කලාවට ආදරය නොකරන කෙනෙක් මේ මිහිපිට සෙවිය නොහැක. ඒ තරමටම සෑම
මනුෂ්‍යයෙක්ම කලාවට ආදරය කරමින් කලාව සමග බද්ධව සිටිති. කලාවට ආදරය කිරීමට
උස් , පහත්කම්, උගත්, නූගත්කම් බලපාන්නේද නැත. එවැනි වූ කලාවට හිතැති, කලාව
සමග බද්ධව සිටින කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දුන් අයුරුයි මේ.
කුඩා කාලයේ සිටම හීන මැව්වේ වෛද්‍යවරියක වීමටද?
වෛද්‍යවරියක් වෙනවා කියලා කවදාවත් හීන මවලා නැහැ. ඒ කාලයේ අද මෙන් තෝරා ගන්න විෂය ක්ෂේත්‍ර ගොඩක් තිබුණෙත් නෑ. එක්කෝ ගණිත විෂයන්, එහෙම නැත්නම් විද්‍යා විෂයන්. මම ඔය දෙකෙන් විද්‍යා විෂයන් තෝරා ගත්තා. කොහොම හරි පළමු සැරයෙන්ම වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවා. ඒ විදිහට තමයි වෛද්‍ය වෘත්තීය තෝරා ගත්තේ.
වෛද්‍ය වෘත්තීය තෝරා ගැනීම පිළිබඳව සතුටුයිද?
ඇත්තටම වෛද්‍ය වෘත්තීය තෝරා ගැනීම පිළිබඳව බොහොම සතුටුයි. රෝගියකු සුවපත් කිරීමට ලැබීම විශාල පුණ්‍යකර්මයක්. රෝගියකු සුවපත්වීමෙන් පසුව ලබන මානසික තෘප්තිය කොයිතරම්ද? එයම ඇති මගේ වෘත්තීය ගැන සතුටුවීමට. මා වෛද්‍යවරියක වීමට බෙහෙවින්ම බලපෑවේ මගේ පවුල වගේම මා ඉගෙනගත් පාසලයි. අපි පුංචිකාලෙ පදිංචිවෙලා හිටියේ කළුතර අගලවත්ත කියන සුන්දර ප්‍රදේශයේයි. කුඩා කාලයේ පාසල් ගියේ අගලවත්ත මිහිඳු විදුහලට. මගේ පවුලේ සහෝදරයන් දෙදෙනායි සහෝදරියයි. එක සොහොයුරෙක් හදිසියේ මියගිය සිදුවීමත් සමග අපි අගලවත්තෙන් කොළඹ පදිංචියට ආවා. ඉන් පසුව මීගමුව හරිශ්චන්ද්‍ර පාසලෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත්වෙලා කොළඹ දේවි බාලිකාවට ඇතුළත් වුණා. එතැන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ. 1976 උසස් පෙළ විභාගයට පෙනී සිටිනවිට මගේ වයස අවුරුදු දහසයයි. වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරියක ලෙස පත්වීම් ලබා එළියට එන්නේ වයස අවුරුදු විසි එකේදි.
ඔබ කොතරම් කාර්යබහුල වුවත් කලාව ප්‍රිය කරනවා..
මම කලාව ප්‍රිය කරන්නේ කුඩා කාලයේ සිටයි. අපි කුඩා කාලයේ දවස පටන් ගත්තෙත් අවසාන කළෙත් ගුවන් විදුලියෙන්. ගීත අහන ගමන් තමයි පාඩම් කළේ. මට මතකයි මගේ අයියා විදෙස්ගතව සිටියදී කැසට් රෙකෝඩරයක් එව්වා ගීත අහන්න. මම කරන්නෙ ගුවන් විදුලියේ විකාශය වන ගීත රෙකෝඩ්කර ගෙන රෑට පාඩම් කරද්දී එම ගීත නැවත අහනවා. එදා එහෙම ගීත රසවිඳපු නිසයි අපිට සාහිත්‍ය දැනුම සහ රසය දෙකම ලැබුණේ. ඒ වගේම හොඳ පරිකල්පන ශක්තියකුත් ලැබුණා.
ඔබතුමිය කැමැතිම ගීතය, ගායකයා සහ ගායිකාව කවුද?
විශාරද අමරදේවයන් ගායනාකරන හන්තානේ කඳු මුදුන සිසාරා ගීතයට කැමැතියි. විශේෂයෙන් කියන්න ඕනෑ එම ගීතයෙහි සංගීතය ඉතාම විශිෂ්ටයි. ඒ වගේම විශාරද නන්දා මාලිනිය ගායනාකරන ‘සුමුදු සුව දෙන සිහින යහනේ‘ ගීතයටත් කැමැතියි. විශාරද අමරදේවයන්, නන්දා මාලනිය, වික්ටර් රත්නායක වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ට එදා වගේම අදත් ප්‍රිය කරනවා. ඒ කාලයේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරයවන විට ලියාගෙන ගීත පොත් පවා හදාගත්තා. මට වයස අවුරුදු අටේදියි මහගම සේකරයන්ගෙ ගීත රස වින්දේ.
වඩාත් කැමැත්තෙන් කියවපු පොත සහ ලේඛකයා කවුරුද?
ගුණදාස අමරසේකරයන්ගෙ යළි උපන්නෙමි පොත කියවනකොට මගේ වයස අවුරුදු නවයයි. ඒ වගේම රුසියන් සාහිත්‍ය කියවන්න මම කවදත් ප්‍රිය කළා. ඒ වගේම චරිතාප්‍රදාන පොත් කියවීමටත් ළමයින් හුරුකළ යුතුයි.
සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය යන කලා මාධ්‍ය තුනෙන් වඩාත් කැමැතිම මාධ්‍යය කුමක්ද?
ගුවන්විදුලිය. මම එදත් ගුවන්විදුලියට ප්‍රිය කළා. අදත් මොනතරම් දියුණු මාධ්‍යයන් ආවත් ගුවන්විදුලියට ප්‍රිය කරනවා. හැම ගුවන්විදුලි නාළිකාවක්ම හොඳයි කියන්න බැහැ. මම කියන්නෙ වගකිව යුතු අයුරින් හොඳ භාෂා භාවිතාවක් පවත්වාගෙන යන ගුවන්විදුලි සේවා ගැනයි. ටෙලි නාට්‍ය ගැන කතාකරනවානම් මම බලන්නෙම නැති අනෙක් අයත් බලනවාට අකැමැතිම කලා මාධ්‍යයක් ලෙසයි මම දකින්නෙ.
අපි පුංචි කාලෙ නැරඹූ දඬුබස්නාමානය, පළිඟු මැණිකේ වැනි ටෙලිනාට්‍ය ඉතාම රසවත්. නමුත් අද දකින්න තියෙන ටෙලිනාට්‍යවල ඒ රසය නැහැ. මම ළඟට රෝගියෙක් ආවත් කියන්නෙ රූපවාහිනිය ඉදිරිපිට පැය ගණන් කාලය අපතේ නොහරින ලෙසයි. වේදිකා නාට්‍ය ගැන කතාකරනවා නම් ජනක් ප්‍රේමලාල්, සහ ජයලත් මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍ය බලන්න කැමැතියි. ඒ වගේම සුනිල් ආරියරත්නයන්ගේ සහ සෝමරත්න දිසානයකගේ චිත්‍රපට බලන්නත් කැමැතියි.
ස්වභාව ධර්මයාට ආදරය කරනවාද? සංචාරයට කැමැති ස්ථාන...
ලෝකෙ ගියත් ලංකාවේ තිබෙන සුන්දරත්වය දකින්න අමාරුයි. රිටිගල, අරන්කැලේ වැනි අප්‍රසිද්ධ ගල් ගුහා නැරඹීමට කැමැතියි. ඒ වගේම ත්‍රිකුණාමලය, නුවරඑළිය, අනුරාධපුරය, යාපනය සංචාරයට කැමැතියි.
තව කෙනකු කරනවට අකැමැතිම දෙය...
මිනිසුන් නිතරම සෘණවාදී ආකල්ප දරනවාට කැමැති නැහැ. එවැනි ආකල්පවල එල්බගෙන කතාකරන අයටවත් කැමැති නැහැ. ඇතැමුන් තමන්ට පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි දේවල් කරන්න ගිහින් ජීවිත අවුල්කර ගන්නවා. මට කියන්න තියෙන්නෙ අපි හැමදේම කරන්න ඕන අපිට පුළුවන් ප්‍රමාණයට . එසේ නොකළොත් අපේ ජීවිත අවුල් විය හැකියි. ඒ වගේම මිනිසුන් තමන් ගැන බොහොම අධිතක්සේරුවෙන්, මානයෙන් සිටිනවා. එවැනි අයහපත් ගුණාංග ජීවිතවලින් ඈත්කර සෑම අයකු සමගම සුහදශීලීව ජීවත්වීමත් හොඳ ගුණාංගයක්.
ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද?
නිසි කලට සියලු දේ කිරීමත්, බාධක කම්කටොලු මගින් ජීවිතය ශක්තිමත්කර ගැනීමට තව තවත් එය පන්නරයක් කරගැනීම. මම මගේ සහෝදර සහෝදරියන්ට වඩා බොහොම ළා බාලයි. ඒ අයගෙ ජීවිතවලට එල්ලවන දුක් කරදර සියල්ලටම මටත් මුහුණ දෙන්න සිදුවුවා. කුඩා වයසෙදිම ලබපු එම අත්දැකීම් මගේ ජීවිතය සාර්ථක කරගන්න පිටිවහලක් කර ගත්තා. ඒ වගේම වෛද්‍යවරියක් ලෙස වසර ගණනාවක් දුෂ්කර සේවයේ රාජකාරිකළේ දරු දෙදෙනා කුඩා අවධියේදි. එහෙත් ඒ සියලු දේට බොහෝ ඉවසීමෙන් සාර්ථකව මුහුණ දුන්නා.
සමාජයට දෙන පණිවිඩය මොකක්ද?
පළමුව කියන්න ඕන රටට ආදරය කරන්න. අපි හැම වෙලේම දේශානුරාගි වෙන්න ඕනෑ. මම හැම වෙලේම වෛද්‍ය සිසුන්ටත් කියන්නෙ අපි ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන් ඒ නිසා අපේ දැනුම විදෙස් රටවලට දෙන්න උත්සාහ කරන්න එපා කියලයි.
මුළු රටේම මිනිසුන් තමන්ගේ රටට සහ දේශපාලනයට චෝදනා නොකර තියෙන සම්පත්වලින් අපිට පුළුවන් වැඩ කරන්න. ඒ නිසයි මම හැම වෙලේම කියන්නෙ අඳුරට දොස් නොකියා එක පහනක් හෝ දල්වන්න කියන පැතුම. රටට ආදරය කරන දරුවන් හැදිය හැක්කේ අම්මලාට විතරමයි. අම්මා දරුවා කුසට ආදා සිටම දරුවන්ට ආදරය කරන්න, මිනිසුන්ට ගරු කරන්න කියල දෙන්න ඕනෑ.
උපුටා ගැනීම - සිළුමිණ වෙබ් පුවතින්

වයස අවුරුදු අටේදී මහගමසේකරයන්ගේ ගීත රස වින්දා - විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය
Reviewed by CHAA MEDIA
on
January 11, 2019
Rating:
No comments: