ලෝකය තුළ පවතින අපූරු පලතුරු වර්ග අතුරින් අයිස් ක‍්‍රීම් කෙසෙල් සදහා
ලැබෙනුයේ ඉමහත් ප‍්‍රතිචාරයකි. මෙම කෙසෙල් වර්ගය හදුන්වන විවිධ නම්
බොහෝමයකි. මෙය ඉන්දුනීසියාවේ දී ‘බ්ලූ ජාවා’ ලෙසත් ෆිජි ¥පත් හි දී
‘හවායියන් බනානා’ ලෙසත් පිලිපීනයේ දි ‘ක්රී’ ලෙසත් මධ්‍යම ඇමරිකාවේ දී
‘සෙන්සියෝ’ යන නාමයෙනුත් මෙය හදුන්වයි.
මෙම කෙසෙල් වර්ගය මිටර් 4.5ත් මීටර් 6ත් අතර උසට වැවෙයි. වෙනත් කෙසෙල් වර්ගයන්ට සාපේක්ෂව ඉතා ශක්තිමත් මූල පද්ධතියක් මෙම කෙසෙල් වර්ගයට පවතියි. එමෙන් ම එක් කෙසෙල් ඇවරියක ගෙඩි 7ත් 8ත් අතර පවතින අතර නොමේරූ අවදියේ දී නිල් පැහැයෙන් දිස්වෙයි. ඵල නෙලා ගන්නා සමයේ දී කහ පැහැයට හැරීම විශේෂ ය. කුඩා පැළයකින් කෙසෙල් ලබා ගැනීමට දින 115 ත් 150 ත් වකවානු තුළ පුලූවන.
උත්පලා ප‍්‍රබුද්ධිකා
උපුටා ගැනීම -ලක්බිම
අරුම පුදුම අයිස්ක්‍රීම් කෙසෙල්
Reviewed by CHAA MEDIA
on
January 18, 2019
Rating:
No comments: