Seo Services

ලෙඩ රැසක් බදාගන්න පැණි බීම

බොහෝ දෙනා සීනි වැඩිපුර යෙදූ ආහාර පාන ගැනීමට ප්‍රියතාවයක් දක්වතී. විශේෂයෙන් කුඩා දරුවන් සීනිවලට දක්වන්නේ වැඩි කැමැත්තකී. සීනි යනු කාබෝහයිඩ්‍රේටයකි. මෙයින් ශක්තිය පමණක් ලැබෙනා අතර වෙනත් පෝෂ්‍ය පදාර්ථයක් එහි අඩංගුව නැත. මේ නිසා බීම සහ සීනි අඩංගු ආහාරද ඇතුළුව දිනකට සීනි ග්‍රෑම් විසිපහකට සීමාකරන්න.
බොහෝදෙනා සීනි යෙදූ රසකාරක වීම පානය කිරීමට පුරැදුව සිටිති. සිසිල් බීම, කෘතීම පළතුරැ බීම, ක්‍රීඩා පානයන්, රසකළ කිරි හෝ යෝගට් පානය සීනි යොදන ලද තේ හෝ කෝපි වැඩිපුර එක්කරගැනීමෙන් ශරීරයට සීනි එක්වේ.
සීනි වැඩිපුර එක්කරගැනීමෙන් ඇතිවන අහිතකර බලපෑම් -
• තරබාරු වීම.
• දියවැඩියාව.
• හෘද රෝග ඇතිවීම.
• වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ.
• දත්වල ගැටලු ඇතිවීම.
• සම අවපැහැගැන්වීම.
• අස්ථිරෝග ඇතිවීම.
• පිළිකාමය අවස්ථාවලට මුහුණ දීම.
මීට අමතරව සීනි යොදා රසකළ ආහාරපානවල ඇති කැෆේන්, වර්ණක, ස්ට්‍රික් අම්මලය, ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍ය මෙන්ම කෘතීම පැණිරස කාරක හේතුවෙන්ද විවිධ අහිතකර බලපෑම් ඇතිවිය හැක.
ඒවානම් අධි රුධිර පීඩනය, හන්දි ආබාධ, ආහාර විෂවීම, හිසරදය, පරීවෘත්තිය ක්‍රියාදාමයේ ඇතිවන බලපෑම්, මහන්සිය, ක්ලාන්තය වැනි රෝග තත්ත්වයක් ඇතිවිය හැක.
මේ පානයක් වෙනුවට දිනපතාම ජලය පානය කරන්න දිනපතාම සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් එකහමාරක් දෙකක් අතර පානය කිරීමට පුරුදු වෙන්න. විශේෂයෙන්ම උදෑසන අවදි වූ විගසම, කෑමට පැයකට පෙරත් නින්ද යාමට පැය දෙකකටත් පෙර ජලය පානය කරන්න.
මෙලෙස ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීමෙන් බර වැඩිවීම පාලනය කෙරේ, මළබද්ධය නැතිවේ. ශරීරයේ ඇති විෂ ද්‍රව්‍යයන් ඉවත් කරයි. හන්දි අමාරුයි නැතිකර සම පැහැපත් වී ප්‍රබෝදමත් බවක් ඇතිකරයි. එපමණක්ම නොව දිනපතා නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් විඩාව දුරලයි.
මේ නිසා ඔබ කෘතීම රසකාරක යෙදූ ආහාරපාන ගෙන සීනි ශරීරයට එක් කර ගන්නා අයෙක් නම් ශරීරය ලෙඩ කරගැනීමට පළමුව ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔබ බීමට යම් පානයක් තෝරාගැනීමට පෙර එහි අඩංගු දෑ පිළිබඳව සැලකිලිමත්වීම අවශ්‍යය. අධික පිපාසයක් දැනුණු විට වෙළෙඳපොළෙන් කෘතීම පානයක් මිලදී ගන්නවා වෙනුවට වතුර වීදුරැවක් බීමට පුරැදුවීම යහපත්ය. නිතරම ඔබ ගමන්කරනා විට වතුර බෝතලයක් රුගෙන යන්න. නිවසේදී ද ඔබ පිසින ආහාරවලට සාදන තේ කෝපි ආදී පානයන්ට අඩු සීනි යෙදීමට පුරැදු වෙන්න. සෑමවිට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න. මීට අමතරව ව්‍යායාම් මඟින්ද ඔබේ සිරැරට ලැබෙන කැලරි ප්‍රමාණය වැයකරන්න.

උපුටා ගැනීම - http://www.deshaya.lk


ලෙඩ රැසක් බදාගන්න පැණි බීම ලෙඩ රැසක් බදාගන්න පැණි බීම Reviewed by CHAA MEDIA on December 15, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.