Seo Services

කතුරුමුරුංගා මල් බැදුම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය
කතුරුමුරුංගා මල් ග්‍රෑම් 250
සහල්පිටි ග්‍රෑම් 100
බිත්තර 1 යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් තේ හැඳි 1
 බැද ගැනීමට තෙල්
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 100
ලුණු රසට අනුව
සාදන ආකාරය
සහල් පිටි වලට ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. කතුරුමුරුංගා මල් වල පෙති ගලවා සෝදා හොඳින් දිය බේරෙන්නට තබන්න. දැන් බිත්තරය කඩා බඳුනකට දමා තට්ටු කරගන්න. කතුරුමුරුංගා මල් පෙති, බිත්තර සාරුවල දවටා සහල් පිටි මත පෙරළා රත්වූ ගැඹුරු තෙ‍ලේ බැදගන්න. දැන් රතුලූනුද සිහින්ව කපා සර සර ගාන පදමට බැදගන්න. කතුරුමුරුංගා මල් බැදගත් ලූනු වලට කෑලි මිරිස් සහ ලුණු කුඩු ස්වල්පයක් දමා කලවම් කර ගන්න.
කතුරුමුරුංගා මල් බැදුම කතුරුමුරුංගා මල් බැදුම Reviewed by CHAA MEDIA on January 22, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.