ලොව පුරා ද්‍රවිඩ ජනතාව බැතින් සමරන තෛපොංගල් උත්සවය අදය යෙදී තිඛෙනවා.
ද්‍රවිඩ ජනතාව අස්වැන්න නෙලීමේ උත්සය ලෙටයි තෛපොංගල් උත්සවය හදුන්වන්නේ.

දෙමළ පණ්ඩිත් පන්මොළි විත්තහර්,ආචාර්ය මඬුළුගිරියේ විජේරත්න
ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයකි හිරු. හිරු නොමැති නම් මෙලොව ජීව වස්තු කිසිවකට පැවැත්මක් නොමැත. මිනිසාගේ පැවැත්මටත් හිරු අත්‍යවශ්‍ය සාධකයකි. මිනිසාට අවශ්‍ය ආහාර ශාක පත‍්‍රවල නිෂ්පාදනය කරන්නේ හිරුගේ උපකාරයෙනි. එම ක‍්‍රියාවලිය ප‍්‍රභාසංශ්ලේෂණය ලෙස හැඳින්වේ. ප‍්‍රභාව මගින් සංශ්ලේෂණය කිරීම ප‍්‍රභාසංශ්ලේෂණය. එනම් හිරුගේ ශක්තියෙන් ශාක පත‍්‍රවල ආහාර නිෂ්පාදනය කිරීම මින් අර්ථවත් කෙරේ. ප‍්‍රධාන වශයෙන් හිරු සියලූ ජීව රාශීන්ට ජීවත්වීමට ශක්තිය ලබා දුන් නිසා ලොව සෑම ජීවියෙක්ම හිරුට සදා ණය ගැතිය. මෙම ණය ගැති භාවයෙන් මිදීම පිණිස ලෝකයේ බොහෝ ජාතීන් හිරු දෙවියන් පුදනු ලබති. තෛපොංගල් දිනයද හිරු දෙවියන්ට පූජෝපහාර කරනු ලබන දිනයයි. තෛපොංගල් යනුවෙන්ම නැතිවුණත් මෙම උත්සවය කැනඩාවේ, ජපානයේ, කොංගෝ දූපත්වල, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව පමණක් නොව තවත් රටවල් කීපයක හිරු දෙවියන් නිමිති කරගෙන තෛපොංගල් උත්සවය සමරති. වර්තමානයේ ලොව පුරාම පැතිරී සිටින දෙමළ ශ‍්‍රී ලාංකිකයන් සිටින රටවල තෛපොංගල් සමරති.
තෛ යනුවෙන් අදහස් කරනු ලබන්නේ වර්ෂයේ පළමු මාසයයි. තෛ මාසයේදී කරන්නේ් ‘ඉතිරිවීමය’ එනම් කිරි ඉතිර වීමයි. මෙම කිරි ඉතිරවීම සිදු කරනු ලබන්නේ සූර්යා උදෙසායි. හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ ‘ආහාර පාන’ සපයා ගැනීමට උදවු උපකාර කරන සියලූම ජීව අජීව රාශින්ට කෘතවේදී බව ප‍්‍රකාශ කිරීමටය.
තෛපොංගල් දිනයේ නියම අර්ථය වනුයේ ගොවිතැනට උපකාරි වන සියලූම ‘ජීව අජීව’ වස්තුන්ට කෘතවේදීව සැලකීම වේ. ‘සිලප්පදි කාරම්’ කෘතියේ කතුවරයා තෛපොංගල් දිනය සැමරීම් වස් මෙසේ සඳහන් කර ඇත. එහි දෙවියන් උදෙසා ප‍්‍රශස්තියකින් මෙසේ පෙන්වා දෙයි. ‘ඤායිරු පොර්ටෘවෝම් ඤායිරු’ මෙහි ‘ඤායිරු’ යනුවෙන් අදහස් කරනු ලබන්නේ හිරුය. ‘පොර්ටෘවෝම්’ යන්නෙත් ප‍්‍රශස්ත ගායනා යන්න අදහස් වෙයි. මෙයින් පෙන්වා දිය හැකි කරුණක් වන්නේ හිරුට ප‍්‍රශස්ත ගායනා කර පූජෝපහාර දක්වමු යන්නයි. පූජෝපහාර දක්වන්නේ කිරි ඉතිරවීමෙනි. මෙම කිරි ඉතිරවීම සිදුකිරීමෙන් අනතුරුව හින්දුන් එම හැලියේම කිරිබතක් පිස දෙවියන්ට පුදනු ලබති.
මෙම තෛපොංගල් උත්සවයේ සමාජ විද්‍යා වටිනාකමක් ද ඇත. එනම් සමගිය, කෘතවේදිත්වය පවුලේ එකමුතුකම හින්දු ජනතාව කරනු ලබන වතාවත්වලින් එය ඉස්මතු වී පෙනේ. තෛපොංගල් දිනය එළඹෙන්නට පෙර දින සියලූම ගෙවල් දොරවල් සුද්ධ පවිත‍්‍ර කර පරණ දෑ ඉවත් කොට කිරි ඉතිර වීම සඳහා සුදුසු භූමි භාගයක් තෝරා ගනිති. මෙම භූමි භාගයට අනිවාර්යයෙන්ම හිරු එළිය වැටී තිබිය යුතුය. එම භූමි භාගය බොහෝ විට නිවෙස් තුළ නොව එළිමහනේ සකස් කර ගැනීමට අමතක නොකරති. මෙසේ තෝරාගත් භූමි භාගය මත ගොම සහිත මැටි පිරියම් කර සකස් කර ගනිති. ඉන් අනතුරුව හතරැස් භූමියක් සේ සකස් කොට මුලූ හතරෙහි කෙසෙල් ගස් සිටුවා එම කෙසෙල් ගස් අතර කොඩි වැල් ඇද එම කොඩිවැල්වලට අඹ කොළ එල්ලති. භූමියේ හුනුවලින් හෝ හාල් පිටිවලින් කෝලම් රටා දමති. (මලර් රටා) මෙම කෝල්ම් රටාවලන් සශ‍්‍රීකත්වය පිළිබිඹු වේ.
හාල් පිටිවලින් කෝලම් (මල් රටා) රටා නිර්මාණය කිරීමේද පරමාර්ථයක් ඇත. එනම් පොළොවේ වෙසෙන කුඩා කෘමීන්ට ආහාරයක් වන්නට මෙම හාල්පිටි යොදා ගනිති. තවද මෙම භූමි භාගය තුළ අලූත් ළිපක් කරවා අලූත් මුට්ටියක කිරි උතුරුවා ගනිති. මෙම කිරි ඉතිරෙන අවස්ථාවේදී නිවසේ සියලූ දෙනාම පොංගලෝ පොංගල් යනුවෙන් හඬ නගා කියයි. අනතුරුව මෙම කිරි මුට්ටියට හාල් සකස්කර මුං පලතුරු ආදිය දමා රසවත් කිරිබතක් පිස ගනිති. මෙම කිරිබත සම`ග රසකැවිලි එම භූමි භාගයේදී කෙසෙල් කොළවලට දමා දෙවියන්ට පුදති. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ අතීතයේ ගොවියා ඉතා දුක් මහන්සියෙන් ගොවිතැන් කර ලබා ගන්නා අස්වැන්න කොටස් හය (6) කට බෙදා ගනිති. ඉන් එක් කොටසක් රජතුමාට පරිත්‍යාග කරති. එය රටේ පරිපාලන කටයුතු සඳහාය. තවත් එක් කොටසක් ආගන්තුක සත්කාරය සඳහාත් තවත් කොටසක් නෑදෑ හිතමිතුරන්ටත් දෙති. මෙයින් එක් කොටසක් සතුන්ටත් දෙවියන් පිදීමටත් දෙන අතර අවසාන කොටස පවුලේ නඩත්තුව සඳහා යොදා ගැනේ. මෙසේ දෙවියන් සඳහා පූජා කරන කොටස තෛපොංගල් දිනයේදී ස්වභාව ධර්මයාට පූජා කිරීමට යොදා ගනියි. එදින කිරි ඉතිරවා කිරිබත් පිස අනතුරුව එම කිරිබත් නිවැසියන් සියල්ලන්ටද අනෙක් නෑදෑ හිත මිතුරන්ටද කෑමට දෙති.
ඉන් සූර්ය පූජෝපහාරය නිමාවූවත් දෙවැනි දිනයේදී මාටුප් පොංගල් නොහොත් පට්ටි පොංගල් පැවැත්වේ. ඉන් පසුව ක‍්‍රීඩා උත්සව පැවැත්වීම නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වලට යෑම ආදී කටයුතු කරති. සාමාන්‍යයෙන් දෙමළයේ ප‍්‍රස්තා පිරුළක් මෙසේ වෙයි. ‘තෛණිරන්දුල් මලිපිරක්කුම්’ තෛමාසය ලැබුවහොත් මාවත විවෘත වේ හෝ මාවතක් ඉපදේ. යන අර්ථය දේ. එනම් දෙමළ ජනසමාජය දුරුතු මාසය ලැබීම වාසනාව ලැබීම යනුවෙන් විශ්වාස කරනු ලැබේ. තවද ශ‍්‍රී ලාංකෙය දමිළ ජනයා පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වෙසෙන දමිළ ජනයා තෛමාසය නොහොත් දුරුතු මාසය සෞභාග්‍ය උදා වූ මාසය ලෙස සලකන්නේ ඔවුන්ගේ සෞභාග්‍ය උදාවන්නේ මෙම මාසයේදී බව ඔවුන් විශ්වාස කරනු ලබන නිසාය. එබැවින් තෛ මාසයේ නොහොත් දුරුතු මාසයේදී ඔවුන් මෙසේ සිතති. ‘උන්ඩි‍්‍ර කොඩුත්තෝරේ උයිර් කොඩුත්තෝර්’ මෙම දෙමළ ප‍්‍රස්තා පිරුළෙන් හැෙ`ගන්නේ ‘හදවතින් දුන් අය පණ ලබා දුන් අය වේ’ එනම් දෙන විට ලෝභය නොමැතිව ඉතසිතින්ම දිය යුතුය යන අදහස් මතුවේ. එමනිසා මෙම මාසයේදී මෙම දවසේ දිනයේදී පිනක් සිද්ධ කර ගැනීමද මෙහිදී සිදු කරනු ලබයි. තෛපොංගල් දෙවැනි දිනය මෙවර යෙදී ඇත්තේ 16 වැනි දිනටය. එනම් එදින තම ගොවිතැනට උදවු උපකාර කළ සත්ත්ව සමූහයාට කෘතවේදී වීමට අමතක නොකරති. එය ‘පට්ටි පොංගල්‘ යනුවෙන් හඳුන්වති. පට්ටි පොංගල්වලදී ගවයන්, එළුවන්, බැටළුවන් ආදී සතුන්ව නහවා උන්ව අලංකාර කර කිරි බතක් පිස ඔවුන්ට කිරිබත් කැවිලි පෙවිලි, සහ කෙසෙල් ගෙඩිවලින් සංග‍්‍රහ කරති. මෙය සාමාන්‍යයෙන් මෙවර නම් 16 වැනි දිනයේ හවස එනම් හිරු බැස යන වේලාවේ සිදු කරනු ලබති.
ගවයන් එළුවන් ඇති කරනු ලබන උදවියට එම ගවහල්, එළු පට්ටි සුද්ධ පවිත‍්‍ර කර අඹ අතු ගොක් අතු එල්ලා එය සරසා උත්සවාකාරයෙන් එම උත්සවය කරනු ලබති. කිරිබත පිසගත් පසු එය ගණ දෙවියන්ට පුදා පිසගත් කැවිලි පෙවිලි කෙසෙල් ගෙඩි සියල්ල පුදා ගෘහ මූලිකයා ඇතුළු නිවසේ සැම ගවහල එළුහල වටේට හිඳ ‘ආට්ටුප් පොංගල් මාටුප්පොංගල්’ පොංගලෝ පොංගල් යන හඬ නාද කරමින් සිවුපාවාට පූජෝපහාර පවත්වයි. අවසානයේදී තමන් සතුව ඇති සියලූම සතුන්ට සංග‍්‍රහ කරනු ලබති. එයද ඉතා හොඳ සද්ක‍්‍රියාවක් බව පෙනෙ.් තෛපොංගල් දිනයේදී පල නොදරන ගස්වැල්වලට කරන සද්ක‍්‍රියාවද දෙමළ ජනසමාජයේ් ඇත. මෙයද තෛපොංගල් උත්සවයේ අංගයකි. පල හට නොගන්නා ගස්වලට හෝ මල්හට නොගන්නා ගසවලට පහර දීමේ කි‍්‍රයාවලියයි. මේ ක‍්‍රියාවද පොංගල් දිනයේදීම සිදු කරනු ලබන්නේ කිරිබත පිසීමට ගන්නා පොල්කටු හැන්දෙනි.
මෙසේ පහර දුන් පසු ඉක්මනින්ම මල් හටගෙන පල හටගනීවි යන විශ්වාසයක් දෙමළ ජනතාව තුළ ඇත. පොල්, අඹ, කොස් තල් වැනි ඉතා ප‍්‍රයෝජනවත් ගස්වලටත් පල හටනොගන්නා අනෝදා, ගස්වලටත් මෙම ‘කෙම් ක‍්‍රමය’ කිරීමට දෙමළ ජනතාව පුරුදු වී සිටිති. මෙසේ ගස්වලට පහර දෙන විට මල් හැදෙන්නේ නැද්ද ගෙඩි හැදෙන්නේ නැද්ද යනුවෙන් කිය කියා එක් අයෙකු ගසට ගසන විට තවත් අයෙක් මල් හදම් ගෙඩි හදම් යනුවෙන් පවසා ගස්වලට පහර දෙයි.
තෛපොංගල් දෙමළ ජනතාවගේ සමාජ විද්‍යාත්මක පැති ගණනාවක් විග‍්‍රහ කරනු ලබයි. මන්ද මෙම උත්සවයේ ප‍්‍රධාන අරමුණ සියලූම ජීවරාශිවලට කෘතවේදී බව සැලකීම වුවත් එම ජනසමාජයේ විශ්ව පැතිකඩවල් විග‍්‍රහ කරන බව පෙනේ. එනම් පවුලේ සමගිය තම ජීවිතවල ලෞකික අරමුණු ඉටු කර ගැනීම, අජීව වස්තුවලට සැලකීම, පවුලේ සමාජයේ උන්නතිය සශ‍්‍රීකත්වය වැනි කරුණු අරමුණු කරගෙන තෛපොංගල් උත්සවය සමරන බව පෙනේ. මෙලොව දියුණුවට සශ‍්‍රීකත්වය පින් කරගැනීමටද මෙහි එක් අරමුණකි. එනම් මෙම දිනයේදී සිදු කරනු ලබන දානමය පුණ්‍ය ක‍්‍රියා එය බලපානු ලැබේ. මෙසේ බලන විට තෛපොංගල් උත්සවය ආගමික සමාජික උත්සවයක් පමණක් නොව මුළු ජනසමාජයම එකට සම`ගිව ඒකරාශි කරනු ලබන උත්සවයක් බව අපට කිව හැක.

තෛපොංගල් උත්සවය අදයි
Reviewed by CHAA MEDIA
on
January 14, 2019
Rating:
No comments: