මා බොහෝවිට දුඹුරු පැහැතිය. එහෙත් එය ඉවත් කිරීම පහසු වන්නේ නැත.
අපිචර්මය දක්වා පමණක් විහිදී ගිය පිග්මන් ආ‍ලේපන මගින් නැතිකර ගත හැකිය. එහිදී සම හිරු එළියෙන් ආරක්ෂා කර ගන්නා අතර මෙලනින් නිෂ්පාදනය අඩුකරන්නටද කටයුතු කරන්නට සිදුවේ. එවිට පිග්මන් හට ගැනීම නතර කළ හැකි වුවද පෙරදි හට ගත් පිග්මන් ඉවත් වීමක් සිදු නොවේ. එසේ නම් පරණ පිග්මන් ඉවත් වන්නේ කෙසේද?
අප මුලින් සඳහන් කළ අපිචර්මය  ස්ථර පහකින් සමන්විත බව ඔබ අසා ඇති. ෙසෙල නිපදවීම සිදු වන්නේ එම ස්ථර පහෙන් යටින්ම ඇති ස්ථරය තුළ දීය. එලෙස යටම ස්ථරයේ නිපද වූ ෙසෙල ඉහළට තල්ලු වෙමින් පැමිණ මැරුණු සම ආකාරයට ඉවත්ව යන්නට දින විසි අටක පමණ කාලයක් ගතවේ. ඒ අනුව අපිචර්මයේ හටගත් පිග්මන්ටේෂන් දින විසිඅටක් ඇවෑමෙන් ඉවත්වී යෑම සිදුවේ.
එහෙත් මාස එකහමාරක් පමණ ගතවුවද ඉවත්ව නොයන ලප ඇත්නම් ඒවා බොහෝවිට අපිචර්මයට එහා විහිදී චර්මය තෙක් පැතුරුණු පිග්මන් බව අප අවබෝධකර ගත යුතුවේ. අප මැලස්මා නමින් හැඳින්වූ මෙම ලප කිසිදු ආ‍ලේපනයකින් ඉවත් කළ නොහැකි අතර ඒ සඳහා ‍ලේසර් ප්‍රතිකර්ම වෙත යොමුවන්නට සිදුවේ.
පිග්මන් හට ගන්නා හේතු
* කුරුලෑ සහ පැ‍පොල රෝගය හේතුවෙන්
* ජානමය උරුමයක් ආකාරයට විශේෂයෙන් නාසය දෙපස හට ගන්නා ලප
* ගර්භණී භාවය නිසා මෙන්ම උපත් පාලන පෙති භාවිතය නිසා
* සමහර රෝගී තත්ත්වයන් හේතුවෙන්
* වියපත් වීමත් සමග හට ගන්නා ලප
* පරිසරයේ පවතින අහිතකර දෑ හේතුවෙන්
කුරුලෑ හෝ පැ‍පොල කැලැල් මෙන් නොව පරම්පරාවෙන් උරුම වන පිග්මන් සඳහා ගල්වන ආ‍ලේපනය නතර කළ සැණින් නැවත  ඒවා මතු වන්නට පටන් ගනී. එවැනි තත්ත්වයකදී ඒ සඳහා සුදුසු ආ‍ලේපන වර්ගයක් භාවිතා කරන අතරේ හිරු කිරණ ආවරණ ආ‍ලේපනයක් මගින් සම ආරක්ෂා කර ගන්නටත් සමට සුදුසු ෆේස් වොෂ් වර්ගයකින් සම පිරිසිදු කරන්නටත් අමතක නොකළ යුතුවේ.
වතුපිටිවල මූලික රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි සරත් ජයසූරීය
උත්පලා සුභාෂිනී ජයසේකර
ආ‍ලේපන මගින්වත් සමහර පිග්මන්ටේෂන් මැකී නොයන්නේ ඇයි ආ‍ලේපන මගින්වත් සමහර පිග්මන්ටේෂන් මැකී නොයන්නේ ඇයි Reviewed by CHAA MEDIA on February 12, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.