Seo Services

ඔබත් නිහඬ මාරයා සමග දවස ගෙවන අයෙක්ද?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ජීවිත කාලයේදී අප උපයන මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වන්නේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර ගැනීම සඳහාය. නිදන්ගත සහ බෝවන රෝගවලින් ආරක්ෂා වීම අපහසු කරුණක් වුවත් වෙනත් රෝගාබාධ රැසකින් නොමිලයේම ආරක්ෂා වීමට ඉතා පහසු ක්‍රමවේදයක් ඇත.
ඒ අන් කිසිවක් නොව ව්‍යායාමයි. ලෙඩ රෝග රැසකට එනම් හෘදයාබාධ, දියවැඩියාව, ආතරයිටිස් වැනි රෝග රැසකින් ආරක්ෂා වීමේ හැකියාව ව්‍යායාම තුළින් ඔබට ලැබෙනු ඇත. අකාලයේ මරු වසඟයට යාම හෝ ඇඳක් මතට වී විඳවනවාට වඩා උදෑසන පැයක් කලින් අවදි වී ව්‍යායාම කිරීම වඩා හොඳ නොවේද?
ව්‍යායාම වලින් සිදු වන යහපත
* හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් අයුරින් පවත්වා ගැනීමට ව්‍යායාම විශාල දායකත්වයක් සපයයි. හෘද ක්‍රියාකාරිත්වය නිසි ආකාරයෙන් සිදු වන විට ධමනි හා ශිරා තුළ “රුධිර සංසරණය” (රුධිර ගමනය) යහපත්ව සිදු වන බැවින් සැමවිටම “රුධිර පීඩනය” පාලනය වේ.
* ව්‍යායාම හා ක්‍රීඩාවලට හුරු පුරුදු වූ අයට නින්ද පිළිබඳව කරදරකාරී ගැටලු ඇති නොවේ. දහවල් කාලයේ යහපත් ක්‍රියාකාරිත්වයක් ඇති අයට රාත්‍රිය එළැඹෙත්ම විඩාබර බවක් දැනෙයි. එය රාත්‍රිය පුරා සුව නින්දක් ලැබිමට මග පාදයි.
* නිසි ලෙස දිනපතා ව්‍යායාම වල යෙදෙන්නන්ගේ තරුණ පෙණුම ආරක්ෂා වෙයි. කෙනෙකු දෙස බැලූ විට වයසට වඩා මහලු පෙනුමක් ඇත්නම් එම තැනැත්තා නිසි ව්‍යායාමවලට හුරු වූවෙකු නොවන බව කිව යුතුමය. ව්‍යායාම මිනිස් සිරුර පමණක් නොව මනස හා අධ්‍යාත්මය සුවපත් කරයි. එය තරුණ පෙනුම රැක දීමට ඉවහල් වේ.
* ඔක්සිජන් හා ‍පෝෂ්‍ය පදාර්ථ සිරුර තුළ වඩාත් හොඳින් පරිවහනය වීමට ව්‍යායාම ප්‍රබල දායකත්වයක් සපයයි. ව්‍යායාම තුළින් සිරුර ශක්තිමත් වේ. එය කාර්යක්ෂම ජීවිතයකට ඉවහල් වේ.
* ව්‍යායාම නිතරම ඔබේ සිත සතුටින් තබයි. මදකට සිහි කර බලන්න නිතරම දුක කනස්සල්ල වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන අය ව්‍යායාම වලට යොමු නොවේ.
* ව්‍යායාම කරන අතරම පිහිනීම, ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ක්‍රීඩාවල යෙදෙන අය නිතරම සතුටින් පසුවේ. ඊට හේතු වන්නේ ශාරීරික ක්‍රියාකාරිත්වය යහපත් වන විට මොළයේ නිපදවෙන “එන්ඩොෆින්ස්” Endorphins නම් රසායනිකයයි.  මෙම රසායනිකය මගින් සිරුර ලිහිල් වේ. ඉන් ඔබේ සිත නිරතුරුවම සතුටින් තබයි.
ව්‍යායාම වලින් තොර ජීවිතය හඳුන්වන්නට අද භාවිත කරන්නේ නිහඬ මාරයා (Silent Killer) යන වචන දෙකයි.
ඔබත් මේ නිහඬ මාරයා සමග දවස ගත කරන අයෙක්ද ? පහත ඇති තොරතුරුවලට ඔබ තුළින්ම පිළිතුරු සපයා බලන්න.
* දවසේ වැඩි කාලයක් ඔබ රූපවාහිනිය නරඹන්නට වැය කරනවාද?
* ඔබ දහවල් කාලයේ (දහවල් කෑමෙන් පසු විශේෂයි) පැය දෙක තුනක් නිදා ගන්නවාද?
* පරිගණකය සමග ඔබ දවසේ වැඩි කාලයක් ගත කරනවාද?
* රාත්‍රී නින්ද වෙනුවෙන් ඔබට අවම වශයෙන් පැය 8-6ක් වෙන් කරන්න අපහසුද?
* අසුන්ගත් තැනින් නැගිට ගන්නට බැරි තරම් ඔබ රැකියා කටයුතු වල හිර වෙලාද?
* හිතට කිසිම සහනයක් නෑ සතුටක් නෑ මේ නිතර ඔබේ මුවෙන් පිටවන වචන කීපයක්ද?
* පයින් යන්න පුළුවන්කම තිබෙද්දිත් ඉතාම කෙටි දුරක් යන්නත් ඔබ කිසියම් හෝ වාහනයක් පාවිච්චි කරනවාද?
* ඔබ දවසේ වැඩිම කාලයක් පුටුවක ඉඳගෙන හෝ ඇඳක වැතිරී ගෙන ‍පොත් කියවන කෙනෙක්ද?
* මොන තරම් හදිසි ගමනක් වුණත් ඔබ ඒ ගමන යන්නේ ඇඟට දැනෙන්නේ නැති ඉබි ගමනකින්ද ?
* දවසේ ප්‍රධාන වේල් තුනට අමතරව තවත් හතර පස් වතාවක් ඔබට මොනාව හරි කෑමක් කටේ දමා ගැනීම පුරුද්දක් වෙලාද?
* ඔබ දවසින් වැඩිම කාලයක් ගෙවන්නේ අසල්වැසියන් සමග අල්ලාප සල්ලාප හෝ කතාබහ කරමින්ද?
* වළං සේදීම, ගේ දොර අස්පස් කිරීම, මිදුල අතු ගෑම, ඉහුම් පිහුම්වල නිරත වීම, රෙදි සේදීම ඔබේ ශරීරයට ප්‍රමාණවත් ව්‍යායාම බව ඔබ සිතනවාද?
* ස්ථුලභාවය නිසා ඔබ රූපලාවන්‍ය ආයතනවලින් ලැබෙන උපදෙස් අනුව ඖෂධ වර්ග (පෙති, කරල් හෝ දියර) භාවිත කරනවාද?
දැන් ඔබට ඉබේටම මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබි ඇති.
Herald of Health ඇසුරිනි
කීර්ති එස්. කුමාර
උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්
ඔබත් නිහඬ මාරයා සමග දවස ගෙවන අයෙක්ද? ඔබත් නිහඬ මාරයා සමග දවස ගෙවන අයෙක්ද? Reviewed by CHAA MEDIA on January 07, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.