Seo Services

කට රැකගෙන ලෙඩ රෝගවලින් මිදෙන හැටි මෙන්න

සිරුරට නිසි පෝෂණයක් ලබාදීම නීරෝගී බව රුකගැනීමේ රහසයි. නිසි පෝෂණය ලබාගන්නට නම් ඔබ ගන්නා ආහාර තමන්ගේ සිරුරට ගැලපෙන ප්‍රමාණයට නිවැරැදි වේලාවට ගතයුතු බවයි වෛද්‍ය නිර්දේශය. ශාකමය ආහාර පමණක්ම ගැනීම මෙන්ම මාංශමය ආහාර සහ පිටි තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීමත් නීරෝගී පැවැත්මකට අවශ්‍ය පෝෂණය ලබාදීමට හේතු නොවේ. ඒ සඳහා විවිධත්වයෙන් යුතුව සකසාගත් ආහාර නිසි ප්‍රමාණවලින් ලබාගැනීම සිදුකළ යුතුයි.  ඔබේ දිනපතා ආහාරවේල් සඳහා ලබාගතයුතු නිර්දේශිත ආහාර කොටස් ප්‍රමාණයන් ගැනයි මේ ලිපිය. මේ අනුව ඔබේ දවසේ ආහාර පාලනය කරගැනීමෙන් ලෙඩරෝගවලින් මිදී සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගන්නට හැකිවේවී.
නිසි ආහාර “ප්‍රමාණයක්” යනු කුමක්ද?
සෑම ආහාර කාණ්ඩයකින්ම දිනපතා ඔබගේ ආහාර වේලෙහි කොපමණ ප්‍රමාණයක් අඩංගු කරගත යුතුදැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. ගන්නා ආහාර ප්‍රමාණය නිවසේ භාවිතා කරන විවිධ මිනුම් උපකරණ මගින් මැන ගැනීමට පුළුවනි.
උදා- බත් පීරිසි කෝපප 1ක් ආහාර ප්‍රමාණයන් 1කට සමාන ලෙස සැලකිය හැකියි. එසේම පාන්පෙති 1 (පාන් ගෙඩිය සමාන පෙති 9කට කැපූ විට) ආහාර ප්‍රමාණ 1කට සමානය. පිසිනලද මාළු ග්‍රෑම් 30ක් ආහාර ප්‍රමාණ 1කට සමානය.
• එක් එක් කාණ්ඩයට අයත් සහ ඒවායින් දිනකට ගතයුතු නිර්දේශිත ආහාර ප්‍රමාණයන් පිළිබඳ විස්තර මේ සමඟ ඇති 1 වැනි හා 2 වැනි සටහන් මගින් ඉදිරිපත් කර ඇත.
පළමුවැනි සටහන
එක් එක් ආහාර කාණ්ඩ සහ එයින් දිනපතා ගතයුතු ආහාර ප්‍රමාණයන්
සහල්, පාන්, අනෙකුත් ධාන්‍ය හා අල බතල 6-11, පළතුරැ 2-3, එළවළු 3-5, කිරි සහ කිරි නිෂ්පාදන 1-2, මාළු, මස්, බිත්තර, පියළි හා ඇට වර්ග 3-4, තෙල් බහුල ඇට හා බීජ වර්ග  2-4
දෙවැනි සටහන
ආහාර ප්‍රමාණයක් මැනගන්නේ මෙහෙමයි...
කෝප්ප 1 = මිලි ලීටර 200යේ පීරිසි කෝප්පයක් ලෙස මෙහිදී සැලකේ.
සහල් සහ පිටි සහිත ආහාර
බත් - පීරිසි කෝප්ප 1 (ග්‍රෑම් 130-140), පාන් - පෙති 1 (ග්‍රෑම් 50), එළවළු - එළවළු ව්‍යාංජන    මේස හැඳි 3 (ගෙඩි සහ කොළ එළවළු)    (පීරිසි කෝප්ප 1/2), එළවළු සලාද        පීරිසි කෝප්ප 1
පළතුරු
මධ්‍යම ප්‍රමාණයේ පළතුරු ගෙඩි 1 (කෙසෙල් ගෙඩි 1ක් හෝ දොඩම් ගෙඩි 1ක්) කපන ලද පළතුරු හෝ පළතුරු සලාදය පීරිසි කෝප්ප 1/2,  වියළි පළතුරු මේස හැඳි 2 (ග්‍රෑම් 20-30)
මාළු, බිත්තර, කුකුළු මස්, මස් වර්ග, කරවල, පියළි හා ඇට වර්ග
පිසින ලද මාළු හෝ කුකුළු මස් හෝ
වෙනත් මස් ග්‍රෑම් 30, පිසින ලද පියලි හා ඇට වර්ග මේස හැඳි 3, බිත්තර 1, කරවල ග්‍රෑම් 15
කිරි හා කිරි නිෂ්පාදන
කිරි පීරිසි කොප්ප 1 (මී. ලීටර් 200), යෝගට් හෝ මුදවපු කිරි පීරිසි කෝප්ප 1 (මී. ලීටර් 100),  කිරිපිටි ග්‍රෑම් 30 (මේස හැඳි 2) මේස හැඳි 1 (ග්‍රෑම් 15)
තෙල් බහුල ඇට හා බීජ වර්ග
පිසින ලද ආහාර, ව්‍යාංජනය රහිතව මනින ලද ලෙස සලකන්න.
විටමින් හා ඛනිජ ලවණවල කාර්ය භාරය
ඔබගේ දෛනික ක්‍රියාකාරිත්වයන් සඳහා අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ පරිපූරක (කෘත්‍රීම විටමින්, පෙති හා සිරප් වර්ග)වලින් ගැනීමට වඩා පෝෂණ ගුණයෙන් යුතු හොඳ ආහාර වේලකින් ලබාගැනීම සුදුසු බව සලකන්න. සෞඛ්‍යසම්පන්නව ජීවිත් වීමට අවශ්‍ය විශේෂ පෝෂණ කොටස් ස්වභාවික ආහාරවල මෙන් මෙවැනි විටමින් හා ඛනිජ ලවණ පරිපූරකවල අඩංගු නොවේ. එහෙත් වෛද්‍ය නිර්දේශය මත අවශ්‍ය විටකදී මෙම පරිපූරක විටමින් හා ඛනිජ ලවණ භාවිතා කිරීමට පුළුවන.
නිර්මාංශ ආහාර වේලක්
නිර්මාංශ ආහාර වේලක් නියමිත ආකාරයට සියලු පෝෂණ පදාර්ථවලින් අංගසම්පූර්ණ පිළියෙළ කරගත් විට එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වනු ඇත. නිර්මාංශ ආහාර ගන්නා අය අතර ප්‍රෝටීන, යකඩ, විටමින් බී 12, කැල්සියම් හා සින්ක් යන පෝෂ්‍ය පදාර්ථවල ඌණතාවයන් පැවතිය හැකි අතර, විවිධ වර්ගවලට අයත් ආහාර දිනපතා ගැනීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගතහැක. දිනපතා තම ආහාර වේලෙහි ධාන්‍ය, පියළි හා ඇටවර්ග හා තෙල් සහිත බීජ අඩංගු කර ගත යුතු අතර පළතුරු, එළවළු හා තදකොළ පැහැති පලා වර්ග දෛනිකව නිර්මාංශ ආහාර වේලෙහි අඩංගු වීමෙන් සියලු පෝෂකවල අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන. මීට අමතරව කිරි, කිරි නිෂ්පාදන හා බිත්තර ආහාරයට ගැනීම ශරීර වර්ධනයට හා අලුත්වැඩියාවට උපකාරී වන අතර, අස්ථි සහ දත් වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි.
- Health Nutrition
උපුටා ගැනීම - දේශය වෙබ් පුවතින්


කට රැකගෙන ලෙඩ රෝගවලින් මිදෙන හැටි මෙන්න කට රැකගෙන ලෙඩ රෝගවලින් මිදෙන හැටි මෙන්න Reviewed by CHAA MEDIA on December 21, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.