Seo Services

අම්මට පිළිකාවක් තිබුණා නම් දුවලා පරෙස්සමෙන්...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
තොරතුරු - සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය,මහරගම ජාතික පිළිකා ආයතනය
කාන්තාවන්ට බහුලව
වැලඳෙන පිළිකා වර්ග
� පියයුරු පිළිකාව
� ගැබ් ගෙල පිළිකාව
� ඩිම්බකෝෂ පිළිකාව
� තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව

පියයුරු පිළිකාව
පියයුරු පිළිකාව හඳුනා ගත හැකි ලක්‍ෂණ
� පියයුරුවල අලුතින් ඇතිවූ හැඩයේ වෙනස් වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක්.
� පියයුරෙහි ගැටිත්තක් හෝ ඉදිමීමක්.
� පියයුරෙහි වළ ගැසීමක්.
�‍ෙදාඩම් ලෙල්ලක මතුපිට වැනි සමෙහි වෙනස් වීමක්, සම මතුපිට දදයක් හෝ තුවාලයක්.
� මෑතකදී ඇතිවූ තනපුඬුව ඇතුළට ගිලී යෑමක්.
� තනපුඬුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාව පිටවීම
� පියයුරුවල ඇතිවන ආසාමන්‍ය වේදනාවක්.

පියයුරු පිළිකාවක් සෑදීමේ
වැඩි අවදානමක් සහිත
කාන්තාවන්
� පවුලේ මවට හෝ සොයුරියකට පියයුරු පිළිකා සෑදී ඇති කාන්තාවන්.
� පිළිකා නොවන පියයුරු රෝග මීට පෙර සෑදී ඇති කාන්තාවන්.
� එක් පියයුරක පිළිකාවක් සෑදී ඇති කාන්තාවන්.
� දරුවන් නොමැති හෝ වයස 35ට පසුව පළමු දරුවා ලැබූ කාන්තාවන්.
� අඩු වයසින් (අවුරුදු 11ට පෙර) වැඩි වියට පත්වූ කාන්තාවන් හා වයස් ගත වන තෙක් (අවුරුදු 55න් පසුව) මාසික ශුද්ධිය නතර නොවූ කාන්තාවන්.
� වෛද්‍ය උපදෙස්වලින් තොරව ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු බෙහෙත් වර්ග පාවිච්චි කළ කාන්තාවන්.
� සත්ව මේද (හරක් මස්, උෟරු මස්, බටර්, චීස්) වැඩිපුර ආහාරයට ගත් ව්‍යායාම අඩු / අධික තරබාරු කාන්තාවන්.

ප්‍රවේණිගත පිළිකා
මුළු පිළිකාවලින් 4% - 5%ක්ම පාරම්පරික පිළිකා හෙවත් ප්‍රවේණිගත පිළිකා වෙයි. ඒවා අතරට බහුලවම ඇතුළත් වෙන්නේ,
පියයුරු පිළිකා
ගර්භාෂයේ පිළිකා
ඩිම්බකෝෂ පිළිකායි
පියයුරු පිළිකාව වැලඳී තිබූ කාන්තාවගේ ගැහැනු දරුවන් අනිවාර්යෙන්ම පියයුරු පරීක්‍ෂාව සිදුකරගත යුතු වෙනවා.

අම්මට පිළිකාවක් තිබුණා නම් දුවලා පරෙස්සමෙන්... අම්මට පිළිකාවක් තිබුණා නම් දුවලා පරෙස්සමෙන්... Reviewed by CHAA MEDIA on January 11, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.