Seo Services

ඉන්දුනීසියාවේ නාසිකුනින්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කුකුළු මස්, ඉස්සන් සහ දැල්ලන් එකතුකර සකසන නාසිකුනින්, ඉන්දුනීසියාවේ විශේෂිත වූ ආහාරයකි. මෙය ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා පොඩිත්තන්ටත් කදිමයි. මෙය නාසිගුරාන් බතට මදක් සමානය.
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මති සහල්
ග්‍රෑම් 500 ක්
රම්පෙ කොළ 2 ක්
සේර කැබැල්ලක්
පොල්කිරි
කෝප්ප 1 1/2 ක්
කහ තේ හැඳි 2 ක්
ගලන්ගා පවුඩර් තේ
හැඳි 1 ක්
(වෙළෙඳපොලේ ඇත)
කුකුළු මස් ග්‍රෑම් 250 ක්
ඉස්සන් ග්‍රෑම් 200 ක්
දැල්ලන් ග්‍රෑම් 200 ක්
ඉඟුරු අඟල් 1 1/2 ක
පමණ කැබැල්ලක්
සුදුලූනු බික් 8 ක්
චිලිපේස්ට් මේස
හැඳි 3 ක්
ලූනු ගෙඩියක්
සෝයා සෝස් මේස
හැඳි 3 ක්
ලූනු කොළ ග්‍රෑම් 100 ක්
එළවළු තෙල්
මේස හැඳි 4 ක්
බිත්තර 2 ක්
ලුණු රස අනුව
සුප් කුඩු මේස හැඳි 4 ක්
තක්කාලි සෝස් මේස
හැඳි 4 ක්
සාදන ක්‍රමය
පළමුවෙන්ම බාස්මති සහල් සෝදා පෙරාගන්න. බත තැම්බෙන ගානට වතුර දමන්න. එම වතුරට පොල්කිරි කෝප්ප 1 1/2 ත් එක්කම මිම්මට ගන්න. එයට රම්පේ, සේර, කහ සහ ගලන්ගා පවුඩර් එකතුකර බත පිසගන්න.
ඉන්පසු තාච්චියකට තෙල් දමා රත් වන විට කපා ගත් ලූනු එකතුකරන්න. ඉඟුරු, සුදුලූනු ද එකට අඹරා එයට මිශ්‍රකරන්න. සිහින්ව ලියාගත් කුකුළු මස්, ඉස්සන් සහ දැල්ලන් එයට දමා හොඳින් බැදගන්න. බිත්තර 2 කද එයටම එක්කර, පිස ගත් බතත් එයට දමා හොඳින් තෙම්පරාදු කරගන්න. අවසානයට චිලි පේස්ට්, සෝයා සෝස් සහ සුප් කුඩු ද එක්කර, ලුණු රස බලා මේසයට යවන්න.
ඉන්දුනීසියාවේ නාසිකුනින් ඉන්දුනීසියාවේ නාසිකුනින් Reviewed by CHAA MEDIA on January 29, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.